Top News

හෙට වර්ජනේට UBER, PickMe නැහැ

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත දීප ව්‍යාප්ත ප්‍රවාහන වර්ජනය සඳහා තමන් එක් නොවන බව මෙරට කුලී රථ සේවා සපයන ප්‍රමුඛ ආයතන දෙකක් වන UBER සහ PickMe සේවාවන් කියා සිටී. අද දෙරණ කළ විමසීමක දී අදාළ ආයතන දෙකේ ප්‍රකාශකයින් විසින් මේ බව තහවුරු කරනු ලැබීය. අද මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලික බස් රථ, දුම්රිය,…

(0)Comments | December 1, 2016 8:10 am

ලංකා IOC සුපිරි ඉන්ධන මිලේ වැඩිවීමක්

ලංකා IOC සමාගම සිය ඉන්ධන වර්ග දෙකක මිල අද සිට ඉහළ දමා තිබේ. මේ අනුව ලංකා IOC සමාගම විසින් අලෙවි කරනු ලබන XTRA PREMIUM Euro 3 පෙට්‍රල් මිල සහ XTRA MILE ඩීසල් මිල රු. 2 බැගින් ඉහළ යනු ඇත. පසුගිය අගෝස්තු 20 වන දින සිට ඩීසල් සඳහා නිෂ්පාදන බදු රු. 10 සිට රු. 13 දක්වා…

(0)Comments | December 1, 2016 6:50 am

ශ්‍රී ලාංකිකයින් මැලේසියාවේ සේවා නියුක්ත කිරීම සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්

විගමනික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අයුරින්, ශ්‍රී ලාංකික ගෘහ සේවකයින් හා අනෙකුත් සේවකයින් මැලේසියාවේ රැකියාවන් සඳහා බඳවා ගැනීම සහ සේවයේ නියුක්ත කරවීම සම්බන්ධයෙන් පහසුකම් සැලසීම සඳහා ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2015 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී. පසුව ඉදිරිපත් වූ සංශෝධනද ඇතුළත් කරමින් සකස් කරනු…

(0)Comments | December 1, 2016 5:38 am

විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් ඇරඹීමට පිඹුරුපත් සැකසෙයි

ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමට (LECO) වාර්ෂිකව අවශ්‍ය වන 250,000කට වැඩි විදුලි මනු ආවරණ ප්‍රමාණය, තරඟකාරී ලංසු කැඳවීම මඟින් විවෘත වෙළඳපොළෙන් දැනට සපයා ගනු ලබන අතර, විවිධ අවස්ථාවල ඇතිවන භාණ්ඩ හිඟය නිසා එමඟින් පාරිභෝගික ඉල්ලීම නිසි පරිදි සපුරා ලීමට නොහැකි වී තිබේ. මෙම ගැටලුවට පිළියමක් වශයෙන්, විදුලි මනු ආවරණ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක්,…

(0)Comments | December 1, 2016 5:32 am

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක්

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා අධිකාරියේ අදාළ නිර්ණායකවලට අනුකූලව සිවිල් මගී ප්‍රවාහනය සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් වශයෙන් අභ්‍යන්තර ගුවන් සේවයක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ එක්ව එවැනි හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමේ අරමුණින් ප්‍රමාණවත් මූල්‍ය හැකියාවක් සහිත පෞද්ගලික පාර්ශ්වයන් වැඩි පිරිසක් වෙතින් යෝජනා කැඳවීම…

(0)Comments | December 1, 2016 5:28 am

දුම්රිය මෙහෙයුම් සඳහා GPS තාක්ෂණය හඳුන්වාදෙයි

දුම්රිය මෙහෙයුම් කටයුතු වඩා කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා දුම්රිය සේවයට හා මහජනතාවට වාසි අත් කර දීමේ අරමුණින්, දුම්රිය ගමන් කරන නිශ්චිත ස්ථානය හා වේගය සිතියම් මඟින් වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව සහිත ගෝලීය පිහිටුම් පද්ධතිය…

(0)Comments | November 30, 2016 9:37 am

බ‍්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ල කෙන් බාලේන්ද්‍ර නමින් නම් කෙරෙයි

ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ව්‍යාපාරික නායකයෙකු මෙන්ම බ‍්‍රැන්ඩික්ස් සමූහයේ පළමු සභාපතිවරයා වූ කෙන් බාලේන්ද්‍ර මහතා සිදුකර තිබෙන අති මහත් සේවාවට ගරු කිරීමක් වශයෙන් කොළඹ 03, Rheinland පෙදෙසේ පිහිටි බ‍්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ල කෙන් බාලේන්ද්‍ර මහතා නමින් 2016 නොවැම්බර් 28 වන සඳුදා පැවති චාම් උත්සවයකදී නම් කරන ලදී. තට්ටු හතකින් යුතු මෙම ගොඩනැගිල්ල 2015 අපේ‍්‍රල් මාසයේදී විවෘත කළ…

(0)Comments | November 30, 2016 8:44 am

සූර්යබල විදුලි උත්පාදනයට පවතින නීතිමය බාධක ඉවතට

ගෘහස්ථ වහලක සවිකරනු ලබන සූර්යබල විදුලි උත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීතිමය රාමුවක් හඳුන්වා දේ. සූර්යබලය මත පදනම්ව විදුලිය නිෂ්පාදනය සඳහා කැමැත්තක් දක්වන අය සඳහා පවතින නීතිමය බාධාවන් ඉවත් කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව, එලෙස විදුලිය නිෂ්පාදනය කර ජාතික පද්ධතියට අළෙවි කරනු ලබන විදුලි පාරිභෝගිකයන් හට කොමිෂන්…

(0)Comments | November 30, 2016 8:11 am

චීනය සමඟ ඩොලර් හුවමාරුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන සංවර්ධන බැංකුව (China Development Bank) අතර ඇමරිකානු ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරුවක් (Currency swap) සිදුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී, මාධ්‍යවේදියෙකු කරන ලද විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා මේ බව තහවුරු කළේය. මේ සඳහා අවශ්‍ය…

(0)Comments | November 30, 2016 7:39 am

ක්ෂුද්‍රමූල්‍ය ව්‍යාපාරවල නියුතු සමාගම් වෙත බලපත්‍ර නිකුත් කිරීම, නියාමනය සහ අධීක්ෂණය

2016 අංක 6 කරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින්, මෙතෙක් කිසියම් හෝ නියාමනයකට භාජනය නොවූ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රමවේදයකට යටත් වනු ඇත. අඩු ආදායම්ලාභීන්ට සහ ක්ෂුද්‍ර ව්‍යාපාර කටයුතුවලට මූල්‍ය පහසුකම් සැලසීම වැඩි දියුණු කිරීම, මූල්‍යමය අන්තර්ගතභාවය ඉහළ නැංවීම, ක්ෂද්‍ර මූල්‍ය ආයතනවල ස්ථායිතාවය සහ පද්ධතීන් ශක්තිමත් කිරීම, ක්ෂුද්‍රමූල්‍ය ආයතනවල අරමුදල් මූලාශ්‍ර පිළිබඳ පුළුල් ප්‍රවේශයක් ලබාගැනීම…

(0)Comments | November 30, 2016 5:06 am