Top News

පසුගිය වසරේ මද්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙයි

පසුගිය වසරේ මද්‍යසාර නිෂ්පාදනය 19%කින් අඩු වෙලා. කාලේ බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15කින් අඩු වෙලා. 2023 වසර තුළ ලබා දී ඇති මද්‍යසාර බලපත්‍ර 214න් 147ක් සංචාරක කර්මාන්තය සඳහායි – ඇමැති සියඹලාපිටිය කියයි 2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක්…

(0)Comments | May 9, 2024 12:12 pm

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (08) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දුන්නේය. අදියර තුනක් යටතේ…

(0)Comments | May 9, 2024 10:47 am

අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ජනපති

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි. පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා…

(0)Comments | May 9, 2024 10:43 am

අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය ගැන අවධානය

විධිමත් ලෙස වාහන ආනයනය ආරම්භ කිරීම පිළිබඳ වාර්තාවක් කඩිනමින් – ඇමැති සියඹලාපිටිය කියයි රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේදීම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බවත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්…

(0)Comments | May 8, 2024 3:04 pm

ලොව ලොකුම තේ අපනයනකරුවා බවට ලංකාවේ සමාගමක් පත්වෙයි

ලොව විශාලතම තේ සමාගම වන LIPTON Teas and Infusions හා ශ්‍රී ලංකාවේ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව LIPTON Teas and Infusions සතු කෙන්යාවේ, රුවන්ඩාවේ සහ ටැන්සානියාවේ තිබෙන තේ වතු, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරෙනු ඇත. ඒ අනුව අදාළ තේ වතුවල අස්වැන්න LIPTON Teas and Infusions වෙත සැපයීම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් සිදුකිරීමට නියමිතය….

(0)Comments | May 8, 2024 1:35 pm

මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට එන සංචාරකයින්ගේ වැඩිවීමක්

2024 මැයි මාසයේ පළමු දින 05 තුළ දී විදෙස් සංචාරකයින් 22,047 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 806,698 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පළමු දින 05 තුළ පැමිණ…

(0)Comments | May 8, 2024 1:04 pm

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා

අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළගා වන හරිත ආර්ථිකයක් ද ශ්‍රී ලංකාවේ අරමුණයි – ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව අමතමින් ජනපති පවසයි. පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක්…

(0)Comments | May 8, 2024 11:44 am

රේගු දෙපාර්තමේන්තුව දඩ නියම කළ සමාගම තමන් නොවන බව සියැට් කැළණි අවධාරණය කරයි

රේගු දෙපාර්තමේන්තුව සමඟ රේගු බදු සම්බන්ධයෙන් කිසිදු ආරවුලක් නොමැති බවත්, රේගු බදු සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයකට හෝ දඩයකට මුහුණ නොදෙන බවත් සියැට් කැළණි ඉන්ටර්නැෂනල් ටයර් (පුද්ගලික) සමාගම පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට සහ සාමාන්‍ය ජනතාවට අවධාරණය කර ඇත. ආනයනික අමුද්‍රව්‍ය සඳහා රේගු බදු නොගෙවීම සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ ටයර් නිෂ්පාදකයෙකු නීතිමය ක්‍රියාමාර්ගයකට සහ දඩයකට මුහුණ දෙන බවට පළ වූ මාධ්‍ය…

(0)Comments | May 8, 2024 11:37 am

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම එක්ව ශ්‍රී ලංකාවේ පළමුවරට මෙරට තේ නිෂ්පාදනයන්ගේ තිරසාරත්වය ඉහළ නැංවීම උදෙසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රමිතිය සංවර්ධනය කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම පසුගියදා සිදුවිය. මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ තිරසාරභාවය හා සංවර්ධනාත්මක අනාගතය වෙනුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ කැපවීම මැනවින්…

(0)Comments | May 8, 2024 9:59 am

කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා මහ බැංකුව මහජන අදහස් විමසයි

කල්බදු මූල්‍යකරණ පාරිභෝගිකයන් සඳහා පවතින ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සහ කල්බදු මූල්‍යකරණ කර්මාන්තයේ වර්ධනයන් සලකා බලමින් කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනය සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව විසින් පියවර ගනිමින් සිටී. කල්බදු මූල්‍යකරණ පනත සංශෝධනයේදී උනන්දුවක් දක්වන පාර්ශවයන්ගේ පුළුල් සහභාගීත්වය තහවුරු කිරීම සඳහා මහජනතාවගේ නීරීක්ෂණ / අදහස් / යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදහස්…

(0)Comments | May 8, 2024 9:27 am