කොළඹ වරාය නගරය වෙත අපනයන-අභිමුඛ ව්‍යාපාර ආකර්ෂණය කර ගැනීමේ වැදගත් පියවරක් වශයෙන් CHEC Port City Colombo (Pvt) Ltd සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගියදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා සහ CHEC Port City Colombo (Pvt) Limited හි කළමනාකාර අධ්‍යක්ෂ Xiong Hongfeng මහතා මෙම අවබෝධතා ගිවිසුම…
“ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීමේ උත්සවයේ දී ජනපති පවසයි. රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද…
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය…
මෙරට විශාලතම විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලෙහි (EPF) සාමාජිකයින් හට 2023 වසර සඳහා 13.00% ක පොලී අනුපාතිකයක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. මෙය 2009 වසරෙන් පසු EPF සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැඩිම පොලී අනුපාතිකය වේ. 2008 වසරේ සිට මේ දක්වා එක් එක් වර්ෂය තුළ දී සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් වෙත ගෙවා…
පසුගිය 2023 වසරේ දී රු. බිලියන 215.9 ක මුදලක්, සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ආපසු ගෙවීම් ලෙස ගෙවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි වර්ෂයක් තුළ ගෙවා ඇති ඉහළම ප්‍රතිලාභ ගෙවීම් වටිනාකම වේ. මෙය 2022 වසරට සාපේක්ෂව 32.4% ක වැඩි වීමක් බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ අතර 2023…
තිරසාර මූල්‍යකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ හැකි උපරිමයෙන් සම්බන්ද කරගැනීම අරමුණු කරගත් හවුල්කාරිත්වයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් කොළඹ කොටස් හුවමාරුව සමඟ අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. ව්‍යාපාර උපායමාර්ගයේ මූලික අංගයක් ලෙස තිරසාරත්වයට ප්‍රමුඛත්වය දෙමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ නායකත්වය සඳහා සහය දැක්වීම සහ ඔවුන් දිරිමත් කිරීම මෙම…
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟද නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය…
2024 අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ දී විදෙස් සංචාරකයින් 121,595 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 757,379 ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේ පළමු දින 25 තුළ පැමිණ…
කාර්තු හයක් මුළුල්ලේ වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සංකෝචන වාර්තා කිරීමෙන් අනතුරුව, ආර්ථිකය 2023 වසරේ දෙවන භාගයේ දී ධනාත්මක කාර්යසාධනයක් වාර්තා කළ අතර, ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සහ අඩු උද්ධමනකාරී පරිසරයේ ප්‍රතිලාභ අඛණ්ඩව ආර්ථිකය වෙත ගලා යෑම හේතුවෙන් 2024 වසර තුළ දී ආර්ථිකය…
රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි- ජනපති. වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද…
Video Story