Top News

ප්‍රංශයෙන් යුරෝ මිලියන 13.9 ක සහනදායී ණයක්

ශ්‍රී ලංකාවේ කුඩා ප්‍රමාණයේ කිරි සැකසීමේ මධ්‍යස්ථාන 6 ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13.9 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514 ක්) සහනදායී ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබාදීමට ප්‍රංශ  රජය එකඟතාවය පළකර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. යෝජිත ව්‍යාපෘතිය මඟින් දිනකට පැස්ටරීකරණය සහ ජීවානුකරණය කරන ලද කිරී ලීටර් 4,500ක් පමණ…

(0)Comments | December 29, 2017 11:00 am

අපනයන මත්ස්‍ය ප්‍රමාණයේ කැපී පෙනෙන වෙනසක්

යුරෝපා සංගමයේ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු 2017  නොවැම්බර් මස  අග වන විට ශ්‍රී ලංකාව මත්ස්‍ය අපනයනයේ සියයට 45.9ක කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මේ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍යාංශයේ දී පැවැත්විනි. ඒ අනුව 2017 ජනවාරි මස සිට සැප්තැම්බර්…

(0)Comments | December 29, 2017 10:56 am

පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. 2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව…

(0)Comments | December 28, 2017 5:04 pm

රුපියල ශක්තිමත් කරන්න IMF හා හම්බන්තොට වරාය සහාය වෙයි

2017 දෙසැම්බර් මස දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීර්ණ ණය පහසුකමෙහි සිව්වන වාරිකය ලැබීම සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු පැවරීම වෙනුවෙන් ලද ලැබීම් ගෙවුම් තුලනය තවදුරටත් ශක්තිමත් කිරීමට උපකාරී වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2017 වසරේ 08 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත්කරමින් මහබැංකුව මේ බව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද (28) පැවති…

(0)Comments | December 28, 2017 3:33 pm

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. 2017 වසරේ සිව්වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ප්‍රකාශයට පත් කරමින් අද උදෑසන මහ බැංකුව මේ බව කියා සිටියේය. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් සියයට 7.25 සහ සියයට 8.75…

(0)Comments | December 28, 2017 10:20 am

2018 ජනවාරි 01 සිට මත්පැන් බලපත්‍ර ගාස්තු අඩුවෙන හැටි

සුරා බදු ආඥාපනත යටතේ සිදුකරනු ලබන වාර්ෂික මත්පැන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කරනු ලබන බව 2017 දෙසැම්බර් 11 දින අංක 2049/4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනය කර සිටී. මෙම නව සංශෝධනයන්ට අනුව ස්කාගාර බලපත්‍ර, නිෂ්පාදකයින්ගේ තොග වෙළෙඳ අරක්කු/ බියර්/ විදේශීය මත්පැන් බෙදාහැරීමේ බලපත්‍ර, රා බෝතල්ගත කිරීමේ බලපත්‍ර, විනාකිරි…

(0)Comments | December 28, 2017 7:38 am

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න රනිල් සමඟ සෘජුව සම්බන්ධ වෙන්නේ මෙහෙමයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සෘජුව සම්බන්ධ වී, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාවක් දැන් උදා වී තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුම හරහා සම්බන්ධ වීමෙනි. ‘රනිල් සමඟ සම්බන්ධ වන්න මෙහි ක්ලික් කරන්න‘ යනුවෙන් ඡායාරූපයක් එහි දිස්වන අතර එය ක්ලික් කිරීමෙන් පරිශීලකයාගේ තොරතුරු ඇතුළත් කිරීමේ පිටුවක් විවෘත වේ. එහි අදාළ තොරතුරු පිරවීමෙන් අනතුරුව…

(0)Comments | December 28, 2017 7:37 am

ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වීම ඇමති දන්නේ නැහැ

ශ්‍රීලංකන් ගුවන් සේවයට අදාළව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් එහි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව පසුගිය දා ප්‍රකාශ වී තිබිණි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය භාර අමාත්‍යවරයා වන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගෙන් අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ…

(0)Comments | December 27, 2017 2:21 pm

ඉතිරි කිරීමේ බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 සැප්තැම්බර් මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 සැප්තැම්බර් මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | December 27, 2017 11:06 am

නාඩුවලට උපරිම මිලක්. වැඩියෙන් වික්කොත් නඩු

දේශීය සහ ආනයනික නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිල කී නියම කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. මේ පිළිබඳ ගැසට් පත්‍රය ඊයේ දිනයේ දී ප්‍රකාශයට පත් කෙරුණු අතර ඒ අනුන නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1 ක උපරිම සිල්ලර මිල රු. 74/- ක් බවට ප්‍රකාශයට පත් කර ඇත. ගැසට් පත්‍රයේ සඳහන් උපරිම සිල්ලර මිලට…

(0)Comments | December 27, 2017 9:51 am