මෙරට ප්‍රමුඛ පෙළේ තේ අපනයන සමාගමක් වන අක්බාර් බ්‍රදර්ස් හි සමාරම්භක සාමාජිකයෙකු වූ ඉනයට් අක්බාර්අලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 88 වැනි වියෙහි පසුවිය. 1969 වසරේ දී අබ්බාස්, අබීඩ් සහ ඉනයට් යන අක්බාර්අලි සොහොයුරන් තිදෙනා එක්ව අක්බාර් බ්‍රදර්ස් ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එතැන් සිට අද දක්වාම ‘සිලෝන් ටී’ සන්නාමය ලොවට ගෙන…
හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය. ඒ ජනාධිපති කාර්යාලයේදී ය. මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්විය.
2024 පෙබරවාරි මාසයේ දෙවන සතියේ නිමාව සනිටුහන් කරමින් අද (14) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 358.47 ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්වූ අතර S&P SL20 දර්ශකය ඒකක 90.61ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ දී ගනුදෙනු අවසානයේ දී සියලු කොටස්…
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ (SLAEA) 42 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පවත්වනු ලැබුවේ ගෝලීය අභියෝග හමුවේ මෙරට ඇඟලුම් කර්මාන්තය ඉදිරියට ගෙන යාමේ කැපවීම යළි යළිත් තහවුරු කරමිනි. රජිතා ජයසූරිය මහත්මිය (SLAEA) හි සභාපතිනිය ලෙස මෙදින නිල වශයෙන් කටයුතු ආරම්භ කරන ලදී. එහිදී විශ්වාසදායී, සදාචාරාත්මක හා නව්‍ය ඇඟලුම් නිෂ්පාදනයන් සපයන්නකු ලෙස ශ්‍රී ලංකාවේ තත්වය ඉහළ…
2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසර සඳහා සිය පළමු මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තා වසරකට දෙවරක් ප්‍රකාශයට පත් කරන අතර, මෙවර නිකුතුවේ අන්තර්ගතය 2025 වසරේ ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයට අදාළ තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය…
මෙම පෙබරවාරි 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියරේ, පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ පැවැත්විණි. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, කම්කරු අමාත්‍ය හා ආර්ථික…
අඛණ්ඩව ගනුදෙනු දින දෙකක් පුරාවට පහළ වැටුණු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (13) දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.92 කින් ඉහළ ගොස් ඒකක 16,578.22 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 52.14කින් ඉහළ ගොස් ඒකක 4,944.60 ක් ලෙසිත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි. 2025 පෙබරවාරි මාසයේ මුල්…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සුළං බලශක්ති සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙකෙන් ගෞරවාන්විතව ඉවත්වීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇති බව නිල වශයෙන් දැනුම් දී සිටී. මෙහිදී අදානි සමූහය වැඩිදුරටත් පවසන්නේ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් තිබෙන බවත් ශ්‍රී ලංකා රජයේ අභිලාෂය මත අනාගත සහයෝගීතාවයට විවෘතව සිටින බවත්ය.
ශ්‍රී ලංකාවේ සැලසුම් කර ඇති ඩොලර් බිලියන 1 ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර ඇති බව වාර්තා වේ. ව්‍යාපෘතිය ආරම්භයට අවශ්‍ය බොහෝ අනුමැතීන් මේ වන ලබා ගෙන තිබියදීත් මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි…
ඉහළ මට්ටමේ නෛතික හා මෙහෙයුම් අනුකූලතාව සමඟින් ශක්තිමත් සැපයුම් දාම ආරක්ෂාව අගයමින් ශ්‍රී ලංකා රේගුව විසින් සියැට් කැලණි හෝල්ඩිංග්ස් වෙත බලයලත් ආර්ථික ක්‍රියාකරු (AEO) Tier-I තත්ත්වය පිරිනමා ඇත. ශ්‍රී ලංකාවේ රබර් ටයර් අපනයනය කරන සැළකිය යුතු සමාගමක් ලෙස, ජාත්‍යන්තරව පිළිගත් AEO සහතිකය හිමි වීම මගින් ගෝලීය හවුල්කරුවන් හා බලධාරීන් සමඟ ව්‍යාපාර කටයුතු කිරීම වඩාත් පහසු…
Video Story