මෙම රජය විසින් සිදුකළේ පාලනය කර තිබූ රුපියලේ අගය අතහැරීම බවත් වෙළෙඳපොළේ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව ඩොලරයක් සඳහා හිමි විය යුතු නියම රුපියල් මිල මේ වන විට තීරණය වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඊයේ පැවති මාධය හමුවකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ රුපියලේ අගය අවශ්‍ය නම් 115…
අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,534.35 ක් ලෙසිනි. මෙය ඒකක 115.97 ක හෙවත් 1.74% ක පහළ යාමකි. 2015 අගෝස්තු 24 වනදායින් පසු ඒකක 100 ක් ඉක්මවූ අගයකින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය පළමු අවස්ථාව මෙයයි. එසේම 2014 ජූලි 08 වනදායින් පසු ඒකක 6,550 සීමාවෙන් මෙපිටට,…
කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ දරුණුතම කඩා වැටීම මේ වන විට වාර්තා වී තිබේ. අද පස්වරු 1.55 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,544.63 දක්වා පහළ බැස තිබෙන අතර එය ඒකක 105.69 ක හෙවත් 1.59% ක පහළ යාමකි. රුපියල් මිලියන 900 ක් ඉක්ම වූ පිරිවැටුමක් අද දිනයේ ගනුදෙනු තුළින් මේ දක්වා වාර්තා වී තිබේ. පස්වරු…
අද දින සිය ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කළ පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ ලාභයෙන් 50% ක් ලාභාංශ වශයෙන් බෙදාදීමට පියවර ගන්නා බව එම සමාගමේ කළමානාකාර අධ්‍යක්ෂ ඩී.පී. කුමාරගේ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz කළ විමසීමකට පිළිතුරු දෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කුමාරගේ මහතා මෙසේ කියා සිටියේය. “අපිට මෙම සමාගම ලැයිස්තුගත කිරීමේ…
ආසිරි රෝහල් සමූහය විසින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා ආයතනයෙන් (International Finance Corporation) ලබා ගෙන තිබූ ණය මුදලකින් කොටසක් ගෙවා තිබෙන බව නිවේදනය කර සිටී. ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ණය මුදලෙන් ඩොලර් මිලියන 12.9 ක් මෙසේ ගෙවා තිබේ. 2010 වසරේ දී මෙලෙසින් ඩොලර් මිලියන 20 ක මුදලක් ආසිරි රෝහල් සමූහය විසින්…
කොළඹ කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ වාර්තා වුණු දරුණුතම කඩා වැටීම අද වාර්තා විය. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 75.96 කින් පහළ ගිය අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 1.13% ක පහළ යාමකි. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,650.32 ක් ලෙසින් මේ වන විට සටහන්ව තිබේ. S&P SL20…
යෝජිත කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ වැඩකටයුතු ඉදිරි අප්‍රේල් මාසයේ දී ඇරඹීමට සැලසුම් කර තිබෙන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙරට ව්‍යාපාරික කටයුතුවල නිරත නොවන මැදපෙරදිග, ජපානය හා කොරියාවේ ජාත්‍යන්තර බැංකු හතක් මෙම ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය හරහා සිය අක්වෙරළ සමාගම් ස්ථාපිත කිරීමට මේ වන විට සැලසුම් කර…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද මධ්‍යහ්න 12.00 පමණ වන විට ඒකක 66.40 කින් පහත වැටී තිබිණ.මෙය පෙර දිනයට සාපේක්ෂව 0.99% ක කඩා වැටීමකි. දිනයේ මුල් භාගය තුළ දක්නට ලැබුණු මෙම පහළ යාම මෑත කාලයේ දක්නට ලැබුණු විශාලතම කඩා වැටීම ලෙසින් සැලකිය හැකිය. මේ වන විට ලොව පුරා කොටස් වෙළෙඳපොළ බොහෝමයක් පත්ව…
ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියනුයේ ශ්‍රී ලංකාවයි. මේ වන විට කුරුඳු සංවර්ධන අධිකාරියක් ස්ථාපිත කිරීම සඳහා ලංකා කුරුඳු සංගමය විසින් රජයෙන් ඉල්ලා තිබෙන බව හා අගය එකතු කිරීම සඳහා පර්යේෂණ කිරීමට ජාතික විද්‍යා පදනමට මෙවර අයවැයෙන් රුපියල් මිලියන 50 ක් වෙන්කර තිබෙන බව අද දෙරණ Biz 24×7 හා එක්වෙමින් ලංකා කුරුඳු සංගමයේ…
ඉදිරි දින කිහිපය තුළ දී වී අලෙවි මණ්ඩලයේ ගබඩා තුළ එක්රැස් කර ඇති නාඩු වී මෙට්‍රික් ටොන් 264,180 ක තොගයක් වහාම අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015/16 මහ කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන මෙම මාසයේ අවසාන භාගයේ දී ආරම්භ කළ යුතු බැවින් හා ඒ සඳහා ගබඩා පහසුකම් සූදානම් කරගත යුතුව ඇති බැවින්…
Video Story