ශ්‍රී ලංකාව නිකුත් කළ වසර දහයකින් කල් පිරෙන ජාත්‍යන්තර ඩොලර් බැඳුම්කර නිකුතුව මගින් සියයට 6.125 ක පොලී අනුපාතයකට ඩොලර් මිලියන 650 ක ණය මුදලක් ලබාගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙම නිකුතුව සඳහා ඩොලර් බිලියන 2.0 ක ඇනවුම් ලැබී තිබෙන අතර එහි මූලික මිල මාර්ගෝපදේශනය සියයට 6.375 ක් විය. වසර 10 කින් කල්…
සියයට 6.375 ක පමණ පොලී අනුපාතයකට (Price Guidance) රජය ජාත්‍යන්තර වෙළඳ පොළින් වසර 10 කින් කල් පිරෙන ඩොලර් බැඳුම්කර නිකුතුවක් සිදුකරමින් ණයක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව බ්ලූම්බර්ග් පුවත් සේවාව වාර්තා කරයි. අනාවරණය වන ආකාරයට මෙහි අවසන් පොලී අනුපාත තවමත් තීන්දු වී නොමැති අතර ඩොලර් බිලියනයකට ආසන්න ණය මුදලක් ලබාගැනීමට සූදානම් වන්නේ යැයි හෙළිවේ. මෙම…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 48,969 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) මගින් ලබාගැනීමේ ණය ගිවිසුම් වලට අත්සන් කිරීමට රජය සූදානම් වේ. මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා…
ශ්‍රමයේ මිල අඩු රටවල් සමග හෝ ශ්‍රමයේ ඵලදායීතාවය වැඩි රටවල් සමග තරග කිරීමට නොහැකි ලෙස ලංකාව මේ වනවිට හිරවී තිබෙන බවත් මේ උගුලෙන් ගොඩඒම සඳහා ලංකාව වහ වහා ප්‍රතිසංස්සකරණ කළ යුතුව ඇති බවත් ආර්ථ ශාස්ත්‍රඥයෙකු අවධාරණය කරයි. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පෙන්වා දෙන්නේ මෙරට ශ්‍රමයේ මිල වැඩි නිසා ශ්‍රමයේ මිල අඩු බංග්ලාදේශය වැනි රටවල් සමග…
වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ. මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය….
අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ. ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ…
මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන වසර හයක පමණ කාලයක් විභාග කර තිබෙන නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කරයි. අප සමග සම්බන්ධ වෙමින් ඇය පැවසුවේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන්…
2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත. මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන…
සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය. කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි. මේ අතුරින් දැනටමත් හික්කඩුව…
Video Story