Top News

ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීමට සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක්

මෙරට ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මංජුල හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ එම වැඩපිළිවෙළට සමගාමීව සහන පොලී යටතේ ණය ලබා දීමේ පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව යි….

(0)Comments | January 13, 2026 9:31 am

ශ්‍රී ලංකාව ප්‍රගතිය කරා නිවැරදි දිශාවට ගමන් කරන බවට චීන විදේශ අමාත්‍යගෙන් සුභවාදී අදහසක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (12) දින චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සමඟ ඵලදායී සාකච්ඡා පැවැත්වූයේය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යෑම මෙම හමුවේ අරමුණ විය. ශ්‍රී ලංකාව සහ චීනය අතර සියවස් ගණනාවක හුවමාරුවන් තුළින් මුල් බැසගත් සහ දශක හතකට…

(0)Comments | January 13, 2026 8:36 am

සමාජ ආරක්ෂණ මණ්ඩලය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය අත්පත්කර ගනී

අසංවිධානාත්මක ක්ෂේත්‍රවල ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මීට වසර 30 කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහළම ප්‍රගතිය අත්පත් කර ගත් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි. 2024 වසරේදී රු.මි. 167.41 ක්ව පැවති නව බඳවාගැනීම්වල වටිනාකම 2025…

(0)Comments | January 12, 2026 4:48 pm

2026 පළමු වරට කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (12) දිනයේ දී ඒකක 45.79ක පහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,608.51ක් ලෙසින් වාර්තා විය. 2026 වසරේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් මෙලෙස අද දිනයේ දීය. මේ අතර S&P SL20 දර්ශක අගය…

(0)Comments | January 12, 2026 4:19 pm

2026 වසරේ පළමු දින 8 තුළ 67,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට

2026 වසරේ පළමු දින 8 තුළ 67,762ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම දින 8 තුළ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,275ක් ලෙසයි. එම කාල සීමාව තුළ ඉන්දියාව, 11,367ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට…

(0)Comments | January 12, 2026 1:49 pm

ශ්‍රී ලංකාවේ ආපදා සූදානම ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට කොමර්ෂල් බැංකුවේ සහය

‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන් ම යාවත්කාලීන කිරීම…

(0)Comments | January 12, 2026 1:27 pm

2025 දී සංචාරක පැමිණීම 15%කින් වැඩිවෙද්දී සංචාරක ආදායම වැඩිවුණේ 1.6%කින්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2025 වසරේ මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,362,521ක් වේ. එය මෙතෙක් ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ දී මෙරටට පැමිණි ඉහළම සංචාරකයින් ප්‍රමාණය වේ. එසේම 2024 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි 2,053,465 ක්වූ සංචාරකයින් ප්‍රමාණයට වඩා මෙය 15.1% ක ඉහළ යාමකි. මීට පෙර ඉහළම සංචාරක පැමිණීම 2018 වර්ෂයේ දී වාර්තා…

(0)Comments | January 12, 2026 11:49 am

ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025 සිට 2030): අර්බුදයෙන් පසු තිරසාර හා සාධාරණ වර්ධනයකට ප්‍රතිපත්ති මාර්ගසටහනක්

ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද‍්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්‍රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ…

(0)Comments | January 12, 2026 10:08 am

මහ බැංකුව 2025 දී ඩොලර් මිල දී ගත් හැටි හෙළිකරයි

පසුගිය 2025 වර්ෂය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 2,812ක් මිල දී ගෙන ඇති බව වාර්තා වේ. 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී මහ බැංකුව වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය පිළිවෙලින් මිලියන 90.8ක් සහ මිලියන 250.8ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාව අනාවරණය…

(0)Comments | January 12, 2026 10:03 am

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් E මෝටර් කාඩ්පත හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා පොලීසියට ටැබ් 500ක්  පරිත්‍යාග කරයි

ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කරන ලද මෙම දියත් කිරීමට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමද සිදු විය. මෙම…

(0)Comments | January 12, 2026 9:55 am