2017 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 4 ට වඩා අඩු බවත් එය 2018 වසරේ දී සියයට 5 ත් 5.5 ත් අතර ප්‍රමාණයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අධිපති වරයා මේ බව පැවසුවේ අද (03) දින පැවති ‘පෙර දැක්ම 2018‘ උත්සව අවස්ථාවට එක්වෙමිනි. 2018 සහ ඉදිරිය…
ශ්‍රී ලංකාවේ දැනට පවතින විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ මුළු වත්කම් ප්‍රමාණය 2017 වසරේ දී රුපියල් ට්‍රිලියන 2 ක (රු. 2,000,000,000,000.00) අගය ඉක්මවා ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (03) දින පැවති ‘පෙර දැක්ම 2018‘ උත්සව අවස්ථාවට එක්වෙමින් අධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙය වැදගත් සන්ධිස්ථානයක් බවත්, ගෙවී…
බේරේ වැව ජල තීරය ආශ්‍රිත ප්‍රදේශ මහජනතාවට විවෘත කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ බේරේ වැව හා ඩී.ආර්.විජේවර්ධන මාවත අතර පිහිටා ඇති ඉඩම් සංවර්ධන කාර්යයන් සඳහා යොදා ගැනීමට නියමිතය. සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ස.තො.ස.) විසින් වර්තමානයේ භුක්ති විඳිනු ලබන මෙම ඉඩම් බේරේ වැව ආශ්‍රිත සංවර්ධන සැලැස්මට…
2017 අංක 30 දරන විසර්ජන පනතට අනුව 2018 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත උපරිම රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව රුපියල් බිලියන 1,893ක් වේ. මෙයින් රුපියල් බිලියන 1,150ක් ණය ආපසු ගෙවීම සඳහා ද, රුපියල් බිලියන 743ක් සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් වියදම් සඳහා ද භාවිත කිරීමට නියමිතය. මෙම රුපියල් බිලියන 1,893ක ණය ප්‍රමාණයෙන් රුපියල් බිලියන 1,313ක් දේශීය ණය මූලාශ්‍රවලින්ද, රුපියල්…
ETI ෆිනෑන්ස් ලිමිටඩ් හා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පීඑල්සී යන ආයතවනල පවතින අසතුටුදායක මූල්‍ය කාර්යසාධන මට්ටම දීර්ඝ වශයෙන් සලකා බලා, එම ආයතන දෙකෙහි තැන්පත්කරුවන්ගේ හා අනෙකුත් ණයහිමියන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් මූල්‍ය පද්ධතියේ සුරක්ෂිතතාය හා ශක්තිමත්භාවය තහවුරු කර ගැනීම සඳහාත් කෙටිකාලීන පියවර කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව තිබේ. මේ සම්බන්ධයෙන් අද (02) පැවති…
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල වෙනසක් සිදුව ඇති බව නිවේදනය කර සිටී. මේ අනුව සමාගමේ විධායක අධ්‍යක්ෂවරුන් වූ අජිත් ගුණවර්ධන හා රොනී පීරිස් 2017 දෙසැම්බර් 31 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරුවලින් හා සමූහයේ අනුබද්ධ සමාගම්වල ඔවුන් දැරූ ධුරවලින් විශ්‍රාම ගොස් ඇත. මේ අතර ජෝන් කීල්ස්…
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් තවත් නියාමනයක් 2018 ජනවාරි 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය. මේ බව 2018 අයවැය කතාවේ තාක්ෂණික සටහන් යටතේ විස්තර කර ඇත. පහත දැක්වෙන්නේ අදාළ අයවැය යෝජනාවයි.
2017 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය සියයට 2.26 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. 2016 වසරේ දී සියයට 9 ක් ඉක්මවූ කඩා වැටීමකින් පසු, යළිත් වරක් කොටස් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවක් මේ වන විට පෙනෙන්නට තිබේ. මීට අමතරව මෙතෙක් ඉතිහාසයේ තනි වසරක් තුළ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වූ ඉහළම…
සිතා මතා විකෘති කරන ලද, හානි කරන ලද හා වෙනස් කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතින් හුවමාරු කරගැනීමට දී තිබූ කාලසීමාව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් මහජනතාව මුහුණ දෙමින් සිටින අපහසුතාවයන් මෙන්ම අති විශාල මහජන ඉල්ලීම් ප්‍රමාණය සැලකිල්ලට ගනිමින්,…
ඇමෙරිකා එක්සත් ජනපදයේ පොදු වරණීය ක්‍රම (ජීඑස්පී) වැඩසටහන යටතේ, නම් කරනු ලැබූ ප්‍රතිලාභී රටවල් සහ භූමි ප්‍රදේශ 120 කට තීරු බදු රහිතව එරටට භාණ්ඩ අපනයනය කිරීමේ අවස්ථාව හිමිවේ. සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් 1974 වෙළෙඳ පනත මගින් මෙම වැඩසටහන බලාත්මක කරනු ලැබූ අතර 1976 ජනවාරි 01 වැනිදා සිට එය ක්‍රියාත්මකවීම ඇරඹිණි….
Video Story