Top News

ලියාපදිංචි නැති යතුරුපැදි ලියාපදිංචියට මාස 04 ක කාලයක්

නීත්‍යනුකූල ලියවිලි නොමැති යතුරුපැදි පරීක්ෂා කිරීමෙන් පසු සහනයක් ලෙස ලියාපදිංචිය ලබා දීමටත්, මෙම සහනය ලබා දීමේදී නීත්‍යනුකූල වශයෙන් යතුරුපැදි ආනයනය කරනු ලබන ආනයනකරුවන්ට අගතියක් නොවන පරිදි හා මෝ‍ටර් වාහන පනතේ අඩංගු විධිවිධානවලට අනුකූල වන යතුරුපැදි සඳහා මෙය ක්‍රියාත්මක කිරීමටත්, මෙම සහනය මාස හතරක (04) කාල සීමාවකට පමණක් ලබා දීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල්…

(0)Comments | August 31, 2016 5:07 am

මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ දැමීඹ තුළින් වසරේ පළමු මාස හත තුළ දී ගත් ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගවල බලපෑම ආර්ථිකයට ක්‍රමයෙන් සම්ප්‍රේෂණය වෙමින් පවතින බව මුදල් මණ්ඩලය 2016 අගෝස්තු 30 දින පැවති රැස්වීමේ දී නිරීක්ෂණය කර තිබේ. එබැවින් වසරේ ඉතිරි කාලය තුළ දී මුදල් සහ ණය සමස්තයන් හි වර්ධනය, මැදිකාලීනව උද්ධමනයට මැදි තනි අගයක…

(0)Comments | August 31, 2016 5:00 am

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මාන හතක්

ඉ- ස්වාභිමාණී 2016 වාර්ෂික සම්මාන ප්‍රදානයේ අවසන් වටය සදහා තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් සහ යෙදවුම් නිර්මාණකරුවන් 42දෙනෙකු සුදුසුකම් ලබා ඇත. නිර්මාණශීලී තොරතුරු තාක්‍ෂණ අන්තර්ගතයන් හා යෙදවුම් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් මෙම සම්මාන ප්‍රදානෝත්සවය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි. මේ අතර පසුගියදා ඉන්දියාවේ පැවති එම් බිලියන්ත් ජාත්‍යන්තර…

(0)Comments | August 31, 2016 4:34 am

ජේ ආර් ගේ රුපියලට ඩොලර් 399 ක ලංසුවක්

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රුව සහිතව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රුපියලේ කාසියක් ebay වෙබ් අඩවිය හරහා වෙන්දේසියට දමා තිබේ. මෙහි ඇති විශේෂත්වය ඇමරිකානු ඩොලර් 399.00 ක් මෙම රුපියල සඳහා මිල කර තිබීමයි. මෙම කාසිය 1978 පෙබරවාරි 04 වන දින නිකුත් කරන ලද්දකි. කාසියෙ හි විකුණුම්කරුවා ebay හි…

(0)Comments | August 30, 2016 8:30 am

ශ්‍රම වෙළඳ පොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කිරීම නව රජයේ ප්‍රමුඛ අරමුණක්

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා කියයි මෙතෙක් කිසිදු රජයකට පිලියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිලි විසදුම් සපයමින් ශ්‍රම වෙළඳ පොළ ඉලක්ක ගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව විසින් සංවිධානය කල…

(0)Comments | August 30, 2016 8:17 am

වැඩි මුදලක් ගෙවන්න කැමති සංචාරකයින් ලංකාවට එනවා VIDEO

සුඛෝපභෝගී පහසුකම් සොයා ලොව නං දෙස විසිරී සිටින සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීම් සිදුවෙමින් පවතින බව සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලයේ සාමන්‍යාධිකාරී අසේල වෑවිට මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ලොව ඉහළ වියදමක් දැරීමට යොමුවුණු සංචාරකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක හෝටලයක් ලෙසින් සීගිරිය වෝටර් ගාඩ්න් හෝටලය හැඳින්විය හැකිය….

(0)Comments | August 30, 2016 6:43 am

සමාගම් කිහිපයක මුල් පුටු වෙනස්වෙයි

ලැයිස්තුගත සමාගම් කිහිපයක අධ්‍යක්ෂ ධූර ඇතුලු මුල් පුටුවල වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ. මේ බව අදාළ සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිඛිතව දැනුම් දී ඇත. හේමාස් සමූහයට අයත් සෙරන්ඩිබ් හොටේල්ස් පීඑල්සී හි කළමනාකරණ අධ්‍යක්ෂ ඩී.ටී. ආර් ද සිල්වා 2016 අගෝස්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ. තවද මොහු හේමාස් සමූහයේ තවත්…

(0)Comments | August 30, 2016 5:25 am

මුදල් ඇමතිගෙන් සාක් රටවලට ආරාධනාවක්

දකුණු ආසියාවේ වෙළෙඳ ක‍්‍රමෝපායන මධ්‍යස්ථානයක් වූ කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා ප‍්‍රයෝජනයට ගෙන තම රටවල ආර්ථික ප‍්‍රගමනයන්ට දායකත්වය ලබා ගන්නා ලෙස මුදල් ඇමැති රවී කරුණානායක මහතා සාක් රටවල මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. මුදල් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත් වුණ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල මුදල් අමාත්‍යවරුන්ගේ 8…

(0)Comments | August 30, 2016 4:16 am

බිලියන 6 ක තේ අරමුදලට අත තියනවාට තේ සංගම්වල විරෝධය

තේ කර්මාන්තයේ යෙදෙන සියලු පාර්ශවකරුවන් තේ මණ්ඩලය සතු අරමුදලක් රජය විසින් පවරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ. කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය, තේ අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා කුඩා තේ වතු සංවර්ධන සංගමය හා කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමය එක්ව නිකුත් කරන ලද නිවේදනයක මේ…

(0)Comments | August 29, 2016 10:24 am

ලංකාවේ ආයෝජනය නොකරන්න වොක්ස්වැගන් තීරණය කරලා – නි. ඇමති එරාන් කියයි

වොක්ස්වැගන් සමාගම හට ජාත්‍යන්තරව මුහුණ දීමට සිදු වූ ප්‍රශ්න හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබූ ආයෝජනය දැනට නොකිරීමට තීරණය කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අද දෙරණ ‘මොකද වුණේ‘ ප්‍රවෘත්ති විශේෂාංගය සමඟ එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

(0)Comments | August 29, 2016 7:58 am