Top News

ඩොලර් මිලියන 10 ක ඖෂධ නිෂ්පාදන කලාපයක් කලුතරට

මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඖෂධ නිෂ්පාදන කලාපයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් තැබීම ඊයේ (08) කොළඹ දී සිදුවිය. එම කර්මාන්ත කලාපය කළුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදි කෙරෙන අතර, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නිෂ්පාදනය කරන ඖෂධ මිලදී ගැනීමට නියමිතය. මැලේෂියානු සමාගමක් සහ B.P.C. හෙල්ත් කෙයා ආයතනය මෙම කර්මාන්ත කලාපය තුල ඖෂධ…

(0)Comments | January 9, 2018 2:03 pm

ශ්‍රී ලංකාවට සෘජු ගමන් අරඹන ඉන්දියාවේ විශාලතම ගුවන් සේවය – IndiGo

ඉන්දියාවේ විශාලතම හා වේගයෙන් වර්ධනය වන අඩු ගාස්තු වලින් යුත් ගුවන් සමාගමක් වන IndiGo ගුවන් සමාගම සිය මෙහෙයුම් ජාලය පුළුල් කරමින් ශක්තිමත් කිරීම සඳහා දරණ ප‍්‍රයත්නයේ ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ තම මෙහෙයුම් කටයුතු දියත් කිරීම ආරම්භ කරන ලදී. චෙන්නායි හා බැංගලෝරයේ සිට දෛනික සෘජු ගුවන් ගමන් සමගින් 2018 ජනවාරි 20 වැනි දින සිට කොළඹදී කි‍්‍රයාත්මක වන…

(0)Comments | January 9, 2018 1:00 pm

ඉතිහාසයේ පළමු වරට කොටස් වෙළෙඳපොළෙන් ත්‍රිත්ව ශතකයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් සහ අරමුදල් සංඛ්‍යාව අද (09) දිනයේ දී 300 ක් බවට පත්විය. මෙම සීමාව සාක්ෂාත් වූ ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසින් මෙය හැඳින්විය හැකිය. ඒ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන LVL Energy Fund Ltd හි ද්විතියික කොටස් ගනුදෙනු අද දිනයේ දී ආරම්භ වීමත් සමඟය. ඊයේ දිනය වන විට කොටස්…

(0)Comments | January 9, 2018 12:42 pm

රැකියා ඇබෑර්තු ලක්ෂ 5 ක් ඇති බව ජනලේඛනේ කියයි

රටේ විවිධ අංශයන්හි රැකියා ඇබෑර්තු 497,302ක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. මෙයින් මහන මැෂින් ක්‍රියාකරුවන් 77,189ක් සඳහාද ආරක්ෂක නියාමකයින් 57,008ක් සඳහාද ඇබෑර්තු පවතින බව එම දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2017 ශ්‍රම ඉල්ලුම පිළිබඳ සමීක්ෂණයේ දී හෙළි වී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.ජේ.සතරසිංහ මහතා පවසන්නේ එම සමීක්ෂණ වාර්තාව…

(0)Comments | January 9, 2018 12:03 pm

ඉන්දියානුවෝ වැඩිවෙද්දී චීනුන් අඩුවෙයි. ඉලක්කය වැරදුණත් ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම 2017 දී

2017 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 2,116,407 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශයට පත් කර සිටී. මෙය 2016 වර්ෂයේ වාර්තා  වූ 2,050,832 ක සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 3.2 ක ඉහළ යාමකි. කෙසේවෙතත් 2017 වසර ආරම්භයේ දී මිලියන 2.5 ක සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවට ඇස්තමේන්තු කළ ද අදාළ…

(0)Comments | January 8, 2018 3:53 pm

තේ තැරැව්කරුවන්ගේ හුවමාරුවෙන් කොටස් පිරිවැටුම ඉහළට

අද (08) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී රුපියල් බිලියන 1.736 ක දෛනික පිරිවැටුමක් වාර්තා විය. මේ සඳහා ප්‍රධාන වශයෙන් ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 8 ක කොටස් ගනුදෙනු දායක වී තිබේ. මේ අතර ඒකක 25.78 ක වර්ධනයක් සටහන් කරමින් දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,540.51 ක් ලෙසින් සටහන් විය. දිනය තුළ…

(0)Comments | January 8, 2018 3:19 pm

කොටස් වෙළෙඳපොළ 2018 මුල් සතියේ ප්‍රගතිය 2017 වාර්ෂික වර්ධනය ඉක්මවයි

2018 වසරේ මුල් සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 145.47 ක කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් පසුගිය 2017 වසර පුරාවටම කොටස් වෙළෙඳපොළේ වර්ධනය ඒකක 141 හෙවත් 2.26% ක් පමණක් වීම නිසාය. මේ අනුව 2018 වසරේ මුල් දින 4 තුළ දී පමණක් 2.28% ක…

(0)Comments | January 8, 2018 11:35 am

රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක්

රජයේ සාර්ථක මූල්‍ය කළමනාකරණය හේතුවෙන්  වසර 63කට පසු රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව රජයේ සාර්ථක ආදායම් වියදම් කළමනාකරණයේ ප්‍රතිඵලයක් ලෙස වසර 63කට පමණ පසුව අයවැයේ රාජ්‍ය මූල්‍ය ප්‍රාථමික ශේෂය රුපියල් බිලියන 21.9ක අතිරික්තයක් වාර්තා වී ඇත. නිදහස් ශ්‍රී ලංකාවේ පළමු වරට අයවැය අතිරික්තයක් පෙන්නුම් කළේ 1954…

(0)Comments | January 8, 2018 9:37 am

ඩොලරය ඉදිරියේ රුපියල දණ ගැස්සූ මහ මොළකරු ගෙදර යයි

අප්‍රිකාව, ආසියාව, නැගෙනහිර යුරෝපය හා ලතින් ඇමරිකාව ආදියෙහි නැගී එන නව වෙළෙඳපොළ හඳුනා ගනිමින් ඉහළ ආයෝජන ප්‍රතිලාභ අත්පත් කර ගැනීමේ ප්‍රමුඛයා වූ Franklin Templeton ආයෝජන අරමුදලේ ප්‍රධානියා වන මාර්ක් මෝබියස් 2018 ජනවාරි 31 දින සිට එම අරමුදලෙන් විශ්‍රාම ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. 1987 දී Franklin Templeton ආයෝජන අරමුදල හා එක් වූ ඔහු…

(0)Comments | January 8, 2018 12:24 am

පෙබරවාරියේ සිට වරිපනම්, බලපත්‍ර ගාස්තු ගෙදර සිටම ගෙවිය හැකි ක්‍රමවේදයක්

පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්…

(0)Comments | January 8, 2018 12:02 am