Top News

ඩයලොග් අළුත්ම ගිණුම් අනාවරණය මෙන්න

ප්‍රමුඛතම ජංගම දුරකතන සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම නවතම ගිණුම් වාර්තා හෙළිදරව් කර තිබෙන අතර අනාවරණය වන්නේ සමාගමේ 2012 දෙසැම්බර් කාර්තුවට සාපේක්ෂව ගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ශුද්ධ ලාභය සියයට 20 කින් වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, 2013 දෙසැම්බර් කාර්තුවේදී සමාගම සියළු බදු ගෙවීමෙන් පසුව ලබා තිබෙන ශුද්ධ ලාභය රුපියල් බිලියන 1.1 කි. මෙම කාර්තුවේදී…

(0)Comments | February 18, 2014 4:16 am

බැංකු පොලිය තවත් පහළ යන ලකුණු

මහ බැංකු පොලිය මෙවර වෙනස් නොවේ වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත මේ පෙබරවාරි මාසයේදීත් වෙනස් නොකිරීමට මුදල් මණ්ඩලය තිරණය කර තිබේ. මේ අනුව, ඉදිරියේදී වාණිජ බැංකුවල පොලී අනුපාත තවදුරටත් පහළ යාමේ අවස්ථාවක් තිබෙන අතර මේ වසරේදී පුද්ගලික අංශය බැංකු ක්‍රමයෙන් ලබාගන්නා ණය ප්‍රමාණය ගිය වසරේදී වූ සියයට 08…

(0)Comments | February 17, 2014 7:26 am

නවීකරණය හමුවේ ටාජ් හෝටල් ලාභ පහළට

මෙරටට සංචාරකයින් පැමිණීම වර්ධනය වෙමින් තිබීම හමුවේ ඉන්දියාවේ ටාජ් හෝටල් සමූහයට අයත් ටාජ් ලංකා හෝටල් සමාගම විසින් කොළඹ ගාලු මුවදොර පිහිටි ටාජ් සමුද්‍රා හෝටලය පසුගිය කාලයේදී නවීකරණය කළේය. මේ සඳහා ගිය වියදම් හේතුවෙන් පසුගිය දෙසැම්බර් කාර්තුවේදී ටාජ් ලංකා හෝටල් සමාගම රුපියල් මිලියන 118 ක අලාභයක් වාර්තා කර තිබෙන බව නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වේ….

(0)Comments | February 13, 2014 10:20 am

Prius හයිබ්‍රීඩ් රථ, ලක්ෂ 19 ක් නැවත කැඳවයි

වාහනයේ වේගය හදිසියේම මන්දගාමී වීමට හේතුවන තාක්ෂණික දෝෂයක් නිසා ටොයොටා විසින් ලොව පුරා අලෙවිකළ Prius හයිබ්‍රීඩ් රථ ලක්ෂ 19 ක් නැවත සමාගම වෙත ගෙන්වාගෙන එම තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමට තීරණය කර තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ පවර් කන්වටරය පාලනය කිරීමට යොදා ගන්නා මෘදුකාංගයේ ප්‍රශ්නයක් නිසා මෙම තාක්ෂණික දෝෂය හටගන්නා බවත් මෙය රියදුරන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි. මෙම…

(0)Comments | February 12, 2014 9:12 am

මෙරට විදේශ සංචිතයේ තත්ත්වය මෙන්න

ලෝක වෙළඳ පොළේ රත්‍රන් මිල ගණන් අඩුවීම හේතුවෙන් මෙරට විදේශ සංචිතයට යම් පාඩුවක් සිදුවුවත් නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය දෙසැම්බර් මාසයේදී මෙරට විදේශ සංචිතය සියයට 4.6 කින් ඩොලර් මිලියන 7,200 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මේ අනුව, 2013 වසරේදී මෙරට විදේශ සංචිතය ඩොලර් මිලියන 320 කින් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව…

