නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ, මයින්ස්හි පිහිටි තාක්ෂණ විද්‍යාලය (BBS III) විසින් කැමැත්ත පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, සිසුන් හා ගුරුවරුන් හුවමාරු කරගැනීමේ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ…
ටයිල් කර්මාන්තයට අයත් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන රෝයල් සෙරමික්, ලංකා සෙරමික්, ලංකා ටයිල් සහ ලංකා වෝල්ටයිල් යන සමාගම් සියල්ලම 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශ ඊයේ (31) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී. මෙම සමාගම් සියල්ලකම පාහේ මූල්‍ය ප්‍රකාශ පිරික්සීමේ දී නිරීක්ෂණය කළ හැකි පොදු ලක්ෂණයක්…
පසුගිය ජනවාරි මාසය තුළ දී සියයට 1.53 කින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,228.26 ක්වූ සියලු කොටස් මිල දර්ශක අගය 2017 ජනවාරි 31 දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,132.68 ක් දක්වා ඒකක 95.58 කින් මේ අනුව පහළ ගොස් ඇත.
අද (31) දින පැවති පෑන් ඒසියා බැංකුවේ අති විශේෂ මහා සභා රැස්වීමේ දී හිමිකම් කොටස් නිකුතුවක් සිදු කිරීම සඳහා කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිව තිබේ. මෙහිදී දැනට පවතින සෑම කොටස් 2 කටම කොටස් 1 ක් වන පරිද්දෙන් කොටස් 147,520,543 ක් නිකුත් කිරිමට නියමිතය.
රුපියල් මිලියන 28,000 ක මුදලක් රැස් කර ගැනීම සඳහා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (01) දිනයේ දී කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙම වෙන්දේසියේ දී දින 91, දින 182 හා දින 364 යනා දී වශයෙන් පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් රු. මිලියන 5000, 13000 හා 10000 බැගින් නිකුත් කිරීමට…
අද (31) දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,132.68 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 7.86 ක පහළ යාමකි. දිනය තුළ රුපියල් බිලියන 1.65 ක පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂ සිද්ධියක් වූ අතර ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් ඊට අන්තර්ගත විය. මෙහිදී ආසිරි හොස්පිට්ල්…
පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවි කරනු ලබන මෙරට මුල් පෙළේ සමාගමක් වන සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හෙවත් එලිෆන්ට් හවුස් සමාගම 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 823.7 ක ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. මෙය සියයට 26 ක වර්ධනයකි. මේ අතර ගෙවී ගිය කාර්තුවේ දී සමාගමේ ආදායම ද රුපියල් බිලියන 11.3 දක්වා සියයට…
යුනයිටඩ් මෝටර්ස් ලාභ සියයට 61 කින් බසී මොටර් රථ වාහන සඳහා ක්‍රියාත්මක නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට මෙරට මෝටර් රථ වෙළෙඳ සමාගම්වල ලාභ බරපතළ ලෙස පහළ ගොස් ඇතැයි වාර්තා වේ. කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් 2016 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා අද දිනයේ…
ඔබට අතිසුඛෝපභෝගී මෝටර් රථයක් මිල දී ගැනීමට අවශ්‍ය නම් මාදිලි ගණනාවක වෙළෙඳනාම ඔබ මතකයට එනු ඇත. ඒ අතුරින් අවුඩි, බුගාටි, බෙන්ට්ලි, පෝෂේ, වොල්ක්ස්වැගන් හා ලැබ්බෝගිනි යනාදි වශයෙන් තේරීම් ගණනාවකින්ම අතිසුඛෝපභෝගී මෝටර් රථයක් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට හිමිවනු ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද සියලුම මෝටර් රථ මාදිලි එකම සමාගමක් විසින් නිපදවන ඒවා බව ඔබ…
ශ්‍රී ලංකාවට පාවහන් ආනයනය කිරීම සියයට 60ක සිට සියයට 20ක් දක්වා අඩුකිරීමටත් මෙරට නිෂ්පාදනය කරන පාවහන් තොග විශාල වශයෙන් විදෙස් රටවලට අපනයනය කිරීමේ හැකියාව ලැබී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සම්භාණ්ඩ නිෂ්පාදකයන් පිරිසක් සිය අමාත්‍යාංශයේ දී හමුවූ අවස්ථාවේ දී ය. අදින් වසර කිහිපයකට පෙර ශ්‍රී…
Video Story