මෙම වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම පසුගිය වසර ට සාපේක්ෂව 23% න් රු.බිලියන 1180 දක්වා වැඩි වී ඇත. පසුගිය වසරේ මුල් මාස නවය තුළ රාජ්‍ය ආදායම වුයේ රු.බිලියන 959 කි.රාජ්‍ය ආදායම බහුලව එකතු කරන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවල කාර්යක්ෂමතාවය වැඩි කිරීම හේතුවෙන් මෙම ආදායම් වැඩි කර ගැනීමට…
ඩිජිටල් මුදල් භාවිතය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. ඩිජිටල් මුදල් ඒකක නිර්මාණය, ඒවා සමාජගත කිරීම ආදී තොරතුරු රැසක් මෙහිදී පුළුල් වශයෙන් සාකච්ඡා වූ අතර එහි ඇති අයහපත් ප්‍රතිඵල ගැන ද සාකච්ඡාවට බඳුන් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති…
ලංකා බැංකුවේ හිමිකාරීත්වය යටතේ පැවති සෙලාන් බැංකුවේ කොටස් මිලියන 13 ක් විකුණා දැමීමට අදාළ ගනුදෙනුව වහාම අවලංගු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. මෙම ගනුදෙනුව රජයේ කිසිදු අනුමැතියකින් තොරව සිදු වී ඇති බවට වාර්තා වන අතර විෂය භාර අමාත්‍යවරයාගේ හෝ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුමකින් තොරව අදාළ ගනුදෙනුව සිදු වී ඇති බවට ආරංචි මාර්ග…
වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතාවය හා මූල්‍යමය වශයෙන් වඩා වැදගත් වීම යන සාධක අනුසාරයෙන් සකස් කරනු ලබන S&P Sri Lanka 20 දර්ශකය සඳහා යොදා ගන්නා නවතම සමාගම් ලැයිස්තුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එළිදක්වා තිබේ. මේ අනුව 2016 දෙසැම්බර් 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි S&P Sri Lanka 20 දර්ශකය සකස් කිරීම සඳහා මෙතෙක් යොදා ගත් සමාගම් 20…
ලංකා බැංකුවේ අංක 1 ගිණුම යටතේ පැවති සෙලාන් බැංකු කොටස් හිමිකාරීත්වය අද දිනයේ දී විකුණා දමන ලදී. සෙලාන් බැංකු, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 13,198,305 ක් ලංකා බැංකුව සතුව පැවති අතර මෙය සෙලාන් බැංකුවේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 7.5% ක් විය. මෙහිදී එක් කොටසක් රු. 100 බැගින් අලෙවි වූ අතර රුපියල් බිලියන 1.32 (1,319,830,500) ක පිරිවැටුමක් මෙම…
නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2016 නොවැම්බර් මාසයේ දී 58.4 ක දර්ශක අගයයක් වාර්තා කරන ලදී. මෙය 2016 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව දර්ශක අගයයන් 1.9 කින් ඉහළ යාමකි. මේ සඳහා, සේවා නියුක්තිය සහ නිෂ්පාදන උප දර්ශකයන්ගේ ඉහළ වර්ධනය බෙහෙවින් දායක විය. .වද නව ඇණවුම් උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ යන ලදී. මේ අතර එළඹෙන…
ශී‍්‍ර ලංකාව සහ මැලේසියාව අතර පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් දෙරටේ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගී වූ ව්‍යාපාරික සමුළුවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (15) පස්වරුවේ ක්වාලාලම්පුර් නුවරදී පැවැත්විණි. දෙරටේ ආයෝජන මණ්ඩල, අපනයන සංවර්ධන මණ්ඩල සහ මහකොමසාරිස් කාර්යාල එක්ව මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර දෙරටේ ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් මීට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවවැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 02 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව, මහ බැංකු, මුදල් අදිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික…
කොළඹ කොටස් වෙළෙඳපොළ රත්නපුර ශාඛාව විසින් ආයෝජකයින්ගේ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුර ප්‍රදේශයේ කීර්තිමත් ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර සප්තපාදී උත්සව ශාලාවේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Chevron Lubricant Lanka PLC හි කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී…
අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා මධ්‍යගත ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි. 2017 අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ඊයේ (14) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. 2017…
Video Story