Top News

දෙසැම්බර් වනවිට කොළඹට ගෙවල් 5000 ක්

කොළඹ අඩු පහසුකම් ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ජනතාව වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගොඩ නගමින් සිටින නිවාස වලින් 5000 ක් පමණ ලබන දෙසැම්බර් මාසය වනවිට එම ජනතාවට බෙදාදිය හැකියැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියේ (Urban Regeneration Project) ඒකක ප්‍රධානී, ඊ.ඒ.සී. ප්‍රියශාන්ත මහතා අප සමග සඳහන් කළේ කොළඹ වාණිජ අග නගරය බවට පත්කිරීම අරමුණු කර…

(0)Comments | August 4, 2014 7:55 am

ටච්වුඩ් සභාපතිවරයා පිටරට. නඩුව කල්යයි

ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී. සමාගම ඈවරකර වසා දැමීමට අදාළ නඩුවේ පසුගිය නඩු වාරයට සමාගමේ සභාපතිවරයාව සිටි ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා සහභාගී නොවූ අතර ඔහු නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ හෙතෙම විදේශ ගතවී සිටින බවයි. මේ නිසා, නඩුව අගෝස්තු 07 වනදාට කල්ගිය අතර ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර මහතා අද (04) ලංකාවට පැමිණෙන බවත් ඉදිරි නඩු වාරයට ඉදිරිපත්…

(0)Comments | August 4, 2014 7:54 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම පෙරට යන්නෙ මෙහෙමයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන බැංකු හා බැංකු නොවන මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ මේ දක්වා බැංකු 12 ක් හා බැංකු නොවන මූල්‍යායතන 57 ක් තම සැලසුම් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මෙම ආයතන විසින් මෙම සැලසුම් ඉදිරිපත් කර තිබෙන්නේ ඒකාබද්ධ කිරීම, මිලදීගැනීම හා ප්‍රාග්ධනය හඳුන්වාදීම සඳහායි. මෙහිදී, ඒකාබද්ධ කිරීමේ…

(0)Comments | August 4, 2014 4:05 am

ශ්‍රී ලංකන් සභාපතිවරයාට ලෝක තනතුරක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අගෝස්තු මාසයේ සිට APOT.Asia (Asia Pacific On-board Travel) සංවිධානයේ සභාපති ධූරයට පත්ව ඇත. එම තනතුර සඳහා පත්වන ප්‍රථම ශ්‍රී ලාංකිකයාද වන්නේ ඔහුයි. නව සංචාරක කළාප බොහොමයක් ආකර්ශනය කර ගැනීම අරමුණු  කර ගනිමින් නව උපාය මාර්ගික ක්‍රමවේදයන් හඳුන්වා දෙන ගෝලීය සංවිධානයක් ලෙසින් APOT සංවිධානය හඳුන්වා දිය හැක. එහි…

(0)Comments | August 1, 2014 5:30 am

ඕනෑම වෙලාවක ලංකා බැංකුවට තවත් ජාත්‍යන්තර නිකුතුවක් පුළුවන්ලු

අවශ්‍ය අවස්ථාවක තවත් ඩොලර් බැඳුම්කරයක් නිකුත් කිරීම මගින් විදේශීය ණය ලබාගැනීම සඳහා ලංකා බැංකුව සූදානම් බවත් ඒ පිළිබඳව බැංකුව විමසා බලමින් සිටින බවත් බැංකුවේ ප්‍රධාන විධායක නිළධාරී, ඩී.එම්. ගුණසේකර මහතා කියයි. ඔහු අප සමග පැවසුවේ මේ වනවිට බැංකුවේ ද්‍රවශීලතාවය ඉතාමත් ඉහළ මට්ටමක තිබෙන නිසා මේ අවස්ථාවේදී ඩොලර් බැඳුම්කරයක් නිකුත් නොකරන බවයි. නමුත්, අඩු පොලී වාතාවරණය…

(0)Comments | July 30, 2014 9:28 am

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ණයකර නිකුතුවට කොළ එළි

සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම නිකුත් කිරීමට යන මිලියන 14 ක ණයකර නිකුතුව ලයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර නිකුත් කරන අතර මෙය අගෝස්තු 21 වනදා විවෘත වේ. මෙහි කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් සමාගමයි.

(0)Comments | July 30, 2014 7:13 am

ඩ්‍රැයිවර්ලාගේ මොළ සෝදන්න අළුත් වැඩක්

මගී බස්රථ හා වෑන් රථවල සේවය කරන රියදුරන්ට ඉදිරියේදී නිකුත් කරන රියදුරු බලපත්‍රවල විශේෂ සටහනක් යොදමින් විශේෂ ඇගයීමක් කිරීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පැවසුවේ මෙම විශේෂ ඇගයුම ලබාදෙන්නේ දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී පවත්වන පුහුණු වැඩසටහනට සහභාගී වන මගී වාහන රියදුරන්ට…

(0)Comments | July 30, 2014 4:10 am

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට…

(0)Comments | July 29, 2014 10:57 am

වෝටර් ගාඩ්න්ස්. සීගිරි ළඳුන් පාමුල ඉහළ සංචාරක අත්දැකීමක්

වාද්දූවේ බ්ලූ වෝටර් හෝටලය අයත් Union Resorts & Spa Ltd සමාගම විසින් “වෝටර් ගාඩ්න්ස්“ නමින් හෝටලයක් සීගිරිය ප්‍රදේශයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම හෝටලය මගින් ඉලක්ක කර තිබෙන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබාදීමයි. මෙහි සුපිරි පහසුකම් වලින් පිරි සංචාරක බංගලා 30…

(0)Comments | July 29, 2014 6:25 am