2024 මැයි මාසය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 544.4 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2024 වසරේ ජනවාරි – මැයි කාලපරිච්ඡේදය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 2,624.4 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවයි. මෙය…
පසුගිය 2024 මැයි අවසානයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,421 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 අප්‍රේල් මාසයේ දී වාර්තා වූ ඩොලර් මිලියන 5,471 ක්වූ සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.9% ක සුළු පහළ යාමකි. නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය…
මෙල්වා සමූහ ව්‍යාපාරය යටතේ Sands Active පුද්ගලික සමාගම විසින් නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) ඒකල දී විවෘත කෙරුණි. මෙල්වා සමූහ ව්‍යාපාරයේ සභාපති පෙරියසාමීපිල්ලෙයි ආනන්දරාජා මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ඵල දැරීමට පටන් ගෙන ඇති බව පෙනෙන්නට ඇති බවත්, එහිදී සීඝ්‍ර නිර්-උද්ධමනය, ශක්තිමත් ලෙස සංචිත ගොඩනැගීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව රැක ගනිමින් අත්පත් කරගෙන ඇති ප්‍රතිඵල ප්‍රශංසනීය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
එක්සත් ජනපද ඩොලරයක මිල අද (07) දිනයේ දී රු. 302.70 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන පරිදි අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සටහන් වන්නේ පිළිවෙලින් රු. 297.83 ක් හා රු. 307.44 ක් වශයෙනි. මේ අතර මහ බැංකුව පසුගිය දා පැවසුවේ, 2024 වසරේ මේ…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ලංකෙම් සිලෝන් පීඑල්සී විසින් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ නව පොහොර කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. මෙම ව්‍යාපෘතිය සඳහා ලංකමේ සිලෝන් පීඑල්සී විසින් සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන ලංකෙම් මිනරල් ලිමිටඩ් පසුගිය 2023 ඔක්තෝබර් 31 දින සංස්ථාපනය කර තිබේ. අදාළ ව්‍යාපෘතියේ මූලික අදියර වෙනුවෙන් ප්‍රාග්ධන හා…
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (06) දිනයේ දී ඒකක 120.93 ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,310.78 ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය අද දිනය තුළ ඒකක 57.58 කින් ඉහළ ගොස් දිනය අවසානයේ…
ශ්‍රී ලංකාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා “Starlink” ස්ටර්ලින්ක් ආයතනය වෙත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. මෙම අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් ඉන්පසුව විදුලි සංදේශ…
ආනයන සීමා පැනවූ සමය තුළ රථ වාහන 44,430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඒ අතර යතුරු පැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක් දී මෙම තොරතුරු අනාවරණ විය. රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ…
රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි. දීර්ඝ කාලයක සිට රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීමට, බෙදාහැරීමට හා…
Video Story