රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මධ්‍යකාලීන ඉලක්ක වන රැකියා දස ලක්ෂයක් බිහි කිරීම, ආදායම වැඩි කිරීම, ග්‍රාමීය ආර්ථික සංවර්ධනය, ඉඩම් හිමිකම් සහතික කිරීම යන ඉලක්ක සපුරා ගැනීමට හැකි වන පරිදි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති, වසර 2030 වන විට ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක 17 සපුරා ගැනීමට…
පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රජය විසින් යෝජනා කරනු ලැබූ රු.2,500/-ක මාසික වැටුප් වැඩි කිරීම වැවිලි සමාගම්වල සේවකයින් සඳහාද ලබා දිය යුතු බවට රජය නිර්දේශ කර සිටී. පසුගිය කාල සීමාව තුළ ලෝක වෙළෙඳපොළෙහි තේ මිල පහත වැටීම නිසා ප්‍රාදේශීය වැවිලි සමාගම් මුහුණ දී සිටින දැඩි මූල්‍ය දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන එම සමාගම්වල සේවකයින්ට අදාළ වැටුප් වැඩි වීම…
මුද්‍රණ කර්මාන්තය හා ආශ්‍රිත උපකරණ සහ ලිපිද්‍රව්‍ය අලෙවි සමාගමක් වන කලමාසු සිස්ටම්ස් (KALAMAZOO SYSTEMS PLC) හි බහුතර කොටස් අයිතිය අත්පත් කර ගැනීමට රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී අද (20) දින පියවර ගන්නා ලදී. කලමාසු සිස්ටම්ස් හි ප්‍රමුඛ කොටස් හිමියා වූ නිමල් පෙරේරා විසින් තමා සතු කොටස් 34,985 ක් රු. 1,428.00 බැගින් මෙහිදී අලෙවි කර තිබේ. මෙය සමාගමේ…
මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගම සතුව තිබූ අගලවත්ත වැවිලි සමාගමේ බහුතර කොටස් අයිතිය පසුගිය දා අලෙවි කරන ලදී. මෙය සමාගමේ ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 60.8% ක් හෙවත් කොටස් මිලියන 15.2 කි. කෙසේ වෙතත් මේ වන විට අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව වෙත පැමිණිල්ලක් ලැබී තිබෙන බව වාර්තා වේ. ඒ මැක්වුඩ්ස් වැවිලි (පුද්)…
2016 පළමු කාර්තුව තුළ දී ලෝක රත්‍රං ඉල්ලුම ටොන් 1,290 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පෙර වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 21% ක ඉහළ යාමකි. මේ සම්බන්ධයෙන් ලෝක රන් කවුන්සිලය නවතම වාර්තාවක් සකසා තිබෙන අතර පහත සඳහන් අනාවරණයන් එහිදී ප්‍රකාශයට පත් කර ඇත. • 2015 පළමු කාර්තුවේ දී රන් සඳහා වූ ගෝලීය ඉල්ලුම ටොන්…
රුපියල් මිලියන 22,500 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් අද දිනයේ දී සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91, 182 හා 364 යන කල්පිරීමේ කාලයන්ගෙන් යුතුව පිළිවෙලින් රුපියල් මිලියන 5000, 7500 හා 10000 බැගින් වන බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය කරනු ලැබූ සමාගම් සමූහයක් වන හේලීස් පීඑල්සී විසින් මාලදිවයිනේ Kudarah Island Resort මිල දී ගෙන තිබේ. මේ සඳහා හේලීස් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Luxury Resort (පුද්) සමාගම හරහා සමාගම විසින් ආයෝජනය කර තිබෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 23 කි. Kudarah Island Resort යනු මාලදිවයිනේ South Ari Atoll පිහිටි සුඛෝපභෝගී විලා 51…
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයේ වෙනස්වීම් කිහිපයක් යළිත් වරක් සිදුව තිබේ. මෙම සියලු සංශෝධනයන්ප 2016 ජූලි 15 වන දින සිට බලපැවැත්වෙන බව සමාගම වැඩිදුරටත් කියා සිටී. මේ අනුව සමාගමේ නව සභපතිවරයා වශයෙන් සුදත් ජයසුන්දර පත්කොට තිබේ. එසේම සමාගමේ විධායක ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ඔහු පත්කොට ඇත. පසුගිය මාසයක කාලයක් තුළ දී බ්ලූ…
අගෝස්තු 11-12 දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව 2016 (Sri Lanka Human Capital Summit 2016) සඳහා ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත ඇමතිවරයෙකු වන කේ.ටී. රාම රාඕ ප්‍රධාන ආරාධිතයෙකු ලෙසින් එක් වීමට නියමිතය. ඔහු තෙලන්ගනාවේ තොරතුරු තාක්ෂණ, මහනගර පරිපාලන, වානිජ හා කර්මාන්ත ඇමතිවරයා වේ. දිනේෂ් වීරක්කොඩි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික මානව…
අමානා තකාෆුල් පී.එල්.සී හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් රුපියල් මිලියන 75ක මූලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කර සිටී. ජීවිත සහ සාමාන්‍ය රඬණ සමාගම් එකිනෙකට ස්වායත්තව ව්‍යාපාරික කටයුතු සිදු කළ යුතු බවට නිකුත් කරනු ලැබූ නියාමන රෙගුලාසිවලට අනුකූලව 2015 පෙබරවාරි 1 වන දින සිට ස්වායත්තව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යන පළමු…
Video Story