Top News

කොම්බෑන්ක් ඩිජිටල් LankaPay සමඟ වාණිජ දෙපාර්තමේන්තුව අන්තර්ජාල ගෙවීම් සඳහා සම්බන්ධ කරයි

වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා ව්‍යාපාරවලට සහ තනි පුද්ගලයින්ට ආරක්ෂිත හා තත්‍ය කාලීන මාර්ගගත ගෙවීම් සිදු කළ…

(0)Comments | April 24, 2024 1:05 pm

කැපකිරීම් සහ අසීරු තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ඇමැති සේමසිංහ අවධාරණය කරයි

මෙම වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය 2.5% දක්වා අඩු වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පෙබරවාරි මාසයේදී එම උද්ධමනය අනුපාතය 5.1% ලෙස සනිටුහන් වූ බවයි. ආහාර උද්ධමනය 5% මට්ටමේ පවත්වාගෙන යාමට හැකි වී ඇති අතර ආහාර නොවන උද්ධමනය 0.7% දක්වා පහළ ගොස් තිබේ. 2022 දී ශ්‍රී ලං⁣කාාවේ උද්ධමනය 70%ක්…

(0)Comments | April 24, 2024 11:55 am

වාහන මිල දී ගැනීමේ දී සැලකිලිමත් වන්නැයි ඇමතිගෙන් ඉල්ලීමක්

නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථ වාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ. මෙම…

(0)Comments | April 24, 2024 11:17 am

Mahan Air ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර Mahan Air ගුවන් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව එකඟතාව පළ කර ඇති බවත්, ඉරාන සංචාරකයන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මෙන්ම සිවිල් ගුවන් සේවා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය වර්ධනය කිරීමට එමඟින් දිරිගන්වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර සිටී. 2022 දී ඉරානය ශ්‍රී ලංකාවට වැඩිම ජාත්‍යන්තර සංචාරකයින් පැමිණෙන…

(0)Comments | April 24, 2024 10:57 am

‘දිසි රැළ’ ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කරයි

පසුගිය දා කොළඹදී දියත් කරන ලද නව ඒකාබද්ධ සමුද්‍ර ආරක්ෂක මෙහෙයුම තුළින් දෙරටේ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම මැනවින් ප්‍රදර්ශනය විය. ‘දිසි රැළ’ ලෙස නම් කර ඇති මෙම ඒකාබද්ධ මෙහෙයුමේ මූලික අරමුණ වන්නේ අන්තර් සමුද්‍රීය කලාපය පිළිබඳ විමසිලිමත් බව තවදුරටත් ඉහළ නැංවීම වේ.  මෙම වැඩසටහන  යටතේ ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය…

(0)Comments | April 24, 2024 10:42 am

වසරේ පළමු මාස තුන තුළ රාජ්‍ය ආදායම් ලබන ප්‍රධාන ආයතන අපේක්ෂිත ඉලක්ක ඉක්මවයි

අසීරු අභියෝග පැවති වසර ගණනාවකට පසු 2024 පළමු තෙමස තුළ අපේක්ෂිත රාජ්‍ය ආදායම ඉක්මවා යාමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ මෙරට ප්‍රධාන ආදායම් ලබන ශ්‍රී ලංකා රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් යන දෙපාර්තමේන්තු උපයා ඇති ආදායම රුපියල් බිලියන 834ක් බවයි. එය අපේක්ෂිත ආදායම…

(0)Comments | April 23, 2024 6:43 am

ශ්‍රීලංකන් ගන්න ධම්මිකත් කැමැත්තෙන්

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකය විසින්, මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැඳවන ලද අභිලාෂයන් වෙත කැමැත්ත පළ කර ඇති ආයෝජකයින් 6 දෙනෙකුගේ විස්තර අද (22) දින අනාවරණය කරන ලදී. එලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය මිල දී ගැනීම සඳහා කැමැත්ත පළ…

(0)Comments | April 22, 2024 4:34 pm

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 5.1% සිට 2024 මාර්තු මාසයේ දී 2.5% ක් දක්වා සුවිශේෂී ලෙස පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 පෙබරවාරි මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 මාර්තු මාසයේ දී…

(0)Comments | April 22, 2024 3:20 pm

ශ්‍රී ලංකාව යන ගමන ගැන IMF සතුටින්

උද්ධමනය පහළ හෙළීම, ආදායම් ඉහළ නැංවීම සහ පාලන තන්ත්‍රයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා බලධාරීන් වෙත සුබපැතුම් එක් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. X පණිවුඩයත් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ, IMF හි පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී, මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ…

(0)Comments | April 22, 2024 2:11 pm

ඩොලරය ඉහළට

එක්සත් ජනපද ඩොලරයේ අද (22) දින නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) රු. 302.00 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය මෙලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ 5 වන දිනයට වීම විශේෂත්වයකි. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 297.00 ක් හා විකුණුම්…

(0)Comments | April 22, 2024 1:20 pm