Top News

සෙරීන් පැවිලියන්ස් ලොකු පුටුව ලොකුහෙට්ටිට බෑ

වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් හෝටලයේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙසින් අනුර ලොකුහෙට්ටි මහතා කටයුතු කිරීම වලක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් අද නියෝගයක් නිකුත් කළේය. සෙරීන් පැවිලියන්ස් හෝටලයේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී අනුර ලොකුහෙට්ටි විසින් තමාව ධූරයෙන් පහකිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් පනවන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගිය 19 වනදා ප්‍රතික්ෂේප කළ අතර ගාමිණී…

(0)Comments | March 26, 2014 7:26 am

අමානා බැංකු ප්‍රධානියා ගෙදර යයි

අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායකවරයා ලෙසින් කටයුතු කරන ෆයිසාල් සාලි විශ්‍රාම යෑමට සූදානම් වනබව අනාවරණය වේ. මේ අනුව, ඔහු ලබන ජුනි 01 වනදා සිට එම තනතුරු වලින් සමුගන්නා අතර ඒ සඳහා සුදුස්සෙකු පත්කිරීමට නියමිතය.

(0)Comments | March 25, 2014 11:33 am

අපේ අපනයන ආදායම් කැපී පෙනෙන ලෙස ඉහළට

පසුගිය ජනවාරි මාසයේදී මෙරට අපනයන ආදායම් කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන තිබෙන අතර 2013 ජනවාරි මාසයට සාපේක්ෂව අපනයන ආදායම සියයට 23.2 කින් වර්ධනය වී එහි වටිනාකම ඩොලර් මිලියන 898 ක්වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් අනාවරණය වන්නේ මෙම අපනයන වර්ධනයට විශාල දායකත්වයක් ලැබී තිබෙන්නේ කර්මාන්ත අපනයනවල වර්ධනය බවයි. මේ…

(0)Comments | March 25, 2014 9:25 am

විදුලි කාර් චාර්ජ් කරන ස්ථාන රට පුරා පිහිටුවන ලකුණු

සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන මෝටර් රථ ප්‍රචලිත කිරීම සඳහා ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය විශේෂ තීන්දුවක් ගෙන තිබෙන අතර ඒ සඳහා සහයෝගය ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යංශයේ ප්‍රධානීන් සමග අද පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් වේ. මෙහිදී, ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටීමට සූදානම් වන්නේ මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල්…

(0)Comments | March 25, 2014 4:12 am

ඒකාබද්ධවීමට පෙර DFCC සහ NDB ගිවිසුමකට එයි

මෙරට බැංකු සහ මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ජාතික සංවර්ධන බැංකුව සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමට පෙර එයට අදාළව බැංකු දෙක විසින් අවබෝධතා ගිවිසුමකට පැමිණ තිබේ. මේ අනුව, ඩී.එෆ්.සී.සී බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල විසින් එළඹ තිබෙන මෙම අවබෝධතා ගිවිසුමෙන් බැංකු දෙක ඒකාබද්ධ කිරීමේදී තිබෙන අවස්ථාවන් සොයා බැලීම සඳහා එකඟ වී ඇත….

(0)Comments | March 25, 2014 4:11 am

කටාර් එයාර්වේස් සහ එටිහාඩ් මත්තලට එයිද ?

හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පියාසර කිරීමට තිබෙන හැකියාව සොයා බැලීමට කටාර් එයාර්වේස් සහ එටිහාඩ් ගුවන් සේවා විගණනයක් සිදුකර තිබෙන බව අනාවරණය වේ. මෙම ගුවන් සමාගම් දෙක විසින් පසුගියදා මෙම විගණන කටයුතු කළබව ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ප්‍රසන්න වික්‍රමසූරිය මහතා අප සමග සඳහන් කළේය. මේ අතර, මීට පෙර අප විසින් හෙළිකළේ අබුඩාබියේ…

(0)Comments | March 24, 2014 8:31 am

ඉල්ලුම අඩුවීම නිසා අපේ තේ මිල වැටෙන ලකුණු

ලෝක වෙළඳ පොළේ මේ දිනවල තේ සඳහා තිබෙන ඉල්ලුම අඩුවීම නිසා මෙරට උඩරට හා පහත රට තේ සඳහා තිබෙන ඉල්ලුමද අඩුවී තිබෙන බවත් එය තේ මිල පහළ යාමට හේතුවනු ඇති බවත් අනාවරණය වේ. අප සමග අදහස් දක්වමින් ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ සභාපති අනිල් කුක් මහතා පැවසුවේ මේ ආකාරයෙන් තේ මිල ගණන් අඩු වුවත් තවමත්…

(0)Comments | March 24, 2014 8:30 am

චීන නිෂ්පාදනය පසුබාද්දී ඛනිජ තෙල් මිල පහළට

ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා ලෙසින් වැජඹෙන චීනයේ නිෂ්පාදන කටයුතු මාර්තු මාසයේදී පසුබෑම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවී තිබේ. මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  ආසියානු වෙළඳ පොළේ සඳුදා දිනයේදී බොරතෙල් මිල ඩොලර් ශත 19 කින් පමණ පහළ වැටුණු බවයි. මෙම පහළ වැටීමෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.74 ක්වී තිබෙන…

(0)Comments | March 24, 2014 5:29 am

මහතීර්ගේ පවුලේ සමාගමකින් බේරුවල මුහුදේ දැවැන්ත ව්‍යාපෘතියක්

මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ පවුලට සම්බන්ධ සමාගමක් විසින් බේරුවල වරායේ කොටසක සංචාරකයින් රැගත් යාත්‍රා සඳහා පහසුකම් සැපයීමට හෝටලයක් ඇතුළු පහසුකම් සහිත චාරිකා යාත්‍රා අංගනයක් (marina) ඉදිකිරීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ආයෝජන යෝජනාව මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමුකර තිබෙන…

(0)Comments | March 24, 2014 1:16 am

Visa සහ MasterCard රුසියාවට සම්බාධක පනවයි

ක්‍රිමියා අර්බුදය මූලික කරගනිමින් ඇමරිකානු මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියානු බැංකු කිහිපයක් සමග කරන ගනුදෙනු අත්හිටුවමින් එරටට ආර්ථික සම්බාධක පනවා තිබෙන බව වාර්තා වේ. මේ බව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය සඳහන් කරන්නේ මාස්ටර් කාඩ් හා වීසා කාඩ් විසින් රුසියානු බැංකු වන Bank Rossiya, Sobinbank, InvestKapitalBank සහ SMP Bank යන බැංකු සමග සිදුකරන…

(0)Comments | March 23, 2014 3:04 pm