Top News

අධිවේගියේ වැසිකිලි යන්නත් ගාස්තුවක්

දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලි ආරම්භයේදී නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන්නද ඒ සඳහා මේ වනවිට මුදල් අය කරනු ලබයි. මේ අනුව, වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලියකට යාම සඳහා රුපියල් 20 ක මුදලක් අයකරන අතර ඒ බව එම වැසිකිලි ඉදිරිපස දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම මාර්ගයේ යන විශාල පිරිසක් මෙම විවේක ස්ථානයේ…

(0)Comments | June 18, 2014 5:49 am

විගණකාධිපති ගොඩනැගිල්ලේ වෙළඳ පොළත් ළඟදීම

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන ජූලි අවසානයේ හෝ අගෝස්තු මුල විවෘත කිරීමට හැකියාව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42…

(0)Comments | June 17, 2014 4:24 am

මේ වසරේ මුල් මාස තුනේ ආර්ථික වර්ධනේ හෙළිවෙයි

මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය සියයට 7.6 ක්වී ඇතැයි රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළිවේ. මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළිවන්නේ 2014 මුල් කාර්තුවේදී මෙරට කෘෂි කාර්මික අංශය සියයට 0.2 කින්, සේවා අංශය සියයට 6.5 කින් සහ කර්මාන්ත අංශය සියයට 12.6…

(0)Comments | June 16, 2014 10:23 am

“ලන්කන් රුපී“ (ලංකා රුපියල) නමින් ඕස්ට්‍රේලියාවේ රේස් දුවන අශ්වයෙක්

ලොව පුරා මිනිසුන් ඔට්ටු අල්ලන ඕස්ට්‍රේලියානු රේස් දුවන අශ්වයෙකු “ලන්කන් රුපී“ හෙවත් ලංකා රුපියල නමින් සිටින බව වාර්තා වේ. මෙම වාර්තා පවසන්නේ මෙම අශ්වයා ලෝකයේ ප්‍රමුඛතම රේස් දුවන අශ්වයින් දස දෙනා අතරටද තේරී පත්ව තිබෙන බවයි. පසුගිය කාලයේදී මෙරට රුපියල විශාල ලෙස අවප්‍රමාණය වූ අතර මෙම අශ්වයාට ලබාදී තිබෙන නම හා ඒ අතර සම්බන්ධතාවයක් තිබේදැයි…

(0)Comments | June 16, 2014 7:04 am

බැංකු ණයක් ලෙස පාරිතෝෂිකය ගෙවීම ජනපති නවතයි

විශ්‍රාමික පාරිතෝෂිකය ගෙවීම වෙනස් කිරීමකින් තොරව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. පැරණි ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පාරිතෝෂිකය ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබූ අතර නව ක්‍රමය යටතේ එය රාජ්‍ය බැංකු හරහා ණය මුදලක් ලෙස ලබාගත යුතුවෙයි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පාරිතෝෂිකය නැවත අය කරගනු ලබන්නේ 60% ක…

(0)Comments | June 15, 2014 3:13 am

ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල වැඩිවීමේ අවධානමක්

ඉරාකයේ ඇවිලී තිබෙන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගොස් තිබෙන අතර ගැටුම් තවත් දුරදිග ගියහොත් ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් විශ්වාසය පළකර ඇත. මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ සතිය ආරම්භයේ තිබූ මිලට වඩා ඩොලර් 04 කින් පමණ වැඩිවී තිබෙන බව සඳහන් වන අතර ඊයේ වනවිට…

(0)Comments | June 14, 2014 6:57 am

මේ වංචාවට ඔබ හසුවෙන්න එපා. බලා දැනුවත් වන්න- Video

ජංගම දුරකතන සමාගම් වලින් ත්‍යාග මුදල් ඇදී තිබෙන බවට ජනතාව මුලා කරමින් මුදල් ගරා ගන්නා ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙවැනි වංචාවන් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් ඒවාට හසුනොවන ලෙසත් ඩයලොග් ආසිආටා සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ පිළිබඳව සිදුකරන හෙළිදරව්වක් පහත වීඩියෝවේ දැක්වේ.

(0)Comments | June 13, 2014 12:04 pm

ජපාන ආයෝජකයින් 100 ක් හා අපේ සමාගම් මුහුණට මුහුණ හමුවේ

ජපාන ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරමින් ඔසාකා නගරයේ අද (13) පැවැත්වුණු ආයෝජන සමුළුවක් ඇමතීමට මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සහ ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා කටයුතු කළේය. ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අප සමග සඳහන් කළේ ජපානය සහ ශ්‍රී ලංකාව එකතුව…

(0)Comments | June 13, 2014 11:15 am

සියැට් ධාවකයින් පන්ගොල්ල ධාවන පථයේ අණසක පතුරයි

මෙවර කැවල්රි සුපර්ක්‍රොස් මෝටර් රථ ධාවන තරඟාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 18 ක් වාර්තා කරමින් කැපී පෙනීමට සියැට් ධාවක කණ්ඩායම සමත් විය. මේ අනුව, සියැට් ධාවක කණ්ඩායම මෙම තරගාවලියේදී පළමු ස්ථාන එකක්, දෙවන ස්ථාන හතක්, තෙවන ස්ථාන හතරක්, සිව්වන ස්ථාන තුනක් සහ පස්වන ස්ථාන තුනක් දිනාගන්නා ලදී. සියැට් ධාවක කණ්ඩායමේ තරුවක් වූ ධාවන ශූර උපුල්වන් සේරසිංහ SLN…

(0)Comments | June 12, 2014 7:16 am

එයිට්කන් ස්පෙන්ස්, චෙන්නායි නුවරින් තරු පහේ හෝටලයක් මිලදී ගනී

මෙරට සුප්‍රකට සමාගම් සමූහයක් වන එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගම ඉන්දියාවේ චෙන්නායි නුවරින් අළුතින්ම ඉදිකළ තරු පහේ හෝටලයක් මිලදී ගෙන තිබේ. කාමර 143 කින් සමන්විත මෙම තරු පහේ හෝටලය මිලදීගෙන තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 25 ක මුදලකටයි. එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හොටෙල් මැනේජ්මන්ට්ස් (දකුණු ඉන්දියා) සමාගමේ කොටස්…

(0)Comments | June 11, 2014 7:23 am