Top News

සියඹලාණ්ඩුව සුර්යබල උද්‍යානයේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් දිනක පාඩුව රු. මිලියන 19ක්

ඉදිකිරීම් ප්‍රමාද වූ සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක  සුර්යබල  උද්‍යානයේ  ඉදිකිරීම්  කඩිනම්  කිරීමට අවශ්‍ය  උපදෙස් හා නිර්දේශ  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  විසින් ලබා දෙන ලදී. ඒ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සුනිත්‍ය බලශක්ති ව්‍යාපෘති සඳහා මතුවී ඇති ඉඩම් ගැටලු නිරාකරණය සඳහා  ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය…

(0)Comments | August 21, 2024 4:20 pm

දශක හතක සම්ප්‍රදාය ඉදිරියට ගෙන යමින් ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති ධූරයට

දශක හතක් පුරාවට ශ්‍රී ලාංකිකයින් හට රසයෙන් සහ ගුණයෙන් යුතු නිෂ්පාදන ලබා දෙන මැලිබන් සමූහ ව්‍යාපාරය තම නව සභාපතිවරිය ලෙස ඒ.ජී. කුමුදිකා ප්‍රනාන්දු මහත්මිය අගෝස්තු 15 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ගන්නා ලදී. ඇය, මැලිබන් සමූහයේ නිර්මාතෘ ද වූ ඒ.ජී හින්නි අප්පුහාමි මහතාගේ මිනිපිරිය සහ පසුගියදා අභාවප්‍රාප්ත වූ, මැලිබන් සමූහ ව්‍යාපාරයේ සභාපති තුමන් වන…

(0)Comments | August 21, 2024 1:14 pm

ආර්ථික විවාදය 29 දා

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය එළඹෙන අගොස්තු 29 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විවාදයේ දී එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන්…

(0)Comments | August 21, 2024 1:01 pm

සංචාරක පැමිණීම දහතුන් ලක්ෂය ඉක්මවයි

2024 වසරේ මේ දක්වා කාලසීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දහතුන් ලක්ෂයේ සීමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2024 අගෝස්තු මාසයේ මුල් දින 19 තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 117,825 ක් ලෙසින් වාර්තා වන අතර ඒ අනුව මුළු සංචාරකයින් ප්‍රමාණය 1,315,884 ක් දක්වා…

(0)Comments | August 21, 2024 12:16 pm

එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ

සොබාධනවි බලාගාරය අගෝස්තු 28 වනදා විවෘත කෙරේ. අවම පිරිවැයක් යටතේ අඛණ්ඩ සහ ගුණාත්මක විදුලි සැපයුමක් සහතික කිරීම අරමුණයි. පුනර්ජනීය බලශක්තිය කරා යොමුවිමේ ජනපතිගේ වැඩපිළිවෙළ ශක්තිමත් කරන අවස්ථාවක් – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා. කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied Natural Gas – LNG) ගබඩා කිරීම වෙනුවෙන් යටිතල පහසුකම් සංවර්ධනය,…

(0)Comments | August 21, 2024 8:42 am

ජනපති අපේක්ෂකයින් උදව් නොගත යුතු සමාගම් මෙන්න

මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක කටයුතු සඳහා සෘජුව හෝ වක්‍රව මූල්‍යමය හෝ වෙනත් ආකාරයේ දායකත්වයන් ලබා ගත නොයුතු සමාගම්, ආයතන හා තැනැත්තන් පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනය කර සිටී. 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය යටතේ වූ නියමයන් ප්‍රකාශයට පත්කරමින් නිකුත් කරන ලද අංක 2397/66 දරණ ගැසට් පත්‍රයේ මේ…

(0)Comments | August 20, 2024 3:37 pm

බාහිර අභියෝග හමුවේ කොමර්ෂල් බැංකුව දෙවන කාර්තුවේ වර්ධන වේගය පවත්වා ගනී

දේශීය වෙළඳපලට විශේෂිත වූ වෙනස්වීම් වලට දැක්වූ සුචල්‍ය හා ක්‍රියාශීලී ප්‍රතිචාර හේතුවෙන් 2024 පළමු භාගයේදී දළ ආදායම අඩුවුවත්, ප්‍රශංසනීය මූල්‍ය ප්‍රතිඵල අත්කර ගැනීමට කොමර්ෂල් බැංකු සමූහය  සමත් වී ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ අනුබද්ධ සමාගම් වලින් සමන්විත සමූහය 2024 ජුනි 30න් අවසන් මාස හය සඳහා රුපියල් බිලියන 163.12 ක දළ ආදායමක් ලබා…

(0)Comments | August 20, 2024 2:30 pm

ඩොලරය තවත් බසී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.36 ක ලෙසත් විකුණුම් මිල රු. 303.57 ක් ලෙසත් සඳහන් වේ. අද දින ඩොලරයේ මධ්‍ය අගය සඳහන් වන්නේ රු. 298.68 ක් ලෙසිනි. මෙය 2024 මැයි 13 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති අඩුම රුපියල් අගයයි. මේ…

(0)Comments | August 20, 2024 12:18 pm

විදුලිබල මණ්ඩලයට මාස 06ක දී රු. කෝටි 11,920 ක ශුද්ධ ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2024 අප්‍රේල් – ජූනි කාර්තුව තුළ දී රු. බිලියන 34.53 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මීට පෙර 2024 ජනවාරි – මාර්තු කාර්තුව තුළ දී මණ්ඩලය රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට සමත් විය. මේ අනුව 2024 වසරේ පළමු භාගය තුළ දී මණ්ඩලය වාර්තා කර ඇති සමස්ත ලාභය…

(0)Comments | August 20, 2024 10:47 am

සංචාරක ආදායම ඩොලර් බිලියන 1.8 ඉක්මවයි

2024 වසරේ ජූලි මාසය තුළ දී ඩොලර් මිලියන 328.3 ක ආදායමක් සංචාරක කර්මාන්තය හරහා ඉපැයීමට ශ්‍රී ලංකාව සමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. ඒ අනුව වසරේ මුල් මාස 07 තුළ සමස්ත සංචාරක ඉපැයීම ඩොලර් බිලියන 1.88 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පසුගිය 2023 වසරේ මුල් මාස 07…

(0)Comments | August 20, 2024 10:29 am