කාර්ගීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් “ත්‍රී කොයින්ස්“ බීර නිෂ්පාදන සමාගම කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට හා කාර්ල්ස්බර්ග් මැලේසියා සමාගමට අයත් ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී සමාගම විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ත්‍රී කොයින්ස් සමාගම මිලදීගැනීම සඳහා ඩිස්ටිලරීස් සමාගමද ලංසුවක් ඉදිරිපත් කර තිබුණු අතර කාර්ගීල්ස් සමූහයේ ලාභයට ත්‍රී කොයින්ස්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ මෙරට අපනයන සියයට 9.4 කින් ඩොලර් මිලියන 762.2 ක් දක්වා වර්ධනය වෙද්දී ආනයන අඩුවී තිබෙන බවයි. මේ අනුව, ඇමරිකාවෙන් හා යුරෝපයෙන් හොඳ ඉල්ලුමක් පැවතීම නිසා අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයන ඉහළ යද්දී රබර් අපනයන පහළ ගොස් තිබේ. මීට අමතරව, තේ …
ලංකාවේ බැංකු සමග සම ආයෝජනයන් කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව (China Development Bank (CDB)) කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බවත් රජය කියයි. පසුගියදා කසකස්ථානයේ අස්ථානාහි, පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වන වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් චීන සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් සාකච්ඡා කළ බවත් මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ…
වෙළඳ පොළේ සහල් මිල ඉහළ නැගීම හමුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් සහල් ආනයනය කිරීමට සූදානම් වේ. මේ අනුව, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තීරණය කර තිබෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 100 ක් වහාම ආනයනය කිරීමටයි. ආනයනය කරනු ලබන සහල් රජයේ පාලන මිල යටතේ ලංකා සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර…
ඩුනමිස් කැපිටල් සමාගමට අයත් නුවරඑළිය, ඉහළ වැව පාරේ පිහිටි රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමක ඉඩමක් රජයට පවරා ගැනීමට සූදානම් වේ. මේ පිළිබඳව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබෙන අතර ජුනි 10 වනදා දිනැති පවරා ගැනීමේ නියෝගයක් (acquisition order) සමාගම වෙත ලැබී තිබෙන බව සඳහන්ය.
මෙරට ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජයන්ත ධනපාල මහතා 2014 ජුනි මස 17 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගත්බව ඩයලොග් ආසිආටා සමාගම කියයි. සමාගමේ 17 වන වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව මෙම විශ්‍රාම ගැනීම සිදුවූ බව සඳහන්ය. ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා පුද්ගලික හේතු මත…
යෝගට් ඇතුළු කිරි නිෂ්පාදන සිදු කරන ලකී ලංකා සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 6.00 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 38 ක් සහ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 ක් නිකුත්…
ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික වර්ධනය තිරසාරව පවත්වාගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමත් ඉතා වැදගත් සාධක බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. මේ අනුව, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය කිහිපයක්ම එහි කාර්යක්ෂමතාවය, මූල්‍ය තත්ත්වය හා කළමනාකාරීත්වය ඉහළ යන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති, ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා…
දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලි ආරම්භයේදී නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන්නද ඒ සඳහා මේ වනවිට මුදල් අය කරනු ලබයි. මේ අනුව, වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලියකට යාම සඳහා රුපියල් 20 ක මුදලක් අයකරන අතර ඒ බව එම වැසිකිලි ඉදිරිපස දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම මාර්ගයේ යන විශාල පිරිසක් මෙම විවේක ස්ථානයේ…
කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන ජූලි අවසානයේ හෝ අගෝස්තු මුල විවෘත කිරීමට හැකියාව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42…
Video Story