Top News

නිල සංචිත මාස 4 කට ප්‍රමාණවත්

2017 සැප්තැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.2 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය විය. මේ අතර බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළත් මුළු විදේශීය වත්කම් ආනයනික මාස 5.6 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6 ක් විය.

(0)Comments | November 28, 2017 12:02 pm

රුපියලේ දැන් වටිනාකම මෙහෙමයි

ශ්‍රී ලංකා රුපියල 2017 නොවැම්බර් 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.5 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය.

(0)Comments | November 28, 2017 10:53 am

වෙළෙඳ හිඟය පුළුල් වෙයි

පෙර වසරේ අනුරූප කාලපරිච්‍ඡේදයට සාපේක්ෂව 2017 සැප්තැම්බර් මාසයේ දී වෙළෙඳ හිගය පුළුල් වූ අතර, 2017 පළමු මාස නවය තුළ දී ද වෙළෙඳ හිගය පුළුල් විය. රට තුළ පැවතිනියං තත්ත්වය හේතුවෙන් අතිරේක ආනයන වියදමක් දැරීමට සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

(0)Comments | November 28, 2017 10:30 am

පොරොන්දු වූ වාහන ලීසිං සහනය වහාම ක්‍රියාත්මක කරන්නැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ඉල්ලයි

හයිබ්‍රිඩ් සහ විදුලි වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළ සහනය පාරිභෝගිකයින්ට ලබාදීම ප්‍රමාද වී තිබෙන බවත් මෙවැනි වාහන මිලදීගැනීමට කටයුතු කරමින් සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලෙස එය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන ලෙසත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ…

(0)Comments | November 27, 2017 5:23 pm

වීසා ගන්න බොරු කිව්වොත් අවුරුදු 10 කට ඕස්ට්‍රේලියාව තහනම්

ඕස්ට්‍රේලියාවට ඇතුළත් වීම සඳහා කවරාකාරයේ හෝ වීසා වර්ගයක් ඉල්ලුම් කරන විට ඒ සඳහා ලබා දිය යුතු සියලු තොරතුරු සත්‍ය ඒවා විය යුතු බවත් එසේ නොමැති වුහොත් වසර 10 ක් යන තෙක් යළිත් වරක් වරක් කිසිම ආකාරයක ඕස්ට්‍රේලියානු වීසා වර්ගයකට අයදුම් කළ නොහැකි වන සේ නීති පැනවීමටත් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ…

(0)Comments | November 27, 2017 3:48 pm

නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්

ලොව මිල අඩුම වාහනය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථයේ ඉලෙක්‍ට්‍රික් මාදිලිය හෙට (28) දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හයිද්‍රාබාද් නුවර දී හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. වසර 2030 වන විට භාවිතයේ පවතින සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා බවට පත් කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම පෙරළිකාර හඳුන්වාදීම සිදුකිරීමට නියමිතය….

(0)Comments | November 27, 2017 2:34 pm

නව රැකියා බිහිකිරීමට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්වෙයි

කෘෂි අපනයනය ඉහළ නැංවීම සහ අපනයන ආදායම 2020 වසර වන විට දෙගුණ කිරීමට අගය දාම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. මෙම ව්‍යාපෘති යටතේ කෘෂි අධිකලාප 23ක් සහ තාක්ෂණ කලාප 10ක් ආරම්භ කර නව රැකියා උත්පාදනයට මඟ සකස් කරන බවත් රැකියා දසලක්ෂයක් බිහිකිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයට සමගාමිව…

(0)Comments | November 27, 2017 2:09 pm

නව සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත එළිදකී

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි, සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. 2017 නොවැම්බර් 22 වන දින මෙය නිකුත් කර ඇත. වෙළෙඳපොළ ආයතන, සුරැකුම්පත් පිළිබඳ මහජන අර්පණයන්, වෙළෙඳපොළ අතරමැදියන් නියාමනය කිරීම සඳහා ද, වෙළෙඳපොළ විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ද, කොටස් වෙළෙඳපොළවල් විසින් මුහුණ පාන අභියෝග සම්බන්ධව ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියා…

(0)Comments | November 27, 2017 11:46 am

කන්ද උඩරට අලුත්ම තරු පහේ හෝටලය – ගෝල්ඩන් ක්‍රවුන් ජනපති අතින් විවෘත කෙරේ

ඓතිහාසික මහනුවර පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කරමින් මහනුවර අංපිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පසුගියදා විවෘත කෙරිණි. පරිසර හිතකාමී අන්දමින් ඉදිකර තිඛෙන මෙම සුඛෝපබෝගී හෝටලය කාමර 90 කින් පමණ සමන්විතය. සමරු ඵලකය නිරාවරණය කර හෝටලය විවෘත කළ ජනාධිපතිවරයා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය….

(0)Comments | November 27, 2017 10:43 am

ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක් ස්ථාපිත කිරීමට පියවර

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලා කලාපයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ලබන ජනවාරි මාසයේ දී කර්මාන්ත ශාලා කළාපය ආරම්භ කිරීමට නියමිතය. කළුතර වැලිපැන්න ප්‍රදේශයේ එම කර්මාන්ත ශාලා කළාපය ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි. ඒ සඳහා ඉඩම් හඳුනාගෙන…

(0)Comments | November 26, 2017 5:58 pm