Top News

ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් එක්සත් රාජධානියේ අපනයන වෙළඳපල වෙත ප්‍රවේශ කිරීමට විශේෂ වැඩසටහනක් 

ශ්‍රී ලාංකීය කාන්තා ව්‍යවසායකයින් සඳහා එක්සත් රාජධානියේ අපනයන වෙළඳපොළට දොරටු විවර කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් දෙසැම්බර් 2 වැනිදා  කොළඹදී පැවැත්විණි. මෙම මුලපිරීම එක්සත් රාජධානියේ-ශ්‍රී ලංකා වෙළඳ හවුල්කාරිත්වය හරහා ක්‍රියාත්මක වන එක්සත් රාජධානියේ රජයේ අරමුදල් සහිත SheTrades Commonwealth+ වැඩසටහනේ කොටසකි. මේ යටතේ  ශ්‍රී ලාංකික කාන්තා ව්‍යවසායකයින් 50 දෙනෙකුට වැඩි පිරිසක්  එක්සත් රාජධානියේ සමාගම් සමඟ සම්බන්ධ වී…

(0)Comments | December 3, 2024 11:24 am

සංචාරක පැමිණීම දහඅට ලක්ෂය ඉක්මවයි

2024 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහඅට ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,804,873 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දේ. මෙම දත්ත වාර්තාවලට අනුව 2024 නොවැම්බර් මාසයේ…

(0)Comments | December 3, 2024 11:07 am

2024 පළමු වරට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළේ විදෙස් ආයෝජනවල මාසික ශුද්ධ ලැබීමක්

2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි එක්සත් ජනපද ඩොලර් මලියන 39ක විදේශ ආයෝජනවල ශුද්ධ ලැබීමක් වාර්තා විය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ විසින් 2024 වසරේ මාසික ශුද්ධ ලැබීමක් වාර්තා කළ ප්‍රථම අවස්ථාව මෙය වේ. කෙසේවෙතත් රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ 2024 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 218ක සමුච්ඡිත ශුද්ධ ගෙවීමක් වාර්තා…

(0)Comments | December 2, 2024 4:17 pm

අද හෙට ලංකාවට එන අලුත්ම වාහනවල අලුත්ම මිල ගණන් මෙන්න

ශ්‍රී ලංකාවට පුද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් බොහෝ දුරට එළඹෙන 2025 පෙබරවාරි මාසයේ සිට ලිහිල් වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වාහන ආනයනකරුවන් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ එළඹෙන පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි. මේ අතර මෙරට බලයලත් මෝටර්…

(0)Comments | December 2, 2024 11:49 am

රුපියලේ අගය වැඩිවෙයි

2024 වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අතිප්‍රමාණය වීමක් වාර්තා කළ බව ශ්‍රී ලංකා මහ බැංකු පවසයි. නවතම වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙසේ කියා සිටී. “2024 වසරේ නොවැම්බර් මස 29 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල…

(0)Comments | December 2, 2024 10:37 am

මාස 11 කදී කොටස් වෙළෙඳපොළ 23%කින් ඉහළට

2024 වසරේ මුල් මාස 11 අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය 23.79% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. S&P SL20 දර්ශකයට අනුව මෙම කාලපරිච්ඡේදය තුළ වර්ධනය 27.27% කි. මේ අතර 2024 නොවැම්බර් මාසයේ අවසාන වෙළෙඳපොළ දිනයට අද (29) දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාත්මක වූ අතර එහිදී දිනය…

(0)Comments | November 29, 2024 4:47 pm

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද කෙටි කාලීන උද්ධමන පුරෝකථන හා අනුකූලව, අඛණ්ඩව තෙවන මාසයටත් ඍණ අගයක පවතිමින් 2024 ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ සියයට 0.8ක අවධමනයට සාපේක්ෂව 2024 නොවැම්බර් මාසයේ දී සියයට 2.1ක අවධමනයක් වාර්තා කළේය. වාර්ෂික ලක්ෂ්‍යමය…

(0)Comments | November 29, 2024 3:24 pm

සමාගම් 5කට දැනුම්දීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5කට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අවවාදාත්මක දැනුම් දීමක් කර තිබේ. 2024 මාර්තු 31න් අවසන් මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ දක්වා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම දැනුම් දීම සිදුකර ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ අදාළ සමාගම් විසින් 2024 දෙසැම්බර් 06 වන දින වන විට අදාළ…

(0)Comments | November 29, 2024 12:18 pm

ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වෙයි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී දර්ශකාංක 54.3ක් දක්වා ඉහළ ගොස් ඇත. මැතිවරණ සමයේ පැවති අවිනිශ්චිතතා පහව යෑමත් සමගම මෙම මාසයේ දී ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කරයි. ඉදිරි කාලය සඳහා නව ඉදිකිරීම් කටයුතු පැවතීම පිළිබිඹු කරමින් නව…

(0)Comments | November 29, 2024 11:32 am

කාන්තාවන්ගෙන් සවිබල ගැන්වුණු NW Logistics හි ඉන්ධන පිරවුම්හල කොළඹ දිස්ත්‍රික්කයේ ඉහළම ඉන්ධන අලෙවියක් සහිත ඉන්ධන පිරවුම්හල බවට පත්වෙයි 

මෙහෙයුම් විශිෂ්ටත්වය සහ කැපවීම යන දෙඅංශයම පිළිබිඹු කරමින්, නයින්වෙල්ස් රෝහල විසින් කළමනාකරණය කරනු ලබන NW Logistics and Management හි ඉන්ධන පිරවුම්හල ඉන්ධන බෙදා හැරීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වී තිබේ. මෙම ඉන්ධන පිරවුම්හල 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී  කොළඹ දිස්ත්‍රික්කය තුළ ඉහළම ඉන්ධන අලෙවිය සහ මුළු දිවයිනේම දෙවැනි ඉහළතම ඉන්ධන අලෙවිය වාර්තා කළේය. මෙහි මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම සිදු කරනු ලබන්නේ දක්ෂ සහ කැපවීමෙන් යුත්…

(0)Comments | November 29, 2024 11:26 am