විදේශ රැකියා අමාත්‍යාංශය හා IM ජපන් ආයතනය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම අනුව ශ‍්‍රී ලාංකික කාන්තා ශ‍්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබේ. ඒ අනුව ජපන් භාෂා ප‍්‍රවීනතාව N4 මට්ටම සමත් හෝ හදාරා ඇති වයස අවුරුදු 18-30ත් අතර ලාංකික තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකිය. සාත්තු සේවිකා (Caregiver) වෘත්තිය සඳහා කාන්තාවන් 100ට අධික සංඛ්‍යාවක් සඳහා රැකියා අවස්ථා…
ශ්රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 ඔක්තෝම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 ඔක්තෝම්බර් මාසයේ…
ඉන්දියාවේ නවදිල්ලි නුවර පදනම් කර ගත් මූලාරම්භයක් (startup) වන Hriman Motors LLP සමාගම, ආසන දෙකේ ඉලෙක්ට්‍රික් කාර් රථයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක උපරිම ධාවනයක් ලබා ගැනීමට මෙම මෝටර් රථය සමත් බවයි. අධිවේගී චාජරයක් (fast DC Charger) භාවිතයෙන් මිනිත්තු 10 ක් තුළ…
පුත්තලම, ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු සඳහා වාර්ෂිකව ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.4ක් පමණ අවශ්‍ය වේ. එහි ජැටියට නැවෙන් ගොඩ බානු ලබන ගල් අඟුරු ගබඩා අංගණය වෙත ප්‍රවාහනය කිරීමේදී මෙන්ම ගබඩා කර තැබීමේදීද, දහනය කරන ලද ගල් අඟුරු අළු තාවකාලිකව ගබඩා කර තැබීමේදීද දූවිලි ජනනය වේ. මෙය ඒ අවට පදිංචිකරුවන්ට විශාල කරදරයක්ව තිබේ. ගල්…
ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදයේ පාර්ලිමේන්තු නියෝජිත මණ්ඩලය හා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතර සාකච්ඡාවක් පසුගියාදා පැවැත්විණි. මෙම අවස්ථාවට ජපාන ශ්‍රී ලංකා තානාපතිවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිතරයාද සහභාගි වූහ.
අද (10) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 22,500 ක වටිනාකමකින් යුතු බිල්පත් නිකුත් කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහි ඇති විශේෂත්වය වනුයේ පසුගිය වර පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට වඩා අඩු පොළී අනුපාතිකයන් යටතේ බිල්පත් නිකුත් කර තිබීමයි. මෙහිදී දින 91 කාණ්ඩයේ බිල්පත් නිකුත් කර…
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට සමගාමීව වර්තමාන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යාවත්කාලීන හා ක්‍රමවත් කිරීමට යෝජනා වී තිබේ. සුදුසුකම් ලත් විදේශීය ජාතිකයින්ගේ ඉල්ලීම මත, වර්තමානයේදී සංචාරක වීසා (Visit Visa), නේවාසික වීසා (Residence Visa), මාර්ගස්ථ වීසා (Transit Visa) යන වීසා වර්ග නිකුත් කරනු ලැබේ. වර්තමානයේ පවතින වීසා වර්ග…
රජයේ ආදායම ඉහළ නංවමින් හා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කිරීමෙන් රාජ්‍ය ණය ඒකරාශී වීම අඩු කිරීම මඟින්, 2020 වර්ෂය අවසානය වන විට, දළ දේශීය නිෂ්පාදිතයෙහි ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය අනුපාතය 70%ක් දක්වා පහත හෙළීමට රජය සැලසුම් කර තිබේ. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විසින් මේ සඳහා…
ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරුවලට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය – 2017 (2018) ලබන 13 වන දා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි. කොළඹ දිස්ත්‍රික්කයේ විභාග මධ්‍යස්ථාන 12 ක හා පිටපළාත්වල විභාග මධ්‍යස්ථාන 69 ක වශයෙන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 81 ක පැවැත්වීමට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Limited, සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු (09) දිනයේ දී ආරම්භ කරනු ලැබීය. පසුගිය වසරේ අගභාගයේ දී සිදුකරන ලද මූලික මහජන කොටස් නිකුතුව තුළින් රුපියල් බිලියන 1.2 ක මුදලක් සම්පාදනය කර ගැනීමට LVL Energy Fund Limited සමත්විය. අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු භූමියේ පැවති…
Video Story