Top News

කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනය නියාමනයට රජය සැරසෙයි

ඉදි කිරීම් සඳහා අවශ්‍ය වන කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ආනයනයට අදාළ රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එම යන්ත්‍ර ආනයනයේදී වසර 10කට වඩා නොපැරැණි සහ වසර 10කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02ක් හඳුන්වා දී ඇත. එයින් වසර 10කට වඩා පැරැණි කොන්ක්‍රීට් පොම්ප ට්‍රක්රථ, ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු‍…

(0)Comments | May 31, 2017 11:20 am

ගංවතුරෙන් සංචාරක කර්මාන්තයට හානියක් නැහැ – ඇමති ජෝන් කියයි

පසුගිය දින කිහිපය පුරාවට දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකම ඇති වූ ගංවතුර සහ නායයැම් තත්ත්වයන් හමුවේ සංචාරක කර්මාන්තයට කිසිදු හානියක් සිදුව නැති බව සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය. අද (30) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේය. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, හෝටල් හිමියන්ගේ සංගමය ඇතුළු සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන…

(0)Comments | May 30, 2017 4:53 pm

හානියට පත් කුඩා කර්මාන්ත නඟාසිටුවන්න රජයෙන් මිලියන 200 ක්

ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ව්‍යවසායන් යළි නඟාසිටුවීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස රජය, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී. පසුගිය දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා බැංකු අංශය නියෝජනය කරමින් එහි සිටි…

(0)Comments | May 30, 2017 12:03 pm

අාපදාවෙන් විපතට පත් ජනතාවගේ බැංකු ණයට සහනයක්

ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. මේ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ අනුව අවශ්‍ය සහන සැළසීමට පළමු අදියරේ දී රුපියල් බිලියන 02ක මුදලක් වෙන් කිරීමට…

(0)Comments | May 30, 2017 10:07 am

හානියට පත් ව්‍යාපාර පිළිබඳ සංගණනයක් ඇරඹෙයි

කොළඹ වානිජ මණ්ඩලය හා අන්තර්ජාතික රතු කුරුස සමාජය එක් වී හානියට පත් වූ ව්‍යාපාර පිළිබඳ සංගණනයක් මේ වන විට අරඹා තිබෙන බවත් බොහෝ දුරට ඉදිරි සතිය ඇතුළත මෙම ගණනය කිරීම අවසන් කිරීමට හැකිවනු ඇති බවත් ආචාර්ය අමිල කන්කානම්ගේ පැවසීය. අද දෙරණ හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු විසින් මේ බව අනාවරණය කරන ලදී. ආචාර්ය අමිල…

(0)Comments | May 29, 2017 5:39 pm

ඉන්ධන ආනයන වියදම සියයට 138 කින් නගී

2017 පෙබරවාරි මාසය තුළ දී මෙරටට ආනයනය කරන ලද ඉන්ධන සඳහා කරන ලද වියදම සියයට 138.3 කින් ඉහළ ගොස් ඇතැයි 2017 පෙබරවාරි මාසය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශය ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ. 2017පෙබරවාරි මාසයේ ඉන්ධන ආනයන වියදම ඇමරිකානු ඩොලර් 354.6 ක් වන අතර එය…

(0)Comments | May 29, 2017 5:32 pm

කාර්මික අපනයන පහළ යද්දී කෘෂිකාර්මික අපනයන ආදායම ඉහළට

ප්‍රධාන වශයෙන් කාර්මික අපනයන අඩුවීම හේතුවෙන් 2016 වසරේ පෙබරවාරි මාසයේ එක්සත් ජනපද ඩොලර් මිලියන 892 ක්වූ අපනයන ආදායම 2017 වසරේ පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද ලෙර් මිලියන 868 ක් දක්වා සියයට 2.7 කින් පහළ ගියේය. මුළු අපනයන ආදායමෙන් සියයට 76 ක් පමණ වූ කාර්මික අපනයන ආදායම, 2017 වසරේ පෙබරවාරි මාසයේ ද් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය…

(0)Comments | May 29, 2017 1:19 pm

කලාපීය වැවිලි සමාගම් 22 තුළ ජීවිත හානි නැහැ

සිය සාමාජිකත්වයෙහි පවතින කලාපීය වැවිලි සමාගම් 22 තුළ කිසිදු ජීවිත හානියක් ගංවතුර හෝ නායයෑම නිසා ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී නොමැති බව ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහෙත් අදාළ ප්‍රදේශවලට බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කිහිප දෙනෙකු අවතැන් වී ඇති බවත් කලාපීය වැවිලි සමාගම්වල වතු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම මේ වන…

(0)Comments | May 29, 2017 12:43 pm

ආපදා සහන කටයුතු සඳහා චීනයෙන් යුවාන් මිලියන 15ක සහනාධාර

ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය යුවාන් මිලියන 15ක වටිනාකම ඇති මානුෂවාදී සහනාධාර භාණ්ඩ පරිත්‍යාග කරන බව චීන රජය පවසයි. විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය කූඩාරම්, පොරවන ඇතුළු භාණ්ඩ ඒ අතරට අයත්වේ. එම භාණ්ඩ තොගය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට චීන රජය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යාම් විපත්…

(0)Comments | May 29, 2017 10:47 am

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමේ විභාගය කල් යයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත හෙට (28) දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවලංගු කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. මෙම විභාගයට පෙනී සිටීමට අයදුම්කරුවන් 93952ක් සුදුසුකම් ලබා සිටිති. මෙම විභාගය නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම් දෙනු ලබන අතර…

(0)Comments | May 27, 2017 7:01 pm