2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක් බැගින් ඇමරිකානු ඩොලර් මිලියන 23.57ක මුදලකට පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ…
ශ්රී ලංකාව තුළ අවම වශයෙන් දින 30කටවත් ප්‍රමාණවත් වන ඉන්ධන තොගයක් පවත්වාගෙන යාමට එක් එක් ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සංවර්ධනය කළ යුතු වන අතර, ඒ සඳහා තවත් මෙට්‍රික් ටොන් 100,000ක අමතර ගබඩා ධාරිතාවක් අවශ්‍ය වේ යැයි ගණන් බලා තිබේ. එහි මූලික පියවරක් වශයෙන් පෙට්‍රල් ඝන මීටර 15,000ක ගබඩා ටැංකියක් කොලොන්නාව පර්යන්තයෙහි ඉදි…
බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ ජනාධිපති කොමිසමට විදේශ විශේෂඥයින් ගෙන්විය යුතුව තිබුණු බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද (22) දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. “මේක හින්දා තමයි ජනාධිපතිතුමා මේ කොමිසම දැම්මේ. මම නං දන්න විදියට ඔක්කෝටම…
නියමිත කාලයට අනුව විදුලි බලාගාර ඉදිනොකිරීම හේතුවෙන් ඉදිරි දෙවසර තුලදී රුපියල් බිලියන 51ක අමතර වියදමක් දැරීමට සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත් කල නව වාර්තාවකින් හෙළි කර තිබේ. අනුමත දිගුකාලීන ජනන සැළැස්මෙහි ඇතුළත් බලාගාර ඉදිකිරීම ප්‍රමාද වීම නිසා අධික මිල ගණන් වලට හදිසි අවශ්‍යතා මත විදුලිය මිලදී ගැනීමට හේතු වීමෙන් මෙම…
ශ්රී ලංකාව සහ ග්‍රීසිය අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම අපනයනකරු වන බ‍්‍රැන්ඩික්ස් සමූහය ගෝලීය කෘත‍්‍රීම රෙදි නිෂ්පාදකයෙකු වන හොංකොං හි, Best Pacific සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් ආරම්භ කිිරීමට සැලසුම් කර තිබෙන අතර මෙමගින් අපේක්ෂා කරන්නේ ශ‍්‍රී ලංකාව තුළ කෘත‍්‍රිම රෙදි නිෂ්පාදනය කිරීමයි. මේ ඒකාබද්ධ ව්‍යාපාරයට අදාළ ගිවිසුමට සමාගම් දෙක විසින් පසුගියදා කොළඹදී අත්සන් තැබූ අතර මේ යටතේ කෘතිම රෙදි නිෂ්පාදනය කිරීම…
වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු සම්මුතියෙහි ජාත්‍යන්තර වෙළඳාම පහසුකරණය හා සම්බන්ධ වගන්ති පැහැදිලි කිරීමට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම හා නිෂ්කාශනය යන කටයුතු කෙරෙහි ඇති වන බාධා ඉවත් කරලීමේ අරමුණ පෙරදැරිව පහසුකරලීමේ බහුපාර්ශ්වීය ගිවිසුමක් වශයෙන් වෙළඳාම පහසුකරණ ගිවිසුම (Trade Facilitation Agreement – TFA) ඇති කරගනු ලැබ තිබේ. දේශ සීමා හරහා භාණ්ඩ ප්‍රවාහනය, නිකුත් කිරීම සහ…
ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින්, දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට දෙරට අතර අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන බලාත්මක කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 8.6 ට සාපේක්ෂව 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනුලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට…
ජනන සැලසුම යටතේ වසර 2030 වනවිට සූර්යබලයෙන් මෙගාවෝට් 1009ක විදුලි නිෂ්පාදනයක් කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිට සූර්ය බලාගාර 60ක් සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කොට ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසී ය. ලෝකයේ පවතින අඩු වියදම් සහිත විදුලි උත්පදන ක්‍රමයක් සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම….
Video Story