ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -0.8% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 මාර්තු මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -1.9% ක් ලෙසිනි. මාර්තු මාසයේ දී 0.8% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය…
රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) ලෙස සමුච්චිත ආයෝජන ඇමරිකානු ඩොලර් බිලියන 3.37 ඉක්මවයි. ශ්‍රී ලංකාවේ අංක 1, සන්නිවේදන සම්පාදකයා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන රටේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා (FDI) වන ඩයලොග් ආසිආටා සමූහයේ සමාගමක් වන ඩයලොග් ආසිආටා පීඑල්සී, සිය මව් සමාගම විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් යටිතල පහසුකම්…
අද (21) පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවනු ලැබූ දිවයින පුරා පිහිටි කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් (EPF) ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාර ගැනීම අද (21) දහවල් 12 සිට යළිත් සාමාන්‍ය පරිදි සිදුකරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ සිදුකරන ලද හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් මෙලෙස සිය සේවාවන් අද (21) සිට මැයි…
2050 වන විට ඉන්දියාව ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්වන අතර ඉන්දීය උපමහද්වීපයේ කෙළවරේ පිහිටි ශ්‍රී ලංකාව වඩාත් වැදගත් ප්‍රදේශයක් බවට පත් වන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (20) ආර්ම්භ වූ 5 වැනි බෙන්ගාල බොක්ක සංවාදයට එක් වෙමින් ඔහු මේ බව පවසා සිටියේය. එහි දී ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ තෙලඟානා, ආන්ද්‍රා,…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) 2025 මැයි 16 වනදා ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙය සංවිධානය වූයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් කරනු ලැබූ ඉල්ලීමක් අනුවයි. වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ වර්තමාන අපනයන උපායමාර්ග, කලාපීය ප්‍රමුඛතා සහ ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු…
ආදායම් බදුවලට පෙර ලාභය 13.36% කින් ඉහළ ගොස් රු. මිලියන 4,199 ක් ලෙස වාර්තා වෙයි බදු පසු ලාභය රු. මිලියන 2,761 ක්: 20.29% ක වර්ධනයක් ද්‍රවශීලතා ආවරණ අනුපාතය – සියලු විනිමය වර්ග සඳහා 389.25% සහ රුපියල් සඳහා 349.51% හිමිකම් මත ප්‍රතිලාභය 15.81% සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.64% හානිකරණ ණය (අදියර 3) අනුපාතය 1.98% සෙලාන් බැංකුව…
මේ වන තෙක් විගණකාධිපති තනතුර සඳහා පත් කිරීමක් සිදුකර නොමැති බවත්, ඊයේ (20) ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායකවරයා දැනුම් දුන්නද ඒ පිළිබඳ අවසන් තීරණයකට මෙතෙක් පැමිණ නොමැති බව දැනගන්නට ලැබී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. අද (21) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටි අතර…
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට රැකියා අහිමි කරමින් එම කර්මාන්ත ශාලාව වසා දමා තිබේ. පූර්ව දැනුම්දීමකින් තොරව මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබියතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳීසිටින…
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය. කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. ඒ අනුව…
අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් කිරීම සඳහා debit සහ credit කාඩ්පත් මෙන්ම QR කේත මඟින් ගෙවීම් කටයුතු සිදුකිරීමට හැකියාව හිමි වනු ඇත. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී…
Video Story