Top News

මහ බැංකුවෙන් වානිජ බැංකුවලට දැනුම්දීමක්

බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) විසින් ජංගම බැංකුකරණ ඒකක (MBU) පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් ඇතුළත් චක්‍රලේඛයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ජංගම බැංකුකරණ භාවිතයන් ප්‍රමිතිගත කිරීම සහ දිවයින පුරා බැංකු සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම අරමුණි කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ:  

(0)Comments | December 5, 2024 12:00 pm

ලෝක බැංකුව රජයේ Clean Sri Lanka වැඩසටහනට සහාය ලබා දෙන බව පවසයි

රජයේ Clean Sri Lanka වැඩසටහනට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් (Parameswaran Iyer) මහතා පැවසීය. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීය. ජනපති ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂවරයා, දැනට ලෝක…

(0)Comments | December 4, 2024 6:00 pm

ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි

ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ නවතම මංසළකුණක් සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 171.69 කින් ඉහළ ගොස් ඒකක 13,511.73 ක් ලෙසින් සටහන් විය. එය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල…

(0)Comments | December 4, 2024 3:22 pm

ආදායම් බදු ගෙවන්නන්ට දැනුම්දීමක්

2023/24 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා මෙතෙක් භාර නොදුන් පුද්ගලයින් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීමක් කර තිබේ. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ අදාළ ආදායම් වාර්තා භාරදිය යුතුව තිබුණු අවසන් දිනය 2024 නොවැම්බර් 30 වන දින බවත්, සාධාරණ හේතූන් මත අදාළ වාර්තා භාරදීමට අපොහොසත් වීම මත ඒවා 2024 දෙසැම්බර් 07 දින හෝ ඊට පෙර…

(0)Comments | December 4, 2024 2:47 pm

MAS ඇඟලුම් ක්ෂේත්‍රයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම ඉහළ නැංවීම සඳහා UNFPA සමඟ එක්වෙයි

ගෝලීය ඇඟලුම් තාක්ෂණික සමූහයක් වන MAS සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නොවැම්බර් 28 දින සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට එළඹුණේය. ඒ සමඟ කාන්තා සෞඛ්‍යය හා ප්‍රජනක සෞඛ්‍යය ඉහළ නැංවීම, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය අවශ්‍යතා සපුරාලීම හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය හා මානසික සෞඛ්‍යය සඳහා සහයෝගය ලබා දීම අරමුණු කරගත් වසරක සහයෝගීතාවයේ ආරම්භය සනිටුහන් කිරීමට…

(0)Comments | December 4, 2024 12:45 pm

‘කොම්බෑන්ක් ඩිජිටල්’ ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි

ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු ඇප් එක වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 1.5 සන්ධිස්ථානය පසුකර ඇති බව නිවේදනය කර ඇත. මෙම සන්ධිස්ථානය ප්‍රකාශයට පත් කරමින් බැංකුව පැවසුවේ මෙම සම්මානලාභී ඇප් එක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ ආයතනික ගනුදෙනුකරුවන්ට සේවය සැපයීමට බහුලවම භාවිතා වන ඩිජිටල්…

(0)Comments | December 4, 2024 11:47 am

2024 ඔක්තෝබරයේ අපනයන ආදායම ඉහළට

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් වාර්තා විය. ඇඟලුම් සහ රෙදිපිළි අපනයනය, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු සහ සාන්ද්‍රිත නිශ්පාදන වේ. තවද, 2024…

(0)Comments | December 3, 2024 3:42 pm

ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනයට අවසර

දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් වී වගාව සඳහා සිදුවී ඇති හානිය සැලකිල්ලට ගනිමින්, සහල් ආනයනය කිරීම සඳහා දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමේ යෝග්‍යතාව අමාත්‍ය මණ්ඩලය විසින් සලකා බලන ලදී. ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව 2024‑12‑20 දින දක්වා මෙරටට…

(0)Comments | December 3, 2024 2:26 pm

අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම් ප්‍රසම්පාදන දේශීය නිෂ්පාදකයින්ට. අලුතින් තෝරා ගත් 24කුත් ඒ අතර

දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සහ වෛද්‍ය සැපයීම් ඉදිරි වසරක කාලයක් සඳහා හඳුනාගනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස 2024‑10‑14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සමඟ බද්ධ ව්‍යාපාර ගිවිසුම් අත්සන් කරනු ලැබ ඇති දේශීය නිෂ්පාදකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ…

(0)Comments | December 3, 2024 2:20 pm

ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් සුප්‍රකට ඕස්ට්‍රේලියානු සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් සිව්දෙනෙකු ලංකාවට

ශ‍්‍රී ලංකා සංචාරක කර්මාන්තය තව දුරටත් ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ප‍්‍රවීන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් (Influencers) සිව් දෙනෙකු ලංකාව වෙත ගෙන ඒමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය කටයුතු යොදා ඇත. මෙවැනි වූ සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවන් හරහා රට රටවල් තුළ සංචාරක වර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම ඉතා සාර්ථක උපාය මාර්ගයක් ලෙස මේ වන විට සංචාරක ප‍්‍රවර්ධන…

(0)Comments | December 3, 2024 12:56 pm