ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය,…
චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා පසුගිය (22) දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ…
2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,570,644ක් ලෙසයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ත්‍රිකුණාමලයේ අද (23) පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “මේ තෙල්…
මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවාරයේ දී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති Martin Raiser සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි…
තඹුත්තේගම පදිංචිකරුවකු වන දර්ශන නුවන් බණ්ඩාර වීරසේකර යන අය විසින් 2011 අංක 42 දර්න මුදල් ව්‍යාපාර පනතෙහි ප්‍රතිපාදනයන් උල්ලංඝනය කරමින් අනවසර තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත නිවේදනය කර සිටී. ඒ අනුව මෙම පුද්ගලයා කිසිදු ආකාරයකින් මහජනතාවගේ තැන්පතු භාර ගැනීම සිදුනොකළ යුතු බව හා ඔහු විසින් ලබා ගෙන…
එක්සත් ජනපදය විසින් අද (23) පෙරවරුවේ, ශ්‍රී ලංකාවේ සංචාරය කරන සිය පුරවැසියන් හට අවවාදාත්මක දැනුම් දීමක් කර තිබුණි. එයින් කියැවුණේ ශ්‍රී ලංකාවේ වඩාත් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් වන ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන් හට විශ්වාසනීය තොරතුරක් ලැබී ඇති බවයි. මේ අතර මේ සම්බන්ධයෙන් අද (23) පැවති මාධ්‍ය හමුවක දී පොලිස්…
මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සහ සම්පත් බැංකුව කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම් සඳහා ලාභාංශ බෙදාහැරීමේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. CDS සහ සම්පත් බැංකුව යන ආයතන සතු විශේෂඥභාවය ඒකාබද්ධ කිරීම හරහා ප්‍රාග්ධන වෙළෙඳපොළ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ ලැයිස්තුගත සමාගම් සහ ආයෝජකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවීම මෙහි අරමුණ වේ. මෙම හවුල්කාරීත්වය…
නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අමෙරිකානු ජාතිකයින්ට සහ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරින්ට මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත. ඒ ආරුගම්බේ සංචාරක කලාපය ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින බවට ඔවුන්ට ලද විශ්වාසනීය තොරතුරක් මතයි. සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන…
පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක (USD 100,000) මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබේ. අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී.ජෙන්හොංග් (Qi Zhenhong) මහතා එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය. විපතට පත්…