Top News

එක්සත් ආබියේ එමීර් රාජ්‍යයේ විදේශ ඇමැති ශ්‍රී ලංකා සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයේඩ් අල් නයන් මහතා සිය ආසියානු සංචාරයේ එක් පියවරක් වශයෙන් ඊයේ (18) ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා විසින් අමාත්‍ය අල් නයන් මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබිණි. සිය සංචාරය අතරතුර අමාත්‍ය අල් නයන් මහතා ජනාධිපති…

(0)Comments | November 19, 2017 11:01 pm

බිල් ගේට්ස්ගෙන් රාජිතට පැසසුම්

අබුඩාබියේ දී පැවැති ගෝලීය සෞඛ්‍ය අමාත්‍ය සමුළුවට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ එම සමුළුවට සහභාගි වූ ලෝකයේ ධනත්වත්ම පුද්ගලයා වූ බිල්ගේටිස් මහතා අතර කෙටි හමුවක් පසුගිය 15 වනදා පැවැත්වුනි. එහිදී බිල්ගේටිස් මහතා “සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය සඳහා ඔබ ශ්‍රේෂ්ඨ රාජකාරියක් ශ්‍රී ලංකාව තුල ඉටු කරන බව ඔහු දන්නා…

(0)Comments | November 17, 2017 4:46 pm

කොළඹ කොටස් හුවමාරුව පූර්ව සැලසුමකට අනුව අපදා ප්‍රතිසාධන පරිශ්‍රයෙහි සිට එක් දිනක ගනුදෙනු මෙහෙයවයි

කොළඹ කොටස් හුවමාරුව විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු අපදා ප්‍රතිසාධන පරිශ්‍රයක (Disaster Recovery Site) සිට 2017 නොවැම්බර් මස 17 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මෙම ක්‍රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදු කරනු ලබන අතර වෙළෙඳපොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුනයි.

(0)Comments | November 17, 2017 1:12 pm

විශ්වවිද්‍යාල 7ක නව තාක්ෂණික පීඨ ඇරැඹීමට රුපියල් මිලියන 5000 ක්

විශ්වවිද්‍යාලවල තාක්ෂණික උපාධි පාඨමාලා පටන් ගැනීම සඳහා නව තාක්ෂණික පිඨ 7ක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. මේ මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා පද්ධති තාක්ෂණය යන විෂයයන් අලුතින් හඳුන්වා දෙනු ඇත. මෙම නව තාක්ෂණික පීඨයන් රජරට, රුහුණ, සබරගමුව, කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා නිරිත දිග…

(0)Comments | November 17, 2017 11:28 am

අයවැයට පෙර ගෙන්වූ වාහනවලට තීරු බදු වැඩි වෙන්නේ නැහැ

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි (LC) මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ…

(0)Comments | November 17, 2017 10:33 am

මෝටර් කාර් ලීසිං අනුපාතවල වෙනසක්

මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (LTV) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරනු ලැබේ. ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නා කෙනෙකුට පෙර පැවති වාහනයේ වටිනාකමින් 50% ගෙවීම වෙනුවට 30% ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.   ඒ අනුව වාහන…

(0)Comments | November 17, 2017 10:24 am

ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ නව යුගයක් උදාකරයි

ශ‍්‍රී ලාංකේය සත්කාරක හැඩහුරුවෙන් පණ ගැන්වුණු අති නවීන සුඛෝපභෝගී පහසුකම් සපිරි කොළඹ නගරයේ සුවිශේෂී සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ෂැන්ග‍්‍රි-ලා කලම්බෝ විවෘත වේ වසර 30 කට ආසන්න කාලයකට පසුව කොළඹ නගරයේ විවෘත වන ප‍්‍රමුඛතම සංචාරක හෝටලය මෙය යැයි කියා පාමින් Shangri-La Hotels and Resorts විසින් ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ අද (16) උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. ෂැන්ග‍්‍රි-ලා හොටෙල් කලම්බෝ…

(0)Comments | November 16, 2017 3:48 pm

ශ්‍රී ලංකාවද ගුවන් පියාසර කටයුතු සඳහා A.D.S.B තාක්ෂණය උපයෝගි කර ගනී

ලෝකයේ ගුවන් පියාසර කටයුකු සඳහා යොදා ගනු ලබන ස්වයංක්‍රීය ආරක්ෂිත නිරීක්ෂණ A.D.S.B (Automatic Dependence Surveillance – Broad Casting) තාක්ෂණය ශ්‍රී ලංකාවේදී 15 (ඊයේ) වෙනි දින සිට ආරම්භ කළ බව ගුවන් සේවා සහා ගුවන් තොටුපළ සමාගම පවසයි. මෙහි සමාරම්භක අවස්ථාව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 15 (ඊයේ) වෙනි දින…

(0)Comments | November 16, 2017 3:09 pm

සුඛෝපභෝගී වාහන බද්දෙන් පර්මිට් හිමියන් දැඩි අසීරුතාවයක

මෙවර අයවැය යෝජනාවන්ට අනුව මෝටර්වාහන බදුවල ඇති වූ සංශෝධනයන් හේතුවෙන්, වාහන බලපත්‍ර මත ආනයනය සඳහා යොමු වූ බොහෝ දෙනෙකු මේ වන විට දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි වාර්තා වේ. අයවැය යෝජනා ඉදිරිපත් වීමට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද ගැනුම්කරුවන් හට මේ වන විට සිය වාහනය වරායේ දී නිදහස් කර ගැනීම සඳහා ගෙවිය යුතු තීරු…

(0)Comments | November 16, 2017 11:35 am

මද්‍යසාර බවට පත්කරන අමුද්‍රව්‍ය ගැසට් කරයි. සහල්, ඉරිඟු හා පළතුරු පල්ප ඒ අතර

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා හට සුරාබදු ආඥාපනත යටතේ පැවරී ඇති බලතල අනුව මධ්‍යසාර යනුවෙන් සැලකෙන අමුද්‍රව්‍ය වර්ග 4 ක් ගැසට් කර තිබේ. ඒවා නම්, මොලෑෂස් ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සහල් පල්පය ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉරිඟු පල්පය ආසවනය මගින් ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පළතුරු පල්පය  

(0)Comments | November 16, 2017 10:26 am