ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට 2015 අප්‍රේල් 10 වනදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආර්.ඒ. ජයතිස්ස මහතා පත්කර තිබේ. ජයතිස්ස මහතා මහජන බැංකුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික සංවර්ධන බැංකුව යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙන අතර ජාතික ආර්ථික කවුන්සලයේද සාමාජිකයෙකු ලෙස කටයුතු කර…
ඉන්දියානු ටාටා හවුසිං සමාගම සමග තිබෙන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත් බවත් සමාගම විසින් කොම්පඤ්ඤවීදියේ සිදුකරන නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඉදිරියටත් සිදුකරනු ඇති බවත් මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවසුවේ සමාගමේ නියෝජිතයින් පැමිණ තමා සමග සාකච්ඡා කළ බවත් මෙහිදී වැඩිපුර ප්‍රාග්ධනය මෙරටට රැගෙන ඒමට සමාගම එකඟ වූ බවයි. මීට අමතරව, සමාගම විසින් මෙම නිවාස…
සෑම් සමරසිංහ මහතා උපදේශක ඉංජිනේරුවරයෙකි. සිංගප්පූරුවේ අසාහය නායක ලී ක්වාන් යූ එරට ගොඩනගන විට සමරසිංහ මහතා එම යටිතල පහසුකම් සංවර්ධනයට උපදෙස් ලබාදී ඇත. ඔහු මැලේසියාවේ යටිතල පහසුකම් ගොඩනැගීම සඳහාද සම්බන්ධවී තිබෙන විද්වතෙකි. ඔහු සමග අප සිදුකළ සම්මුඛ සාකච්ඡාවයි මේ.
තමාට අපහාස වන අයුරින් ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ප්‍රකාශයකට එරෙහිව රුපියල් මිලියන 2000 ක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් පවරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි. අද පෙරවරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම නඩුව පැවරීම සඳහා තම නිතිඥයින්ට උපදෙස් ලබාදී තිබෙන බවයි. මෙම මාධ්‍ය හමුවේදී අදහස්…
වාහන සහ ඉඩම් විකිණීම සඳහා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම්වල අදාල වාහනය හෝ ඉඩම විකුණන මිල සඳහන් කිරීම අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය රෙගුලාසියක් පනවා තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පැවසුවේ මෙහිදී විකුණන නිවැරදි මිල සටහන් කළ යුතු බවත් මේ තුළින් බලාපොරොත්තු වන්නේ අතරමැදියන්ගෙන් පාරිභෝගිකයින්…
ලොව ප්‍රකට බහු ජාතික සමාගමක් වන ඇමරිකාවේ Honeywell International සමාගමේ සභාපතිවරයා වන David M. Cote මහතා පසුගියදා ලංකාවට පැමිණ මහා මාර්ග සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මෙම පැමිණීමට පසුබිම සකස්වී තිබෙන්නේ පසුගියදා මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතාගේ සංචාරයයි. Honeywell International යනු ඩොලර් බිලියන 40 ක…
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන සතියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සූදානම් වේ. අද උදෑසන අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 90 ක් පමණ මේ වනවිට අත්සන් තබා තිබෙන බවයි. විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු ගැන සඳහන් කරමින් මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ට…
Lee Hedges PLC සමාගම විසින් කොළඹ 03, ගාලුපාරේ අංක 349 දරණ ස්ථානයේ ඉදිකිරීමට යෝජිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කිරීමට තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම කොන්ත්‍රාත්කරුවා ලෙස තෝරාගෙන තිබේ. මේ අනුව, රුපියල් මිලියන 978 කට ආසන්න මෙම කොන්ත්‍රාත් ගිවිසුම Lee Hedges PLC සමාගමට අනුබද්ධ Lee Hedges Investments විසින් තුඩාවේ බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම සමග අත්සන්…
ඉන්දියාවේ රිසර්ව් බැංකුව විසින් පසුගියදා ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 400 ක් වටිනා ව්‍යවහාර මුදල් හුවමාරු පහසුකමේ (Currency Swap) සහයෝගයෙන් පසුගිය මාර්තු මාසයේදී ඩොලර් බිලියන 6.8 ක්ව පැවති මෙරට විදේශ සංචිතය පසුගිය අප්‍රේල් මාසය වනවිට ඩොලර් බිලියන 7.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව මහ බැංකුවේ නවතම දත්ත මගින් අනාවරණය වේ. මේ අනුව, මහ බැංකුව පවසා…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) මැයි 11 වනදා පෙනී සිටින ලෙස ලිපියක් මගින් දැනුම් ඇතැයි අද දෙරණ වෙත අනාවරණය වේ. වැඩිදුරටත් හෙළිවන්නේ මිග් ගනුදෙනුව සහ ලංකා හොස්පිට්ල්ස් සමාගමේ කොටස් අලෙවියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට මෙම කැඳවීම කර තිබෙන බවයි. මේ අතර, හිටපු ආරක්ෂක ලේකම්වරයා අද දෙරණ වෙත ඊයේ සඳහන් කළේ…
Video Story