නව වැට් බදු සංශෝධන ක්‍රියාවට නැංවීමත් සමගම සිගරට් මිල හෙට සිට යළිත් වරක් ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අනුව දැනට වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති දුම්වැටියක අවම මිල රුපියල් 42 ක් වන අතර එය රුපියල් 50 සීමාව පසුකරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
ශ්රී ලංකා රජය විසින් ෆිස්කල් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ සාර්ථකත්වය අනුව ඉහළ මැදි ආදායම් ලබන රටක් කරා ලඟා වීමේ අවස්ථාව තිබෙන බව ලෝක බැංකුවේ නවතම වාර්තාවක දක්වා තිබේ. මෙම වසර තුළ දීද දළ ජාතික නිෂ්පාදිතයේ වර්ධනය පෙර වසර මෙන්ම ස්ථාවර මට්ටමක පවතින බවත් 2017 වසරේ දී 5% සීමාව සුළු වශයෙන් ඉක්මවා යනු ඇති බවත් එහි සඳහන්ය….
සිය වාර්ෂික මහා සම්මේලනයට සමගාමීව කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී මාධ්‍ය හමුවක් සංවිධානය කිරීමට ශ‍්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමය කටයුතු යොදා තිබිණි. එම සංගමයේ නව කළමනාකරණ කමිටු සාමාජිකයන් පත්කිරීමද මෑතකදී සිදුකරන ලද අතර එසේ 2016/2017 කාලසීමාව සඳහා පත්වූ නිලධාරී මඩුල්ල නිවේදනය කිරීම සහ ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය වර්තමානයේ මුහුණ පා සිටින අභියෝග සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග‍්‍රහයක් ඉදිරිපත්…
වසරේ මේ දක්වා කාලය තුළ දී ඉන්දියානු මෝටර් රථ වෙළෙඳපොළ 17% කින් වර්ධනය වී ඇති බවත් එහිදී Renault මෝටර් රථ අලෙවිය 7 ගුණයකින් ඉහළ ගොස් ඇති බවත් Business Standard වෙබ් අඩවිය අනාවරණය කර සිටී. ප්‍රධාන වශයෙන් මේ සඳහා හේතු වී ඇත්තේ පසුගිය වසරේ අග භාගයේ දී හඳුන්වා දෙන ලද Renault Kwid හැච්බැක් මාදිලියේ මෝටර් රථය…
වර්තමානයේ දී මෙරට ආර්ථිකයට විදේශ විනිමය ලබා දෙන තෙවන මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබෙන බව NSBM සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඩේමියන් ප්‍රනාන්දු මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය වසර 4 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය මිලියනයකින් වර්ධනය වී ඇති බවයි. මෙම ප්‍රවණතාව අඛණ්ඩව…
මාර්ග, ගොඩනැගිලි වැනි දෘඩ යටිතල පහසුකම් මෙන්ම සමාජයේ ජනතාව, ඔවුන්ගේ ආකල්ප, අවශ්‍යතා, අභිලාෂයන් පිළිබඳවද මහ නගර සැලසුමේ දී සැලකිලිමත් විය යුතු අංශ බව ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය පැවසීය. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය මේ බව කියා සිටියේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය…
බැඳුම්කර ගනුදෙනු හරහා රජයට හා මහජනතාවට සිදු වී ඇති අලාභ ඊට අදාළ වගකිව යුතු පුද්ගලයින්ගෙන් හෝ ආයතනවලින් අයකර ගත යුතු බවට නිර්දේශ කරන බව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. අද දිනයේ දී මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමින් කෝප් සභාපතිවරයා…
ප්‍රාග්ධන දීමනා සහ අඩු බදු ක්‍රමවේදයක් පදනම් කර ගත් ආයොජන දිරිගැන්වීම් හඳුන්වා දෙන බවත් මේ පිළිබඳ වැඩි විස්තර අයවැය යෝජනා වලදී ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) දින පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියා සිටියේය. “ආනයන හා අපනයන පාලන පනත වෙනුවට නව පනතක් හඳුන්වා දෙනවා….
නව ප්‍රාග්ධනය මෙන්ම කාර්යක්‍ෂමතා මට්ටම් ද හඳුන්වාදෙමින් ප්‍රාදේශීය වැවිලි සමාගම් ප්‍රතිව්‍යුහගත කොට කාර්යක්‍ෂම ව්‍යවසාය බවට පත්කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සිය පස් අවුරුදු ඉදිරි ආර්ථික සැලැස්ම අනාවරණය කරමින් පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලෝක වෙළෙඳපොළේ තේ හා රබර් මිල පහත වැටීමත් සමග අපේ කෘෂි නිෂ්පාදන අපනයන ආදායමත් අඩු වී ඇති බවයි….
ඉදිකිරීම සඳහා අවසර ලබා ගැනීම, විදුලි සබඳතා සහ බැංකු ණය, දේපොළ ලියාපදිංචිය, සුළුතර ආයෝජකයන්ගේ සුරක්‍ෂිතතාව, ආදායම් බදු ගෙවීම, විදේශ වෙළෙදාම, ගිවිසුම් ක්‍රියාත්මක කිරීම, බංකොළොත් ව්‍යාපාර සමථයකට පත් කිරීම, රැකියා වෙළඳපොල රෙගුලාසි ආදී ක්ෂේත්‍ර ගණනාවක් සඳහා ඇති අවහිරතා තම රජය විසින් ඉවත් කරන බවත් මීට අමතරව ආයෝජන සඳහා අවශ්‍ය සියළු අනුමැතීන් එක් කවුන්ටරයකින් ලබා ගත හැකි…
Video Story