Top News

ජා.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2021 අගෝස්තු මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100)  වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ජූලි මාසයේ පැවති සියයට 6.8හි සිට 2021 අගෝස්තු මාසයේ දී සියයට 6.7 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2020 අගෝස්තු මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා පූර්ණ වශයෙන් හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික…

(0)Comments | September 22, 2021 9:40 am

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට නව ලේකම්වරයෙක්

2021 සැප්තැම්බර් 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙනු ලැබේ. සහකාර අධිපති ජේ. පී. ආර්. කරුණාරත්න මහතා ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයෙන් මූල්‍යය පිළිබඳ වාණිජ විද්‍යාපති උපාධිය ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවහාර සංඛ්‍යානය පිළිබඳ පශ්චාද්…

(0)Comments | September 22, 2021 9:29 am

සුරැකුම්පත් පනත අද සිට බලාත්මක යි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය. මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි. ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා…

(0)Comments | September 21, 2021 4:32 pm

ඔක්තෝබර් 01 සිට තර්ඩ් පාර්ටි ඉන්ෂුවරන්ස් ගාස්තු වැඩිවෙන්න හේතුව මෙන්න

තුන්වන පාර්ශවයේ සියලුම රථ වාහන රක්ෂණ මුදලින් මේ දක්වා මාර්ග ආරක්ෂා අරමුදලට අයකරන ලද 1% ක බද්ද 2021 ඔක්තෝබර් 01 දින සිට 2% ක් දක්වා ඉහළ දමා තිබේ. මීට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (17) නිකුත් කර ඇත. මාර්ග ආරක්ෂා අරමුදල මගින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අරමුදල් සපයනු ලබන අතර තුන්වන පාර්ශවයේ සියලුම…

(0)Comments | September 21, 2021 4:15 pm

චීනයේ දැවැන්ත සමාගමක් බංකොලොත් වීමේ අවදානමක

චීනයේ දැවැන්ත දේපළ සංවර්ධක සමාගමක් වන Evergrande සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. මෙය ඊයේ (20) දින සිට ජාත්‍යන්තර මාධ්‍යයන් හි ප්‍රමුඛ පුවතක් බවට පත් වී ඇත්තේ මේ හරහා ගෝලීය ආර්ථිකයට ද දැඩි බලපෑමක් ඇතිවිය හැකි බවට ආයෝජකයින් විසින් අවධානය යොමු කර ඇති බැවිනි. Evergrande සමාගම හඳුන්වන්නේ ලොව වඩාත්ම ණයගැති නිශ්චල…

(0)Comments | September 21, 2021 2:29 pm

කොළඹ – මහනුවර බහුමහල් රථගාල් ව්‍යාපෘති සඳහා ආයෝජකයින්ට ආරාධනා

කොළඹ 10, රෝහල් චත්‍රරශ්‍රය, නොරිස් ඇළ පාරේ සහ මහනුවර ‌බෝගම්බර, බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ. මේ සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත. කොළඹ ව්‍යාපෘතියේ ඉඩම් ප්‍රමාණය රූඩ් 3 යි පර්චස් 0.35 ක් වන අතර මහනුවර ව්‍යපෘතිය සඳහා අක්කර 1 යි පර්චස් 16.60…

(0)Comments | September 21, 2021 9:48 am

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී Galle gladiators කණ්ඩායමට සම හිමිකරුවන් දෙදෙනෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරඟාවලියේ දී Galle gladiators කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් පැමිණ යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම හමුවේ පරාජයට පත් වූහ. කෙසේ වෙතත්, Galle gladiators හි සම හිමිකරුවකු වන නදීම් ඕමාර් මහතා පවසන්නේ දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස දෙවන තරගාවලිය තුළ නැවත වරක් වඩාත් ශක්තිමත්ව තරග වැදීමට සූදානම් වන ග්ලැඩියේටර්වරුන්ගේ…

(0)Comments | September 20, 2021 9:13 pm

චීන ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවට ඉහළ උනන්දුවක්

ගුවාන්ෂු හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ගුවාංඩොං දර්ශන ජාත්‍යන්තර සංචාරක නියෝජිතායතනය සමඟ සහභාගීත්වයෙන් යුතුව, 2021 සැප්තැම්බර් 10-12 දිනවල ගුවාන්ෂු හි පැවති ගුවාංඩොං පළාතේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, චීන (ගුවාංඩොං) ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත ප්‍රදර්ශනය (CITIE) සඳහා සහභාගී විය. කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණ ස්ථාන, පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික ස්ථාන පිළිබඳ විචිත්‍රවත් ඡායාරූපවලින් සමන්විතව ශ්‍රී ලංකා ප්‍රදර්ශන…

(0)Comments | September 20, 2021 1:56 pm

ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය නැංවීමට වටවල වැවිලි සමාගමෙන් ශක්තිමත් පියවර රැසක්

තිරසාර කෘෂිකර්මාන්තය වෙනුවෙන් කැපවුනු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ කෘෂි ව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (Watawala Plantations PLC-WPL) තිරසාර කෘෂිකාර්මික ක‍්‍රමෝපායන් දිරිගැන්වීම සඳහා දැඩි උත්සාහයක් ගනිමින් සිටී. ලොව පුරා පාරිසරික අභියෝගයන් සීඝ‍්‍රයෙන් ඉහළ යාමත් සමඟම ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය හා ඊට අයත් අංශ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීම…

(0)Comments | September 20, 2021 12:34 pm

IT කර්මාන්ත ක්ෂේත්‍රයට මහවැලි ව්‍යාපෘතියක් අවශ්‍යයි – දිනේෂ් සපරමාදු 

ශ්‍රී ලංකාව කඩිනම් මහවැලි ව්‍යාපෘතිය දියත් කළ අයුරින්ම මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්ත කේෂ්ත්‍රයේ ශ්‍රම බලකාය ඉහළ නැංවීම සඳහා එවැනිම ව්‍යාපෘතියක් දියත් කළ යුතු බව hSenid සමූහයේ නිර්මාතෘ හා සභාපති දිනේෂ් සපරමාදු මහතා පවසයි. ඊයේ (16) TV දෙරණ ඔස්සේ විකාශය වූ ‘එක්ව ජයගමු’ විශේෂ සජීවී වැඩසටහන හා එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ඉදිරි වසර…

(0)Comments | September 17, 2021 2:12 pm