Top News

අගෝස්තු සංචාරක පැමිණීම 11.8% කින් ඉහළට

2016 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 186,288 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 ක සංචාරකයින් ගණන හා සැසඳීමේ දී 11.8% ක වර්ධනයකි. මේ අතර 2016 පළමු මාස 08 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 1,359,906…

(0)Comments | September 7, 2016 7:40 am

ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය පාලනයට වැඩපිළිවෙලක්

ඇස්බැස්ටෝස් මඟින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වෙනත් ලාභදායී ආදේශක වෙත යොමු වෙමින් ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 01 01 දින සිට සීමා කිරීමටත්, 2024 01 01 දින වන විට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකස්…

(0)Comments | September 7, 2016 6:13 am

ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනයට ADB ආධාර

යෝජිත ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අනුව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ මඟින් ඵලදායී ලෙස එක්රැස් කිරීමේ අරමුණින්, ශක්තිමත් නෛතික හා නියාමන රාමුවකින් සමන්විත, කාර්යක්ෂම, ස්ථාවර හා විනිවිදභා‍වයෙන් යුත් ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව…

(0)Comments | September 7, 2016 5:45 am

වෙළෙඳ හිඟය තවදුරටත් ඉහළට

2016 ජූනි මාසයේ දී වෙළෙඳ ගිණුමෙහි හිඟය, පෙර වසරේ අනුරූප මාසයෙහි පැවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 735 හි සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 779 දක්වා පුළුල් වූ අතර ආනයන අඩුවීමට සාපේක්ෂව අපනයන විශාල ලෙස අඩු වීම මේ සඳහා හේතු වී තිබේ. 2016 වසරේ පළමු අර්ධයේ දී සමුච්ඡිත වෙළෙඳ හිඟය ද, 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී…

(0)Comments | September 7, 2016 4:57 am

IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

2016 ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකව ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 168 ක් ලැබීමත් සමගම මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලද පළමු ණය වාරිකය වේ. ජූනි මාසය තුළ දී ඒකාබද්ධ ණය වශයෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 මගින් ද මූල්‍ය ගිණුම…

(0)Comments | September 6, 2016 11:20 am

තරංගානි ගාමන්ට්ස් විශිෂ්ටතම නැගී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

පසුගියදා පැවති 20 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2014 වසරේ විශිෂ්ටත ම අපනයනකරුට හිමි සම්මානය දිනා ගැනීමට තරංගානි ගාමන්ට්ස් සමාගම සමත් විය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය…

(0)Comments | September 6, 2016 10:03 am

ජාතික සංවර්ධන ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා ලබන අයවැයෙන් උපරිම ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් ඇමති කියයි

ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා නිවැරැදිව හඳුනාගෙන එයට සරිලන පරිදි ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අවශ්‍ය තරම් උපරිම ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 2016 වසරේ විසර්ජන පනත මඟින් හදුන්වාදෙන ලද ශූන්‍ය පාදක අයවැය යටතේ සියලු රාජ්‍ය ආයතන තම ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක්…

(0)Comments | September 6, 2016 8:47 am

ජෝන් කීල්ස් කොටස් බලපත්‍රය 27 න් අහෝසියි

ජෝන් කීල්ස් හොල්ඩිංග්ස් පීඑල්සී හි JKH .W0023 කේතයෙන් හැඳින්වෙන කොටස් බලපත්‍රය ගනුදෙනු වීම 2016 සැප්තැම්බර් 27 වනදායින් අවසන්වේ. මෙහිදී අදාළ කොටස් බලපත්‍ර හිමියන් හට සිය කොටස් බලපත්‍ර, සාමාන්‍ය කොටස් බවට පරිවර්තනය කිරීම සඳහා 2016 සැප්තැම්බර් 28 සිට 2016 නොවැම්බර් 11 වන දින දක්වා කාල සීමාව හිමිවනු ඇත. මෙහිදී කොටස් බලපත්‍රයක් සඳහා රු. 149.29 බැගින් මුදල්…

(0)Comments | September 6, 2016 8:16 am

කලමාසු අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් දැවැන්ත හිමිකම් නිකුතුවක්. කොටස් මිල 25% කින් පහළට

කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි (KALAMAZOO SYSTEMS PLC) නව අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ (05) දිනයේ දී වැඩ භාර ගන්නා ලදී. මෙහිදී සමාගමේ විධායක සභාපතිවරයා වශයෙන් ෂමීන්ද්‍ර රාජයියා පත්වී තිබෙන අතර පාලිත ගුණතිලක විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙසින් වැඩ භාරගෙන ඇත. තවද සංජීව් අලස්, මයිකල් රත්නසබාපති හා ප්‍රසන්න කාසිචිට්ටි විධායක නොවන/ ස්වාධීන අධ්‍යක්ෂවරුන් ලෙස පත්වීම් ලැබ තිබේ. මේ අතර කලමාසු…

(0)Comments | September 6, 2016 6:54 am

මැණික් කර්මාන්තය ජාත්‍යන්තර තුළ ප්‍රචලිත කිරීමට පුළුල් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය තව දුරටත් ජාත්‍යන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමටත්, එමගින් විදේශ විනිමය ඉපයීම සඳහා පුළුල් ක්‍රමවේදයක් සකස් කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන, ලොව දුර්ලභ මැණික් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඉඩ ප්‍රස්ථා ලබා ගැනීමට රජය යටතේ පියවර ගන්නා බවයි. ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය මගින්…

(0)Comments | September 6, 2016 4:37 am