Top News

ලංකාවට චීන්නු පැමිණීම අඛණ්ඩව ඉහළට

දැවැන්ත සංචාරක වෙළඳ පොළක් තිබෙන චීනයෙන් වැඩිපුර සංචාරකයින් ගෙන්වා ගැනීමේ ලංකාවේ උත්සාහය දිනෙන් දිනම සාර්ථක වෙමින් මෙවරද චීනයෙන් මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබීම කැපී පෙනේ. රජයේ නිළ දත්ත වලට අනුව 2013 වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව ගෙවුණු පෙබරවාරි මාසයේදී මෙරටට චීනය සහ හොංකොං වලින් පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 63.9 කින් වර්ධනය වී…

(0)Comments | March 14, 2014 3:29 am

අද කොටස් පොළේ රැළි මෙන්න

අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු ඒකක 19.58 කින් පහළ ගොස් සමස්ත මිල දර්ශකය ඒකක 5,913.94 ක්වූ අතර එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 14.16 කින් පහළ ගොස් ඒකක 3,222.13 ක් විය. කොටස් මිලියන 27.4 ක් ගනුදෙනු වූ අතර පිරිවැටුම රුපියල් මිලියන 336.4 කි. පිට පිටම හත්වන දිනයටත් අද කොළඹ කොටස් වෙළඳ පොළේ…

(0)Comments | March 13, 2014 11:24 am

දිවි නසා ගැනීම් හමුවේ සිසුන්ට හා දෙමව්පියන්ට කඩිනම් Facebook පුහුණුවක්

සුප්‍රසිද්ධ ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියද ඇඳුණු ගෙල වැලලා ගැනීම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වීමෙන් පසුව ෆේස්බුක්, ට්විටර් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ආරක්ෂාකාරීව හා සදාචාරාත්මකව භාවිතා කිරීම පිළිබඳව සිසුන් හා දෙමව්පියන් දැනුවත් කිරීමට රජය සූදානම් වේ. මේ අනුව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය හෙවත් සර්ට් ආයතනය (Computer Emergency Readiness Team) සමග එක්ව සන්නිවේදන සහ…

(0)Comments | March 13, 2014 8:32 am

රුපියල බසී

අද උදෑසන මුදල් වෙළඳ පොළේ ගනුදෙනු වලදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය විය. මේ අනුව, මුදල් වෙළඳුන් පවසන්නේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල 130.75 ක් සහ මිලදී ගැනීමේ මිල 130.65 ක්වී තිබෙන බවයි. මෙයට හේතුව වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමයි

(0)Comments | March 13, 2014 5:26 am

හයවන දිනයටත් විදේශීය ආයෝජකයින්ගේ උනන්දුව

අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගියත් පිට පිටම හයවන දිනයටත් විදේශීය ආයෝජකයින් වැඩිපුර කොටස් විකුණනවාට වඩා මිලදී ගනු දකින්නට ලැබුණි. මේ අනුව, අද දිනයේදී විදේශීය ශුද්ධ මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 95 ක් විය. මෙහිදී, විදේශීය ආයෝජකයින් රුපියල් මිලියන 258 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 163 ක් වටිනා කොටස් විකුණා…

(0)Comments | March 12, 2014 11:03 am

බිල්පත් පොලී පහළට

මේ සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගොස් තිබේ. මේ අනුව, මාස තුනකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය පදනම් අංක 02 කින් පහළ ගොස් සියයට 6.69 ක්වී තිබෙන අතර මාස හයකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගොස් සියයට 6.85 ක්වී ඇත. මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අවුරුද්දකින්…

(0)Comments | March 12, 2014 9:03 am

මනිපාල් හා රැෆල්ස් විශ්ව විද්‍යාල ශාඛාත් ලංකාවට

රටවල් 54 ක ක්‍රියාත්මක සිසුන් 26,000 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් සහ සිංගප්පූරුවේ රැෆල්ස් විශ්ව විද්‍යාලයේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පැවසුවේ මෙම විශ්ව විද්‍යාලවල බලධාරීන් විසින් මේ පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමග…

(0)Comments | March 12, 2014 4:50 am

පරීක්ෂණ සාර්ථකයි. උතුරු-නැගෙනහිර රබර් වලින් වැසෙන ලකුණු

රබර් වගා කිරීම සඳහා පස, දේශගුණය සහ අනිකුත් සාධක ගැලපෙන උතුරු-නැගෙනහිර ප්‍රදේශ කිහිපයක් යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණය සාර්ථක වූ බවත් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව, මහඔය සහ උහන ප්‍රදේශ වලත් උතුරු පළාතේ මාමඩුව හා මඩුකන්ද ප්‍රදේශ වලත් වාණිජ බෝගයක් ලෙස රබර් වගාකිරීම ඇරඹූ බව රබර් පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා කියයි. රබර් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණී සෙනෙවිරත්න අප…

(0)Comments | March 12, 2014 4:40 am

ශ්‍රී ලංකා ටෙලිකොම්, විශ්ව විද්‍යාලයක් ඉදිකිරීමට යයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පුද්ගලික විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට සූදානම් වනබව අනාවරණය වේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ මේ සඳහා සමාගම විසින් අනුමැතිය ඉල්ලා තිබෙන බවත් මෙම විශ්ව විද්‍යාලය කොළඹ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවයි. මෙම විශ්ව විද්‍යාලයේ විදුලි සංදේශ අංශයට අදාළ උපාධි පාඨමාලා පැවැත්වීමට…

(0)Comments | March 12, 2014 4:35 am

විනිමය කොමිසම, ටච්වුඩ් කොටස් ගනුදෙනුවීම අත්හිටුවයි

සමාගම විසින් අභ්‍යන්තර මූල්‍ය වාර්තා කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කරන තුරු අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් රුක් රෝපණ සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කිරීම අත්හිටුවීමට සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් තීරණය කර තිබේ. මේ අනුව, ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ කොටස් ගනුදෙනු කිරීම වහාම අත්හිටුවන ලෙස විනිමය කොමිසම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්…

(0)Comments | March 11, 2014 6:22 pm