දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමත් සමග ලංකා දුම්කොළ සමාගම පවසා තිබෙන්නේ 2014 ජූලි 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු පවතින ඇසුරුම් වලම වෙළඳ පොළට සිගරැට් නිකුත් කරන බවයි. සිගරැට් දවටනය සියයට 60 ක් වැසෙන ලෙස රූපමය අවවාද…
ශ්රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධ හොංකොං හි, ක්‍රියාත්මක වූ SLT Hong Kong Limited යන සමාගම වසා දමා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ 2014 මැයි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සමාගම වසා දැමූ බවයි. ගෝලීය ටෙලිකොම් සමාගම් වලට සහ හොංකොං හි, ව්‍යාපාරික ගනුදෙනු කරුවන්ට IP transit, IPVPN, IPSL සේවා ලබාදීම සඳහා මෙම සමාගම ආරම්භ…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (Colombo Consumers’ Price Index) අනුව මේ ජුනි මාසයේදී උද්ධමනය ගිය වසරේ ජුනි මාසය සමග සැසඳීමේදී සියයට 2.8 ක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2014 මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පැවතුණේ සියයට 3.2 ක් ලෙසයි. භාණ්ඩාගාර ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය සිකුරාදා පවසා තිබුණේ මෙරට…
මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් සමාගම හිමිකම් කොටස් නිකුතුවක් ඔස්සේ රුපියල් මිලියන 650 ක අතිරේක ප‍්‍රාග්ධන මුදලක් රැස්කරමින් එහි ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 1.3 දක්වා ඉහළ දමන ලදි. මෙල්ස්ටා රීගල් මව් සමාගම වන මෙල්ස්ටාකෝප් සමාගම විසින් මෙම නව ප‍්‍රාග්ධන හඳුන්වාදීම කරනු ලැබුයේ ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වාදුන් නව රෙගුලාසි යටතේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන්ට අනුකූල වීමක් වශයෙනි. ශ්රී…
පුද්ගලික විදුලි බලාගාරවල භාවිතය සඳහා අබුඩාබියේ සිට ආනයනය කර තිබෙන දැවිතෙල් (Furnace oil) මෙට්ට්රික් ටොන් 20,000 ක ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් මතුව තිබේ. මේ පිළිබඳව අප ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, සිරිසේන අමරසේකර මහතාගෙක් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මෙම දැවිතෙල් තොගයේ ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට පුද්ගලික විදුලි බලාගාර හිමියන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම දැවිතෙල්…
ශ්රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) සමග MBSL ඉතිරි කිරීමේ බැංකුව (MSB) සහ MCSL ෆිනෑන්ෂල් සර්විසස් සමාගම ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය වේ. මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සභාපති, එම්.ආර්. ෂා මහතා පවසන්නේ මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව ඉතිරි වන්නේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) යන ආයතනය බවයි. සමාගම්…
යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් මෙරට අපනයන කරුවන්ට චීනය තුළ වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ (The National Chamber of Commerce of Sri Lanka) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, තිලක් ගොඩමාන්න මහතා විශ්වාසය පළකරයි. අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම ඇතිකර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත්…
ධනවත් සංචාරකයින් ඉලක්ක කරමින් ස්පාඤ්ඤ හෝටල් ජාලයක් විසින් කළමනාකරණය කරන තරු පහේ සුපිරි හෝටලයක් අහුන්ගල්ලේ ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් ඉදිකිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි. මේ අනුව, හම්බන්තොට දක්වා ඉදිවෙමින් තිබෙන දකුණු අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපොළත් යන යටිතල පහසුකම් ඉලක්ක කරමින් කාමර 500 කින් යුතු මෙම වෙරළ හෝටලය…
මෙරටට නැව් මගින් එන බොරතෙල් වෙරළින් කිලෝ මීටර් 09 ක් පමණ මුහුදේ සිට ගොඩබිමට ප්‍රවාහනය කරන බෝයාවේ රබර් නලයක් පළුදුවීම නිසා බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුව වෙත ගෙන ඒමට මේ වනවිට නොහැකි වී තිබේ. මේ නිසා, රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවේ යැයි පැතිර යන රාවය වැරදි එකක් බවත් එවැනි ඛනිජ තෙල් හිඟයක් ඇති නොවනු ඇති බවත්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර ලබන මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී.ගනේගල මහතා පැවසුවේ නොරොච්චෝලේ තුන්වන අදියරෙන් ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 300 ක විදුලිය ධාරිතාවයක් ලැබෙන බවයි. මේ අනුව, නොරොච්චෝලේ බලාගාරයෙන් ලබන මාසයේ සිට ජාතික පද්ධතියට මෙගාවොට් 600 ක පමණ…
Video Story