Top News

වරායේ නව සභාපති වැඩ අරඹයි

සමුද්‍රීය නාවික වෙළෙඳ ක්ෂේත්‍ර යේ වෘත්තීයවේදියෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගිය දා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය. අදාළ පත්වීම වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විසින් සිදු කරන ලදී. දිසානායක මහතා 2001 – 2004 කාලය තුළ ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙස හා ජයබහලු…

(0)Comments | June 6, 2017 10:10 am

ආපදාවට පත්වූවන්ගේ රාජ්‍ය බැංකු ණය සඳහා සහනයක්

ආපදාවට ලක්වූ  පුද්ගලයන් රාජ්‍ය බැංකුවලින් ණය ලබාගෙන තිබුණේ නම් ඒ සඳහා යම් සහනයක් ලබා දීමට  රජය කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (05) ගාල්ල නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී ආපදා සහන සේවා සැපයීමේ කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදී ය….

(0)Comments | June 5, 2017 10:53 pm

හර්ෂ වැඩ භාර ගනී

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (05) උදෑසන වැඩ භාර ගත්තේය. මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ එම අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රෆීක් මහතා ද සහභාගී විය.

(0)Comments | June 5, 2017 6:03 pm

එමිරේට්ස් ඇතුළු ජාත්‍යන්තර ගුවන්සේවා 4 ක් කටාර් යන්න බැහැ කියයි

එමිරේට්ස්, එටිහාඩ්, ෆ්ලයිඩුබායි හා එයාර් ඇරබියා යන ගුවන් සේවා කටාර් හි දෝහා සිට/ දක්වා පවත්වනු ලබන සියලූම ගුවන් ගමන් හෙට දින (06) සිට නවතා දමන බව සඳහන් කර සිටී. මේ අතර එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ දෝහා වෙත ගමන් ගන්නා EK847 යානය වන හෙට (06) පෙරවරු 2.30 ට පිටත් වන බවත්,…

(0)Comments | June 5, 2017 4:52 pm

කටාර් සබඳතා ඇණහිටියි. ලෝක තෙල් මිල ඉහළට

සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් කටාර් රාජ්‍ය සමග පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම බලපවත්වන පරිදි නවතා දැමීමත් සමඟම මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටී. මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම…

(0)Comments | June 5, 2017 3:50 pm

සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක්

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන භාණ්ඩ තොගයක් රැගත් විශේෂ චීන ගුවන් යානයක්  පසුගිය දා (03) කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. සහන භාණ්ඩ තොගය  ශ‍්‍රී ලංකා රජය වෙත පිළිගැන්වීමේ උත්සවය ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ දී ශ‍්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියැංලිං, විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සහ ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්…

(0)Comments | June 5, 2017 7:04 am

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් රැකියා 120,000ක්

2019 අවසන් වන විට රැකියා දසලක්ෂයක් බිහි කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් රැකියා අවස්ථා 120,000ක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ක්ෂේත්‍රයෙන් බිහි කිරීමට පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර  මහතා පවසයි. ඒ සඳහා මේ වනවිට පියවර රැසක් ගෙන ඇති බව පවසන අමාත්‍යවරයා මන්නාරම අක්කර 3000ක…

(0)Comments | June 5, 2017 7:02 am

රුපියලේ වටිනාකම තවදුරටත් පිරිහෙයි

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයටඑරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මැයි මස 23 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කර තිබේ.   අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මැයි මස 23 වැනි දින…

(0)Comments | June 2, 2017 2:05 pm

ඉහළ නගින උද්ධමනය ඇතුළු සෘණාත්මක සාධක ආර්ථික බලාපොරොත්තු පහළ දමයි

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය   ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ.   රැකියාවේ…

(0)Comments | June 2, 2017 11:11 am

මුදල් රාජ්‍ය ඇමති රාජකාරි අරඹයි

අභිනවයෙන් පත්කරන ලද මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාඅද (01) මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ ආරම්භ කළේ ය.   මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර් ය ආර්.එච්.එස්. සමරතුංග මහතා, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ජී.ඩී.සී. ඒකනායක මෙනවිය, මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාද මේ අවස්ථාවට එක්විය.

(0)Comments | June 1, 2017 4:54 pm