අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර 1969 අමතා තමන් යාමට බලාපොරොත්තු වන මාර්ග පිළිබඳ දැනුවත් වන්නැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද (27) සන්ධ්‍යාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මේ වන විට දොඩංගොඩ, වැලිපැන්න, මාතර ඇතුළු දකුණු අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථාන රැසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රවේශ විය නොහැකි තත්ත්වයට…
හේමාස් හෝ වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන අතර සතොස ශාඛා ජාලය පුළුල් කිරීමට සහ එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය වර්ෂයේ රුපියල් මිලියන 1100 ක් තම අමාත්‍යාංශය වැය කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සතොස සහ හේමාස් ආයතනය එක්ව සංවිධානය කර තිබූ “සතොස…
සුළං බලශක්තිය මඟින් මෙන්ම සූර්ය බලශක්තිය මඟින් ද විදුලිය නිපදවීම සඳහා යෝග්‍ය ප්‍රදේශයක් ලෙස ශ්‍රී ලංකාවේ උතුරු පළාතට අයත් පූනරින් ප්‍රදේශය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මෙගාවොට් 240ක ධාරිතාවකින් යුත් සුළං සහ මෙගාවොට් 800ක ධාරිතාවකින් යුත් සූර්ය දෙමුහුන් බලාගාර උද්‍යානයක් පූනරින් ප්‍රදේශයේ ඉදි කිරීමේ…
අමාත්‍යාංශයකට විෂයයන් වෙන්කර දීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමන්ට බවත්, ඒවා ගැසට් කරනතුරු ආදළ කරුණ සම්බන්ධයෙන් කිසිවක් හෝ පැවසිය නොහැකි බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. හිටපු මුදල් අමාත්‍යවරයා නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීමත් සමඟම, මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල වැනි ආයතන විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරනවා දැයි යන්න පිළිබඳ…
දේශීය ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් කර දේශීය සමාගම්වල අපනයනය වැඩි කරන බවත් එමෙන්ම විදේශ ආයෝජන ගෙන්වා ජපානය, චීනය, ඉන්දියාව සමග සාකච්ඡා කොට මේ වසරේ සිට ශ්‍රී ලංකාවට අලුත් ව්‍යාපාර ගණනාවක් හඳුන්වාදීමට අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඩවත, රන්මුතුගල වත්ත, Flinth කොමර්ෂල් පාර්ක්හි ඊයේ (24) Flexiprint’s නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේදී…
ශ්‍රී ලංකාව හා සම තත්ත්වයේ පැවති අනෙකුත් රටවල් විසින් සිය රටවල ආයෝජනයන් ඉහළ මට්ටමකට ගෙන ඒම පිණිස ආයෝජන පරිසරයට අදාළව සිදු කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ සැලකිල්ලට ගෙන, මෙරටට ආයෝජන ගලා ඒම ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. එමඟින් ආයෝජනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තරගකාරීත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමට හැකි වන බව…
සිය ‘රාජ්‍ය අංශ ආයෝජන පහසුකම් වැඩසටහන’ යටතේ ශ්‍රී ලංකාව වෙත සහනදායී මූල්‍ය පහසුකම් නැවත සැලසීමට ෆින්ලන්ත රජය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා යොදාගැනීම පිණිස යුරෝ මිලියන 30ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීම සඳහා ෆින්ලන්ත රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත්…
දණ ගස්සපු, වට්ටපු, බංකොලොත් කරපු ආර්ථිකයක්, සියයට 10 ක දළ දේශීය නිෂ්පාදිතය තිබුණු එකක් අවුරුදු දෙක හමාරකින් සියයට 15.5 දක්වා වැඩි වෙලා තිබෙන බවත්, එසේ සිදුවුණේ දූෂණය, නාස්තිය, පිටස්තරයින්ට තිබුණු මුදල් ප්‍රමාණය භාණ්ඩාගාරයට ලැබුණු නිසා බවත් හිටපු මුදල් අමාත්‍ය සහ නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. බීබීසී සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්…
CM හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, Vespa හා Aprilia යතුරුපැදි මෙරටට ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙසින් පත්කර තිබේ. මේ සම්බන්ධ ගිවිසුමට ඉන්දියාවේ පියාජියෝ වෙහිකල්ස් පුද් සමාගම හා කොලෝනියල් මෝටර්ස් පසුගිය අප්‍රේල් 18 වන දින එළඹ ඇත. Aprilia රේසිං යතුරුපැදි මාදිලි සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර, 1000CC කාණ්ඩයේ…
නව සියවසට ඔබින ආර්ථික ප්‍රතිසංස්කරණ තුළින් රටට අවශ්‍ය ආර්ථික දියුණුව ඇති කිරීම සඳහා උපරිම ශක්තිය යොදවන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසු ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව අමතා සිදු කළ…
Video Story