Top News

පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිලිබඳ සැසිවාරයේ සභාපතිත්වය ඇමති නිරෝෂන්ට

ඕස්ට්‍රේලියාවේ පවත්වන පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද සැසිවාරයට සහභාගී වීම සඳහා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප්‍රමුඛ ශ්‍රීලංකා නියෝජිත පිරිසපසුගියදා ඔස්ට්‍රේලියාව බල පිටත් විය. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධ පිළිබඳවත්, අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරේ. ඊයේ (25) පෙරවරුවේ පොදු රාජ්‍ය මණ්ඩලයේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබද පළමු සැසිය ආරම්භ වූ…

(0)Comments | July 26, 2016 7:50 am

ලොව අවසන් වීඩියෝ කැසට් රෙකෝඩරය මෙම මාසයේ දී වෙළෙඳපොළට

මේ වන විට වීඩියෝ කැසට් රෙකෝඩර (VCR) නිෂ්පාදනය කරනු ලබන ලොව එකම සමාගම වන ජපානයේ Funai Electric සමාගම මෙම මාසයෙන් පසු වීඩියෝ කැසට් රෙකෝඩර නිෂ්පාදන කටයුතු මුළුමනින්ම නවත දමන බව කියා සිටී. චීනයේ Sanyo සමාගම වෙනුවෙන් VCR යන්ත්‍ර නිෂ්පාදනය කරනු ලබන ජපානයේ Funai Electric ඉලෙක්ට්‍රික් සමාගම මේ සම්බන්ධයෙන් කියා සිටින්නේ සිය අලෙවිය විශාල වශයෙන් පහත…

(0)Comments | July 26, 2016 6:35 am

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 13 ක ප්‍රදාන

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වසරේ පෙබරවාරි මස සිදු කළ ජර්මානු සංචාරයේදී එරට රජය සමග ඇති කර ගත් එකඟතාවන්ට අනුව ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 13 ක ප්‍රදාන ලබාදීමට අදාළ ගිවිසුම් ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි. මුදල් අමාත්‍යාංශයේ, ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට…

(0)Comments | July 26, 2016 6:03 am

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමේ දීමනා ගෙවීමට එකඟවෙයි

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි වීමට අදාළ අන්තර්කාලීන දීමනාව, හිඟ මුදල් ද සමඟ වහාම ගෙවීමට හාම්පුතුන්ගේ සම්මේලනය එකඟ වූ බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි. මේ එකඟතාවයට එළැඹුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සම්මේලන නියෝජිතයන් අතර ඊයේ (25) අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවක දී ය. මේ වැටුප් වැඩි වීමට අදාළ…

(0)Comments | July 26, 2016 4:58 am

ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රැස්වීමක්

ක්ෂුද්‍ර මුල්‍ය රාජ්‍ය නොවන සංවිධාන සහ ක්ෂුද්‍ර ණය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ජාතික මෙහෙයුම් මැදිරියේදී පසුගිය 22 වැනි දා පැවති බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය සඳහන් කරයි. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු ජුලි 29 දින…

(0)Comments | July 26, 2016 4:47 am

නන්දන ලොකුවිතාන ගෙන් හොල්සිම් ලංකා සඳහා ඩොලර් මිලියන 261 ක ලංසුවක්

ලෆාජ්හෝල්සිම් සමාගමේ ශ්‍රී ලංකා ව්‍යාපාර ඒකකය වූ පුත්තලමේ පිහිටි හොල්සිම් ලංකා හි හිමිකම ඇමරිකානු ඩොලර් මිලියන 400 කට තායිලන්තයේ සියාම් සිටි සමාගම මිල දී ගත් බව මවු සමාගම විසින් අද දින ප්‍රකාශ කරන ලදී. මේ සඳහා පාර්ශව 7 ක් ලංසු ඉදිරිපත් කර තිබුණු අතර ඊට දේශීය පාර්ශවකරුවන් දෙදෙනෙකුගේ ද උනන්දුව පළ වී තිබූ බව කියැවිණි….

(0)Comments | July 25, 2016 5:28 pm

සිලෝන් ටී සවුදි අවශ්‍යතා සපුරයි

සවුදි රජයේ ආහාර හා ඖෂධ අධිකාරියේ පිරිවිතර (specifications) සපුරාලීමට ශ්‍රී ලංකා තේ සමත් වී ඇති බව අරාබ් නිවුස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී. පසුගිය සතියේ ශ්‍රී ලංකා දූත පිරිසක් සවුදි අගනුවර රියාද් නුවර දී හමු වූ අවස්ථාවේ දී සවුදි රජය විසින් මේ බව නිවේදනය කර තිබේ. එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාත්‍යන්තර ප්‍රවර්ධන හසිත…

(0)Comments | July 25, 2016 10:23 am

හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලත්නයේ සියාම් සිටි සමත්වෙයි

ඇමරිකානු ඩොලර් මිලියන 400 කට ශ්‍රී ලංකාවේ ලෆාජ්හොල්සිම් ව්‍යාපාර ඒකකය වන හොල්සිම් ලංකා මිල දී ගැනීමට තායිලන්තයේ Siam City සිමෙන්ති පොදු සමාගම සමඟ ගිවිසුමකට එළඹි බව ලෆාජ්හොල්සිම් සමාගම නිවේදනය කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ විශාලතම අනුකලිත සිමෙන්ති කර්මාන්තශාලාව හා සිමෙන්ති සම්මිශ්‍රණාගාරය මෙහෙයවීමේ හිමිකම මින් ඉදිරියට තායිලන්තයේ සියාම් සිටි සමාගම වෙත හිමිවනු ඇත. මෙම ගනුදෙනුවේ…

(0)Comments | July 25, 2016 5:57 am

එංගලන්තයේ විකිණෙන ලංකාවේ තැඹිලිවලට ඉහළ ඉල්ලුමක්

මෙරට තැඹිලි වතුර ප්‍රථම වතාවට බෝතල් කළ පානයක් ලෙසින් ලංඩනයේ දී ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලංඩනයේ සුප්‍රසිද්ධ Harrods සාප්පු සංකීරණයේ දී බෝතල් කළ තැඹිලි වතුර අලෙවි කිරීමට Jeeva Natural UK Ltd හි නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා භාවි කනඩියා විසින් මුලපුරනු ලැබීය. මේ සඳහා බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්නගෙන් ද සහාය…

(0)Comments | July 25, 2016 5:56 am

ඉරාන තෙල් යළිත් ලංකාවට

ඉරාන බොරතෙල් ආනයනය යළි ආරම්භ කරන බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සමග සිය නිල නිවසේ ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පස්දෙනා හා එකතු වූ කෙනාගේ කල්ලිය හෙවත් Group 5+1 විසින් ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුකොට ගෙන 2012 වසරේ දී ඉරානයෙන් බොරතෙල්…

(0)Comments | July 25, 2016 5:35 am