Top News

රුසියානු ආර්ථික අර්බුදයෙන් පහත රට තේ කර්මාන්තය අනතුරේ -Video Interview

ශ්‍රී ලංකාවේ පහත රට නිපදවන තේ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රුසියාව විසින් මිලදී ගන්නා නිසා එරට ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය පහත රට තේ කර්මාන්තයට ඉතාමත් අහිතකර ලෙස බලපා තිබේ. මේ නිසා, පහත රට තේ මිල තවදුරටත් පහළ යාමේ අවධානමක් තිබෙන අතර අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ ජ්‍යෙෂ්ඨ උප…

(0)Comments | January 23, 2015 6:30 am

මහ බැංකුව සහ විනිමය කොමිසම මුදල් අමාත්‍යංශයෙන් ගලවයි

මෙතෙක් මුදල් අමාත්‍යංශය යටතට පත්ව තිබූ ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක්ම නව රජය යටතේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදක සහ ආර්ථික කටයුතු, ළමා,තරුණ සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතට පත්කර තිබේ. මේ අනුව, මෙවර මහජන උපයෝගීතා කොමිසම (Public Utilities Commission), ණය තොරතුරු කාර්යංශය (Credit…

(0)Comments | January 22, 2015 8:06 am

මා, විනිමය කොමිසමේ සභාපතිවේදැයි කියන්න බෑ -තිලක් කරුණාරත්න

සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තවමත් තමාට පත්වීමක් ලැබී නොමැති හෙයින් තමා එම තනතුරට පත්වේදැයි නිශ්චිතවම කිව නොහැකි බව තිලක් කරුණාරත්න මහතා කියයි. අප සමග අදහස් දක්වමින් තිලක් කරුණාරත්න මහතා පැවසුවේ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස තමා වැඩභාර ගන්නා බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වුවත් එයට අදාළ නිළ පත්වීමක් තවමත් තමාට ලැබී…

(0)Comments | January 22, 2015 8:04 am

සජින් වාස්ගේ සහ නිවාඩ් කබ්රාල්ගේ ගමන් බලපත්‍ර අත්හිටුවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන පාලකවරයාට අල්ලස් කොමිසම විසින් දැනුම් දී ඇතැයි වැඩබලන ආගමන විගමන පාලක, එම්.එන්. රණසිංහ මහතා පැවසීය. අනාවරණය වන ආකාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිලි…

(0)Comments | January 22, 2015 5:06 am

පෙට්‍රල් රුපියල් 33 කින් සහ ඩීසල් රුපියල් 16 කින් අඩු කරයි

අද මධ්‍යම රාත්‍රියේ සිට 92 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් දක්වා රුපියල් 33 කින්ද, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 95 ක් දක්වා රුපියල් 16 කින්ද අඩුකිරීමට රජය පියවර ගෙන තිබේ. මීට අමතරව, 95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 128 ක් දක්වා රුපියල් 30 කින් අඩුකර තිබෙන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 110 ක් දක්වා රුපියල් 23…

(0)Comments | January 21, 2015 5:30 pm

ගෝඨාගෙන් හිස්වූ ලංකා හොස්පිට්ල්ස් මුල් පුටුවට ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සභාපති ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වීමෙන් ඇතිවී තිබෙන සභාපති පුරප්පාඩුව සඳහා ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙසින් පසුගිය කාලයේ කටයුතු කර ඉන් ඉවත්වූ ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. ගාමිණී වික්‍රමසිංහ මහතා ලංකා හොස්පිට්ල්ස්හි, ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස මීට පෙර කටයුතු කළේය. මේ අතර, ලංකා හොස්පිට්ල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට සී.එල්.කේ.පී. ජයසූරිය…

(0)Comments | January 20, 2015 12:41 pm

පොරොන්දු වූ සියළු ආර්ථික සහන දුන්නොත් අයවැය හිඟය 8% කට නැගීමේ අවධානමක් -පාත්ෆයින්ඩර් අනතුරු හඟවයි

විපක්ෂයේ පොදු අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරනු ලැබ තුබුණු ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙහි අඩංගු ජනප‍්‍රියවාදී සියලු පියවරයන් ක‍්‍රියාවට නැංවුවහොත් රුපියල් බිලියන 200 කට නොඅඩු මුදලක් ඒ සඳහා අවශ්‍ය වන බව බැලූ බැල්මට පෙනෙන බවත් රජයේ ආදායම් මාර්ගයන්හි පහත වැටීමක් සිදු නොවන තත්ත්වයන් යටතේ වුවද එමගින් අයවැය පරතරය දළ දේශීය නීෂ්පාදිතයෙන් 8% ක් දක්වා ඉහළ යෑමේ අවධානමක් තිබෙන බවත්…

(0)Comments | January 20, 2015 5:15 am

රවීගේ චෝදනා නව ආරක්ෂක ලේකම් බස්නායක ප්‍රතික්ෂේප කරයි

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබෙන රුපියල් බිලියන 08 කට ආසන්න මුදලක් ඇති ගිණුම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් නොවන්නක් බවත් එම ගිණුම අයත් වන්නේ ආරක්ෂක අමාත්‍යංශයට බවත් වත්මන් ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක මහතා සහතික කරයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුද්ගලිකව අයත් රුපියල් මිලියන 7500…

(0)Comments | January 20, 2015 12:51 am

නව රජයේ අමාත්‍යංශ ලේකම්වරු මෙන්න!

අමාත්‍යංශ 36 ක් සඳහා පත්වූ ලේකම්වරුන්ගේ නාමාවලිය ඉහත පරිදිය.

(0)Comments | January 19, 2015 12:08 pm

ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් නිකුතුව උතුරයි

ලංකා ඔරික්ස් ෆයිනෑන්ස් සමාගම විසින් රුපියල් බිලියන පහක් රැස්කර ගැනීමට සිදුකළ ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබුණු බව සමාගම කියයි. මේ අනුව, නිකුතුව අද සවස 4.30 ට අවසන් කර තිබේ.

(0)Comments | January 19, 2015 11:55 am