(0)Comments | February 12, 2014 4:56 am

අපේ විදේශීය වෙළඳාමේ ප්‍රගතියක්

අපනයන ආදායම් අඩුවෙද්දී ආනයන වියදම් වැඩිවීම පසුගිය කාලයේදී ලංකාව මුහුණ දුන් ප්‍රධානතම අභියෝගයකි. මේ නිසා, අපගේ ගෙවුම් ශේෂය හා වෙළඳ හිඟය නිරන්තරයෙන් පීඩනයට පත්වුණි. කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වෙන්නේ  2013 වසරේදී මෙරට සමස්ත ගෙවුම් ශේෂයේ ඩොලර් මිලියන 991 ක අතිරික්තයක් වාර්තා වූ බවයි. මේ සඳහා එම වසරේදී මෙරට අපනයන සියයට…

(0)Comments | February 11, 2014 5:52 am

බැංකු ඒකාබද්ධ කිරීමට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් අත උස්සයි

බැංකු හා මූල්‍යායතන ඒකාබද්ධ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් අදහස් දක්වා තිබේ. මේ අනුව, ණය වර්ගීකරණ ආයතනය පවසා තිබෙන්නේ මෙම ක්‍රියාදාමයේ කෙටි කාලීන අවධානම් තිබුණත් දිගුකාලීනව සලකා බලන විට මෙය මෙරට බැංකු ක්‍රමයට වඩා යහපත් බවයි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ණය වර්ගීකරණ ආයතනයේ ණය…

(0)Comments | February 10, 2014 10:46 am

එයිට්කන් ස්පෙන්ස්ට සරුයි

වරාය, හෝටල් සහ වැවිලි ව්‍යාපාරික කටයුතු වලට වැඩි නැඹුරුවක් ඇති මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් විසින් සිය නවතම ගිණුම් වාර්තා හෙළිකර තිබේ. මේ අනුව, 2013 දෙසැම්බර් මාසයෙන් අවසන් වන කාර්තුවේදී සමූහයේ බදු වලට පෙර ලාභය සියයට 47 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.58 ක්වී තිබෙන අතර බදු වලට පසු ලාභය සියයට 53 කින්…

(0)Comments | February 10, 2014 3:52 am

මරුටි 800 ඉවරයි

සුප්‍රසිද්ධ මරුටි 800 කුඩා මෝටර් රථය නිෂ්පාදනය නතර කළබව ඉන්දියාවේ මරුටි සුසුකි මෝටර් රථ සමාගම කියයි. මෙම මෝටර් රථය 1983 වසරේ සිට නිෂ්පාදනය කරන අතර සමාගම විසින් මේ වනවිට මරුටි 800 මෝටර් රථ මිලියන 2.9 ක් පමණ ලොව පුරා අලෙවි කර තිබේ. මේ වනවිට, පාරිභෝගිකයින් මෙම මෝටර් රථයට වඩා නවීන මෝටර් රථ සොයමින් සිටින නිසා…

(0)Comments | February 9, 2014 6:52 pm

වැඩිපුර ණයවීමට සූදානම් වන්න

මහ බැංකුවේ බලාපොරොත්තුව මේ වසරේදී පුද්ගලික අංශය වැඩිපුර ණය කිරීමටයි. ඒ ආකාරයෙන් පැවසූ විට යම් උපහාසයක් තිබුණද පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය කිරීමේ වැදගත් කමක් තිබේ. එනම් ආර්ථික ක්‍රියාකාරකම් වර්ධනය කරමින් ආර්ථික වර්ධනය වැඩි කිරීම සඳහා පුද්ගලික අංශය ලබාගන්නා ණය ප්‍රමාණය වර්ධනය කළ යුතු නිසාවෙනි. මේ අනුව, මහ බැංකුවේ අපේක්ෂාව වන්නේ මෙරට පුද්ගලික අංශය…

(0)Comments | February 8, 2014 6:13 am