Top News

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පසුබෑමක්

2024 නොවැම්බර් මාසයේ අවසාන සතියේ ගනුදෙනු ඇරඹි අද (25) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 187.62 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 76.52 කින් පහළ යන ලදී. පසුගිය ගනුදෙනු දින 5 ඇතුළත ඒකක 100 ඉක්මවූ අගයයකින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල…

(0)Comments | November 25, 2024 5:01 pm

දමිත් පල්ලෙවත්ත HNB මුල් පුටුවට

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත්කළ බව නිවේදනය කර ඇත. 2024 වසරේ අප්‍රේල් මස සිට බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා 2024 නොවැම්බර් 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නව තනතුරෙහි කටයුතු කරනු ඇත. අවුරුදු 14කට වැඩි…

(0)Comments | November 25, 2024 4:44 pm

විදෙස් ආයෝජකයින් ත්‍රිතුණාමලය සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව මෙරට ආයෝජන අවස්ථා නිරීක්ෂණය කරයි

සමුද්‍රීය ක්ෂේත්‍රවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබදව ආයෝජකයින්ගේ  අවධානය වොයේජ් ශ්‍රි ලංකා 2024 සමුද්‍ර හා අක්වෙරල, බෝට්ටු නිෂ්පාදන සමුළුවට සමගාමීව ඉන්දියාව, සෞදි අරාබිය, මාලදිවයින, ප්‍රංශය, ජපානය, තායිලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ කාම්බෝජය ඇතුළු රටවල විදේශීය ආයෝජකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 24 සහ 25 යන දිනවල ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වරායේ සංචාරයක නිරත විය. සමුද්‍රීය ආයෝජන…

(0)Comments | November 25, 2024 3:00 pm

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීම සඳහා ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද (25) දින නිවේදනය කර සිටියේය. මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම, පිරිවැය ප්‍රතිසාධන ගාස්තු සංශෝධන සහතික කිරීම…

(0)Comments | November 25, 2024 1:29 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවැනි වරටත් ‘Arabian Cargo Awards’ හිදී ‘නැගී එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව’ සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව දෙවැනි වරටත් ‘Arabian Cargo Awards’ හිදී ‘නැගී එන භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවාව’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශිෂ්ට ජයග්‍රහණ, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ නවෝත්පාදන ඇගයීමට ලක් කරන මෙම සම්මාන උළෙලේ 2024 අදියර පසුගිය නොවැම්බර් 11 දින ඩුබායි හිදී පැවැත්විණි. ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින්, මෙහෙයුම්වල සාර්ථකත්වය,…

(0)Comments | November 25, 2024 11:28 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම පිළිබඳව තෙවන සමාලෝචනයට අදාළව නිලධාරී මට්ටමේ එකඟතාවයකට එළඹෙයි

ජා.මූ. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජා.මූ. අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත. ජා.මූ. අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම සමාලෝචනය අනුමත කිරීමෙන් පසු සහ ජා.මූ. අරමුදලේ විධායක මණ්ඩලය විසින් සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට එ.ජ….

(0)Comments | November 23, 2024 2:49 pm

IMF තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව අද (22) ජනාධිපති කාර්යාලයේදී පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි වූ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම…

(0)Comments | November 22, 2024 6:49 pm

ජනාධිපති ලේකම් සහ ජපාන තානාපති අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව…

(0)Comments | November 22, 2024 5:48 pm

කොටස් වෙළෙඳපොළේ වර්ධනයක්. සියලු කොටස් දහතුන්දහසේ සීමාව යළි පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,000 සීමාව අද දින යළි පසුකරනු ලැබීය. ඒ දිනය තුළ ඒකක 72.17 ක වර්ධනයක් අත්පත් කර ගැනීමට එය සමත්වීමත් සමඟිනි. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 13,054.27 ක් ලෙසින් වාර්තා විය. මෙම සතියේ අවස්ථා දෙකක දී කොළඹ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පසුබෑමකට මුහුණ දුන් අතර…

(0)Comments | November 22, 2024 4:33 pm

ශ්‍රී ලංකාව ගැන IMF තීරණය හෙට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමක් මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටී. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ තුන්වන සමාලෝචනය සඳහායි. මෙම තෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් හෙට (23) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් දැනුම් දීමට නියමිතය. ඒ…

(0)Comments | November 22, 2024 1:05 pm