දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඊයේ (26) සන්ධ්‍යාවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.50%, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50%…
අද සිට ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබා දීම නතර කරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන දෙකම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කළ බවත්, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා පමණක් මෙම කටයුත්ත සිදුකිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා…
16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව ‘සාර්ථකත්වය සඳහා වෙළඳාම: සම්බන්ධ වීම, තරග කිරීම, වෙනස් වීම’ යන තේමාව යටතේ 2016 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියෝජිතායතනයක් වන ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය (ITC) ඒකාබද්ධව මෙම සමුළුව…
රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අප්‍රේල් 28 වන දින පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. 2018, 2020 හා 2022 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ සිදුකරනු ලබන මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා එක් කාණ්ඩයකට රුපියල් මිලියන 8,000 බැගින් බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම අරමුණින් හවුල් ව්‍යාපාරයක් සඳහා යොමු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ සඳහා රජය විසින් ව්‍යාපාරික හවුල්කරුවකු හෝ ආයෝජකයෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දින අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය නියෝජිතායතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හි විශේෂ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා සංචාරයක නිරත වූ අතර එහිදී ලංකා වාණිජ මණ්ඩලය නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වන ලදී. මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විෂ් ගෝවින්දසාමි, ප්‍රධාන විධායක නිලධාරිනී ධාරා විජයතිලක හා හිටපු සභාපති සුරේෂ් ෂා යන මහත්ම මහත්මීන්…
ලබන මැයි 02 වන දින සිට සංශෝධිත වැට් බදු ගැළපුම ආනයනික වාහන සඳහා අදාළ වන්නේ දැයි යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ විමසීමක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම සභාපති කෝකිල දීකිරිවැව මහතා කියා සිටියේ ආනයනික වාහන සඳහා මෙතෙක් වැට් බදු අය කිරීමක් සිදුනොකළ බවත්, ආනයනික තීරු…
ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි නිකුත් කළ කොටස් ප්‍රමාණය දෙගුණ කිරීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව සමාගමේ නිකුත් කළ කොටස් ප්‍රමාණය වූ කොටස් මිලියන 120, කොටස් මිලියන 240 ක් දක්වා දෙගුණ වනු ඇත. දැනට පවතින සමාගමේ සාමාන්‍ය කොටසක් සාමාන්‍ය කොටස් දෙකක් බවට මෙහිදී විභජනය වීමට නියමිතය. මෙහිදී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙහි කිසිදු වෙනසක්…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 පෙබරවාරි මාසයේ දී වාර්තා කළ 1ග7% සිට 2016 මාර්තු මාසයේ දී 2.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කාණ්ඩය මෙම ඉහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. විවිධ භාණ්ඩ හා සේවා (මෝටර් රථ…
-හර්ෂගෙන් මහින්දට පිළිතුරක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දිගින් දිගටම චෝදනා කළේ වර්තමාන රජය මාස 15 ක් වැනි කාලයක් තුළ ඩොලර් මිලියන 6,361 ක විදේශ ණය ගෙන තිබෙන බවත් මෙම ණය මුදල් වලින් බෝක්කුවක් හෝ ඉදිකර නොමැති බවටයි. මෙම මුදල් වලින් තමන්ට මත්තල වැනි ගුවන් තොටුපොළවල් දෙකක්, හම්බන්තොට වැනි වරායක්, නොරොච්චෝලේ වැනි ගල් අඟුරු…
Video Story