Top News

කිලෝමීටර 400 ක් යා හැකි අලුත්ම නිසාන් ලීෆ් කාරය ලක්ෂ 70 ක් වෙනවා

2018 අයවැය සඳහා වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනාවලින් 75% ක් පමණ රජය ඉටු කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 ව්‍යාපාරික කතාබහ හා එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඒකක බදු හරහා වාහන සඳහා බදු අයකිරීම සරල ක්‍රමවේදයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය….

(0)Comments | December 5, 2017 1:38 pm

මූලික ගෙවීමකින් තොරව LED බල්බ කෝටියක් ලබා දීමේ වැඩපිළිවෙලක්

ඉදිරිකාලයේ LED බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරනු ලබන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටී. අද (05) දින විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

(0)Comments | December 5, 2017 1:20 pm

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් – ලෝකයේ අනාගතය සූර්ය බලයයි

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ලෝකයේ අනාගතය සූර්ය බලය බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය. මෙය සතුටුදායක අයවැයක්. අයවැය සමඟ සුබ ආරංචියක් ලැබෙනවා….

(0)Comments | December 5, 2017 12:25 pm

රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයි

2015 වසරෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන දැවැන්තම කොටස් නිකුතුව ප‍්‍රමුඛතම බලශක්ති සමාගමක් සහ Lanka Ventures හි අනුබද්ධිත සමාගමක් වන LVL Energy Fund Limited විසින් රුපියල් බිලියන 1.2ක වටිනා මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) පසුගියදා ප‍්‍රකාශයට පත්කරන ලදී. මෙම මූලික කොටස් නිකුතුවේ ප‍්‍රධාන අරමුණ ලෙස සමාගම පෙන්වා දෙන්නේ, තිරසර බලශක්ති ක්ෂේත‍්‍රය…

(0)Comments | December 5, 2017 10:43 am

විදුලි බල, ධීවර සහ ඛනිජ තෙල් වැයශීර්ෂ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

(0)Comments | December 5, 2017 9:14 am

පීපල්ස් ලීසිං බංග්ලාදේශයේ මූල්‍ය සමාගමක බලය අල්ලයි

බංග්ලාදේශයේ 1993 දරණ මූල්‍ය ආයතන පනත අනුව සංස්ථාගත කර ඇති සමාගමක් වන Alliance Leasing and Finance Company Limited හි 51% ක, බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමත්වී තිබේ. මේ අනුව Alliance Leasing and Finance Company Limited හි කොටස් මිලියන 51 ක හිමිකාරීත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී…

(0)Comments | December 4, 2017 5:56 pm

මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටේ

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අගෝස්තු මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අගෝස්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | December 4, 2017 2:22 pm

සෞඛ්‍ය සහ නිවාස වැයශීර්ෂ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ දහනවවැනි වෙන් කළ දිනය (04) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ දෙකක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව,සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විවාදයට ගැනේ.

(0)Comments | December 4, 2017 11:34 am

ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි

මෙරට හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රමුඛතම නාමයක් වන ජෙට්වින්ග්, සිය කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත වීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කර අවසන් බව නිවේදනය කර සිටී. මේ අනුව ජෙට්වින්ග් සමූහයේ ආගන්තුක සත්කාර කර්මාන්තයේ ආයෝජන හස්තය වන ජෙට්වින්ග් සිම්ෆනි ලිමිටඩ් විසින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50,218,856 ක මූලික මහජන කොටස් නිකුතුවක් කැඳවා තිබේ. මෙහිදී රු. 18, රු. 17, රු….

(0)Comments | December 4, 2017 9:43 am

සයිටම් ගෞරව උපාධියට සුදුසුකම A/L S 3 යි

සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් ආයතනය විසින් පවත්වනු ලබන ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අවශ්‍ය අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් එකවර ‘සාමාන්‍ය සාමාර්ථ තුනක්‘ හෝ සමාන සුදුසුකමක් බව ප්‍රකාශ කර…

(0)Comments | December 4, 2017 6:14 am