Top News

අලුත් පාස්පෝට් මුද්‍රණයට සල්ලි අච්චු ගහන සමාගම තෝරා ගනී

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත නව විදේශ ගමන් බල පත්‍රයක් සකස් කිරීම සඳහා දැන් කටයුතු කරගෙන යන බවත් ඒ අනුව ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත මෙම ගුවන් ගමන් බල පත්‍රය 2018 වසරේ අගභාගය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා පවසයි. නව ගුවන් ගමන්…

(0)Comments | December 21, 2017 1:38 pm

MAGA ට රුපියල් මිලියන 4,507ක කොන්ත්‍රාත්තුවක්

පිටකොටුව ප්‍රදේශයේ මැනිං වෙළඳපොළ පිහිටි භූමි ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කිරීමට නියමිත බැවින්, එම වෙළඳපොළ පෑලියගොඩ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කර ගෙන යනු ලැබේ. මේ සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ අදාළ භූමිය සංවර්ධනය කිරීමේ හා එහි ටැඹ අත්තිවාරම ඉදි කිරීමේ කාර්යයන් මේ වන විට අවසන් වීමට ආසන්නව තිබේ. ඒ අනුව, එහි ඊළඟ අදියර ලෙස සැලසුම් කරනු…

(0)Comments | December 21, 2017 1:20 pm

31,000 කට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය

විදේශ රටවල පුරවැසිභාවය ලබාසිටින ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා විශාල වශයෙන් ඉදිරිපත්වන බවත් 2015 මාර්තු මාසයේ සිට මේ දක්වා 31,000කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා පවසයි. මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා ළමයින් සඳහා එක් අයෙකුට…

(0)Comments | December 21, 2017 10:51 am

කුඩා පරිමාණයේ සූර්ය විදුලි බලාගාර පිහිටුවීමට යෝජනා කැඳවයි

‘සූර්ය බල සංග්‍රාමය’ වැඩසටහන යටතේ දිවයින පුරා සූර්ය විදුලි බලාගාර පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති අතර, එම විදුලිය ජාතික විදුලි බල පද්ධතියට ගැනීම සඳහා සුදුසු ග්‍රිඩ් උපපොළවල් හඳුනා‍ ගනු ලැබ තිබේ. මෙම වැඩසටහනේ අදියර 02 යටතේ, ග්‍රිඩ් උපපොළ 20ක් සඳහා විදුලිය මිල දී ගැනීමේ පදනම මත, මෙගා වොට් එකක ධාරිතාව සහිත කුඩා පරිමාණයේ සූර්ය විදුලි…

(0)Comments | December 20, 2017 3:55 pm

ජාත්‍යන්තර මූල්‍ය නගරයේ කටයුතු ඇමරිකාවට පවරයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ මුහුදු පතුල ගොඩ කිරීමේ කටයුතුවලින් 50%ක් පමණ මේ වන විට අවසන් වී ඇති අතර, එහි කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීම 2018 වර්ෂයේ අගභාගයේදී සිදු කිරීමට නියමිතය. මෙම කටයුතු සඳහා අවශ්‍ය අභ්‍යන්තර යටිතල පහසුකම් ඉදි කිරීමේ සැලසුම් සකස් කරනු ලැබ ඇති අතර, එහි පාරිසරික බලපෑම් ඇගයීම මේ වන විට…

(0)Comments | December 20, 2017 2:50 pm

රුසියාව පනවා ඇති තේ තහනම නිරාකරණයට පියවර ගන්නවා – ගැටළුව සාකච්ඡා කරනවා

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් තාවකාලිකව පනවා ඇති තහනම ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත් ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා සිදු කරන බවත් ගැටළුවට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ් කළේ, අද (20) කොළඹ,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට…

(0)Comments | December 20, 2017 2:47 pm

සංචාරක ප්‍රවර්ධනයට ඩිජිටල් ප්‍රචාරක නියෝජිත ආයතනවලින් ලංසු කැඳවයි

එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය යන රටවල්වල ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. මෙය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු නියෝජිතායතනයක් තෝරාගැනීමේ කාර්යය විවිධ හේතු නිසා ප්‍රමා‍ද වී ඇති අතර, එය කඩිනම් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ….

(0)Comments | December 20, 2017 2:13 pm

රාජ්‍ය ව්‍යවසායයන්හි කාර්ය සාධන වර්ධනයට ත්‍රෛපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්

රජයට බරක් වී ජනතාවගේ බදු මුදලින් සේවකයන්හට වැටුප් ගෙවා නඩත්තු කරමින් පවත්නා ඇතැම් රාජ්‍ය ආයතන ඇතුළුව රාජ්‍ය ව්‍යවසායයන් හි කාර්ය සාධනය නංවාලීම පිණිස අදාළ ආයතන සහ ඒවා අයත් රේඛීය අමාත්‍යාංශ සමග මහා භාණ්ඩාගාරය විසින් ත්‍රෛපාර්ශ්වික අවබෝධතා අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමට නියමිතව ඇත. තරගකාරීත්වය සමග කාර්ය සාධනය වැඩි කරමින් පාරිභෝගික ජනතාවට සපයනු ලබන සේවාවන් ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව…

(0)Comments | December 20, 2017 11:00 am

රාජ්‍ය වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීමට පියවර

නව තාක්ෂණය හා භෝග වර්ග හඳුන්වා දීම, ඉඩම් සහ ස්වාභාවික සම්පත් ප්‍රශස්ත ලෙස උපයෝජනය කිරීම, පෞද්ගලික ආයෝජන වෙත යොමු වීම, ආයතනික සංවර්ධනය සහ වැවිලි ක්ෂේත්‍රයේ රැකියාවල නිරත වන ප්‍රජාව මුහුණ දෙන දුෂ්කරතා සඳහා විසඳුම් ලබා දීම ආදී ක්‍රියාමාර්ග තුළින් රාජ්‍ය වැවිලි වැවිලි සමාගම්වල කාර්යසාධනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව, රාජ්‍ය…

(0)Comments | December 19, 2017 4:12 pm

බෙහෙත් මිල වැඩි වුණේ ලෝක වෙළෙඳපොළේ මිල වැඩි වූ නිසයි – ඇමති කියයි

ඩොලරයට සාපේක්ෂව ලෝක වෙළෙදපොල තුළ ඖෂධ මිල ඉහළයාම හේතුවෙන් ඖෂධ ආනයනකරුවන් පාඩු ලැබීම තුළ සියයට 5 කින් ඖෂධ මිල වැඩි කිරිමට සිදු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඖෂධ ආනයනකරුවන්ගේ සහ ඖෂධ ආනයනකරුවන්ගේ වාණිජ මණ්ඩලය කළ ඉල්ලීමක් මත ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිදු කළ අධ්‍යනයකින් පසු සියයට 05…

(0)Comments | December 19, 2017 4:11 pm