2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි, ජනශක්ති ඉන්ෂුවරන්ස් පී.එල්.සී නව සභාපතිනිය ලෙසට අනිකා සේනානායක පත් වී තිබේ. විදුලි සංදේශ, ගබඩා සහ සැපයුම්, මාධ්‍ය සහ ගුවන් විදුලි, මෝටර් වාහන, ගුවන් සේවා, ආහාර පාන සැකසීම සහ ඇසුරුම්කරණය ඇතුළු අංශයන් සහිත විවිධාංගීකරණයක් සහිත ව්‍යාපාර සමූහයක් වන IWS Holdings සමූහ ව්‍යාපාරයේ වසර 15 ක පුළුල් අත්දැකීම් සමුදායක් සහිත…
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.25 ක් හා විකුණුම් මිල රු. 300.98 ක් ලෙසින් සටහන්ව ඇත. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 300 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ඔක්තෝබර් 03 දිනට පසු පළමු වරට අද දිනයේ දී වීම…
2024 නොවැම්බර් 25 දිනැති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හුවමාරුව සඳහා වූ ආරාධනා පත්‍රය (“ආරාධනා සංදේශය”) මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර 2024 දෙසැම්බර් 16 දින හුවමාරුව සඳහා කැමැත්ත තහවුරු කිරිමෙහි අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරන ලදී. (මෙහි භාවිතා කර ඇති යෙදුම් වෙනත් ආකාරයකින් නිර්වචනය කර…
කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 02ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 02ක් වශයෙන් බහාලුම් පර්යන්ත 04ක් ක්‍රියාත්මක වන අතර, ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළුව එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම් 5,000-10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර, නිදහස් කරනු ලබයි. රේගු නිලධාරින් විසින් පිටකිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික…
2025.04.01 දින සිට 2025.08.31 දින දක්වා කාලය තුළ මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග 06ක් මිල දී ගැනීම පිණිස ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 06 ක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව M/s Aditya Birla Global Trading…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ -0.7% සිට 2024 නොවැම්බර් මාසයේ දී -1.7% ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ලෙසින් සටහන්ව තිබූ ආහාර උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0% ක් දක්වා ද, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය -2.3% සිට -3.1%…
2024 නොවැම්බර් මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 13.08% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2024 නොවැම්බර් මාසයේ අපනයන කාර්යසාධන දත්ත ප්‍රකාශයට පත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ 2023 නොවැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 62.06 ක් ලෙසින් වාර්තා වී තිබෙන පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම 2024 නොවැම්බර් මාසයේ…
වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළුව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33 ක් ලෙස වාර්තා වූ අතර එය 2023 දී එම කාලයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් පිළිබිඹු කරයි. ශ්‍රි ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 නොවැම්බර් මාසයේ දී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම සංධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,000 සීමාව අද (24) දින පෙරවරු 10.24 ට පමණ අභිබවා ගියේය. මේ අතර අද පෙරවරු 11.15 පමණ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 212කින් ඉහළ ගොස් ඒකක 15,022.77 සීමාවට පැමිණ තිබුණු අතර රු. බිලියන 3.84 ඉක්මවූ පිරිවැටුමක්…