Top News

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුරදී

කොළඹ කොටස් වෙළෙඳපොළ රත්නපුර ශාඛාව විසින් ආයෝජකයින්ගේ දැනුවත් භාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නව ප්‍රවණතා සහ කොටස් වෙළෙඳපොළ පිළිබඳ විද්වත් සාකච්ජාවක් රත්නපුර ප්‍රදේශයේ කීර්තිමත් ආයෝජකයන් හා ව්‍යාපාරිකයන් සියයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් රත්නපුර සප්තපාදී උත්සව ශාලාවේදී සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය Chevron Lubricant Lanka PLC හි කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | December 15, 2016 11:09 am

අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනයට මුදල් අමාත්‍යාංශය යටතේ මධ්‍යගත ඒකකයක්

අමාත්‍යාංශවල වියදම් පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා මධ්‍යගත ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එය මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කිරීම වඩාත් ප්‍රායෝගික වන බවයි. 2017 අයවැය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා ඊයේ (14) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය. 2017…

(0)Comments | December 15, 2016 6:37 am

ඩොලරය 150.60 ක් බව රේගුව කියයි

රේගු ආඥා පනතේ 17 වන වගන්තියෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරී ඇති බලතල අනුව 2016 දෙසැම්බර් 12 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි, රේගු ආඥාපනත යටතේ අයකර ගනු ලබන තීරු බදු මෙන්ම, වෙනත් ගාස්තු, දණ්ඩන හා අහිමි කිරීම් වෙනුවෙන් ගෙවීම් කළ යුතු හා ගෙවීම් ලැබිය යුතු විනිමය අනුපාතයන් නිවේදනය කර තිබේ. මෙහිදී ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක්…

(0)Comments | December 15, 2016 5:45 am

අයවැය මූල්‍යයනයට විදේශීය මූල්‍යකරණ මූලාශ්‍ර කෙරෙහි අවධානය

අයවැය මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කරගැනීමේදී රජයේ සුරැකුම්පත් නිකුත් කිරීම වැනි දේශීය මූලාශ්‍ර යොදා ගැනීමට අමතරව, රාජ්‍ය බැංකුවල විදේශ මුදල් බැංකු ඒකක (FCBU) තුළින් අරමුදල් සම්පාදනය කරගැනීම, විදේශ විනිමය කාලීන මූල්‍යකරණ පහසුකම් සලසා ගැනීම හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම වැනි විදේශීය මූල්‍යකරණ මූලාශ්‍ර ද යොදාගත හැකිය. එලෙස විවිධාංගීකරණය කරන ලද ණය ගැනීමේ…

(0)Comments | December 14, 2016 6:49 am

මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදයට කැබිනට් අනුමැතිය

බස්නාහිර කලාපීය මහනගර සැලැස්ම යටතේ හොරණ සහ මීරිගම ප්‍රදේශයන්හි මහා පරිමාණ කාර්මික නගර දෙකක් ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ. හොරණ කර්මාන්තපුරය සංවර්ධන ව්‍යාපෘතියෙහි පළමු අදියර ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය මත පදනම්ව මිල්ලෑව සමූහ කර්මාන්ත ජනපදය ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙතින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් මහානගර හා බස්නාහිර…

(0)Comments | December 14, 2016 5:16 am

ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය පිටු දැකීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය

ළමා ශ්‍රමය යොදාගැනීම මුළුමනින්ම තුරන් කර දැමීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2010 වසරේදී නෙදර්ලන්තයේ, හේග් නුවරදී පැවති ගෝලීය ළමා ශ්‍රම සමුළුවේදී එකඟ වී තිබේ. 2008/2009 වර්ෂයට සාපේක්ෂව 2015/2016 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව තුළ ළමා ශ්‍රමිකයින් සංඛ්‍යාව 50% කින් පමණ අඩුවී ඇති බව ළමා ක්‍රියාකාරකම් සමීක්ෂණ වාර්තා මඟින් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව, ළමා ශ්‍රමය…

(0)Comments | December 14, 2016 4:52 am

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත නිපුණතා සංවර්ධන පුහුණු ව්‍යාපෘතියක් ඇරඹේ

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු කටයුතු පුළුල් කිරීම තුළින් එම කර්මාන්තය මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය තවදුර‍ටත් ඉහළ නැංවීම මැණික් හා ස්වරණාභරණ පර්යේෂණ අභ්‍යාස ආයතනයේ පරමාර්ථය වේ. උසස් කුසලතාවකින් හෙබි ශ්‍රී ලාංකික ශිල්පීන් හට විදේශ රැකියා අවස්ථා උදා කරගැනීමට අවකාශ සැලසීමත්, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු…

(0)Comments | December 14, 2016 4:41 am

අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනයට පියවර

රජයේ නව ඖෂධ ප්‍රතිපත්තිය යටතේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව සමඟ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් 22 ක් ගිවිසුම් අත්සන් කර තිබෙන බවත් 2019 වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම ඉලක්කය වී තිබෙන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 2019 වසර වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම…

(0)Comments | December 13, 2016 8:50 am

නොවැම්බර් මාසයේ දී නිල සංචිත වත්කම් පහළ ගියේ මෙහෙමයි

2016 නොවැම්බර් මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 404.57 කින් පහළ ගොස් තිබේ. 2016 ඔක්තෝබර් 31 දින වන විට පැවති නිල සංචිත වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,053.84 ක්වූ අතර එය නොවැම්බර් 30 වන දින වන විට ඩොලර් මිලියන 5,649.27 දක්වා අඩු වී ඇත. මෙහිදී ඔක්තෝබර් අවසානයේ දී පැවති විදේශ විනිමය…

(0)Comments | December 12, 2016 5:39 am

බදු ආදායම ඉහළ නංවා ගනිමින් ජනතාවගේ බදු බර අඩු කිරීම රජයේ අපේක්ෂාවයි

බදු ගෙවීම පැහැර හරින පිරිස නිසි ක්‍රමවේදයක් යටතේ හඳුනා ගෙන බදු ක්‍රියාවලියට ඇතුළත් කර ගන්නවා.. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (08) පෙරවරුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් විය. රජයට ආදායම් උපයා දෙන ප්‍රධාන ස්ථානයක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු සිදු වන ආකාරය සහ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහි දී සොයා…

(0)Comments | December 11, 2016 7:51 am