Top News

හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම අතර අත්සන් කිරීමට යෝජිත සහයෝගීතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.   මෙම ගිවිසුමට අනුව හම්බන්තොට වරාය, රාජ්‍ය-පෞද්ගලික කොටස් හිමිකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක වනු ලබන අතර රජයේ කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවේ. පෞද්ගලික කොටස් හිමිකාරීත්වය චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත පැවරෙනු…

(0)Comments | July 25, 2017 2:06 pm

බැඳුම්කර කොමිසමේ කාලය මාස 03 කින් දීර්ඝ කෙරේ

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කාලය මාස 03 කින් දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ති‍බේ. මේ අනුව මෙම කොමිසමේ වාර්තාව භාර දිය යුතු දිනය 2017 ජූලි 27 දින සිට 2017 ඔක්තෝබර් 27 දින දක්වා දීර්ඝ කර ඇති අතර මේ පිළිබඳ ගැසට් නිවේදනය අද…

(0)Comments | July 25, 2017 10:28 am

රේගු විභාගයක් 29 දා

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ III වන ශ්‍රේණියේ රේගු නියාමක තනතුරට ආධුනිකයින් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 විභාගය ලබන 29 වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 34කදී මෙම විභාගය පැවැත්වේ. විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් වෙත මේ වන විට…

(0)Comments | July 25, 2017 9:42 am

කොරියානු ව්‍යාපෘතියේ ප්‍රථම තැන සබරගමුවට

දකුණු කොරියානු රජය මගින් රටවල් දහසයක ක්‍රියාත්මක කළ සෙමාවුල් ව්‍යාපෘතිය අතුරින් සාර්ථකම ව්‍යාපෘතිය බවට සබරගමුව පළාත් ව්‍යාපෘතිය පත්ව ඇත. මේ බව හෙලිදරව් වූයේ පසුගියදා සබරගමුව පළාත් සභාවේ පැවති විශේෂ හමුවකදී ය. මෙම හමුව සඳහා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා සහ දකුණු කොරියානු සෙමාවුල් පදනමේ  ප්‍රධානීන් එක්ව සිටියහ. පිලිපීනය, ඉන්දුනිසියාව, දකුණු අප්‍රිකානු රටවල්, ඉතියෝපියාව ඇතුළු…

(0)Comments | July 25, 2017 9:41 am

HNB ගනුදෙනුකරුවන්ගේ තොරතුරු නිකුත් වීම පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි

හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු නිකුත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මූලික විමර්ශනයක් සිදුකළ අතර, දැනට ලැබී ඇති තොරතුරු අනුව ගනුදෙනුකරුවන් 4,630 කට අදාළ යම් බැංකු තොරතුරු අතපසුවීමකින් නිකුත් වී ඇති බව මහජනතාව වෙත දන්වා සිටී.   තවද, මෙම සිදුවීම හැටන් නැෂනල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අදාල තොරතුරු භාවිතය සහ කළමනාකරණය සම්බන්ධ අභ්‍යන්තර දුර්වලතා හේතුකොට…

(0)Comments | July 24, 2017 9:28 pm

ත්‍රිකුණාමල වරාය සංවර්ධනයට තුන් අවුරුදු සැලැස්මක්

ශ්‍රී  ලංකා ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ත්‍රිකුණාමල වරාය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා වසර තුනක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කර ඇති බව පසුගියදා ත්‍රිකුණාමල වරායේ සංචාරයක නිරත වූ වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කරයි. ත්‍රිකුණාමල වරායට අයත් විය යුතු හෙක්ටයාර 10,000 ක් පමණ වන ඉඩම් හඳුනාගෙන ගැසට් කිරීමටත් එම ඉඩම් වරායේ…

(0)Comments | July 24, 2017 4:28 pm

තානාපති පර්මිට් වාහන බද්ද 5% කින් පහළට

විදේශ දූත මණ්ඩලයන් හි සේවය කරන ශ්‍රී ලාංකික තානාපති නිලධාරියෙකු විසින් 2016.10.31 දිනැති අංක 210 (III) දරන චක්‍රලේඛය හෝ එයට කරන ලද සංශෝධනවලට අනුකූලව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද බලපත්‍රයක් උපයෝගී කරගෙන දේශීයව නිෂ්පාදනය කර මිල දී ගනු ලබන හෝ ආනයනය කරනු ලබන මෝටර් රථයක් සඳහා ගෙවිය යුතු නිෂ්පාදන බද්ද ගෙවිය යුතු බදු…

(0)Comments | July 24, 2017 2:28 pm

මංගලට උපදෙස් දෙන්න මහාචාර්ය සලි පැමිණෙයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙසින් මහාචාර්ය රසීන් සලි මහතා පත් කර තිබේ. මෙරට ප්‍රමුඛතම ආර්ථික බුද්ධි මණ්ඩපය වන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා ලෙසින් ද මහාචර්ය සලි කටයුතු කරනු ලබයි. මහාචාර්ය සලි, සිංගප්පූරුවේ Lee Kuan Yew School of Public Policy හි මහාචාර්යවරයෙකි

(0)Comments | July 24, 2017 11:47 am

පසුගිය දශකයේ ආර්ථික ආදර්ශය දැන් වෙනස් කළ යුතුයි – ඇමති මංගල

මෙරට පසුගිය දශකය තුළ අත්හදා බලන ලද ආර්ථික සංවර්ධන ආදර්ශය වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ, පසුගිය දා (19) කොළඹ පැවැති යුරෝපා වෙළෙඳ සංගමය හා ශ්‍රී ලංකාවේ යුරෝපා වාණිජ මණ්ඩලය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි. අමාත්‍යවරයා උත්සව සභාව අමතමින් පැවැත්වූ සම්පූර්ණ…

(0)Comments | July 24, 2017 11:02 am

Marriott සද්ද නැතුවම වැලිගමට එයි

ලොව ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන Marriott හි නවතම සුඛෝපභෝගී හෝටලය පසුගිය ජූලි 20 වැනිදා වැලිගම දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. ඒ Marriott Resort & Spa– Weligama Bay නමිනි. East West Properties Ltd හි අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd විසින් මෙම හෝටලයේ හිමිකාරීත්වය දරනු ලබන අතර හෝටලයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම කිසිදු…

(0)Comments | July 24, 2017 10:40 am