Top News

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 58ක් 2024 දී අවසන් කිරීමට සැලසුම්

රේඛීය අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2024 පළමු කාර්තුව අවසන් වන විට මූල්‍ය හා භෞතික ප්‍රගතිය පිළිබඳව අදාළ අමාත්‍යාංශ විසින් ඉදිරිපත් කරන ලද කාර්යසාධන දත්ත හා තොරතුරු සමාලෝචනය කර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතී පිළිබඳ කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරනු ලැබ තිබේ. එකී වාර්තාව අනුව, 2024 වර්ෂයේ…

(0)Comments | June 4, 2024 12:58 pm

නෙදර්ලන්තයේ Janson Bridging වෙතින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවලට පාලම් 750ක් 

නෙදර්ලන්තයේ Janson Bridging සමාගමේ 10 වන සංවත්සරය සහ ශ්‍රී ලංකාවේ පාලම් 750ක් සාර්ථකව ඉදිකිරීම සැමරීම වෙනුවෙන් උත්සවයක් ඊයේ (03) කොළඹ දී පැවැත්විණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය බොනී හෝබාක් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ උපරිම අයුරින් ලබාදීම සඳහා මාර්ග සම්බන්ධතාව වැඩිදියුණු කරමින් දිවයින පුරා…

(0)Comments | June 4, 2024 12:44 pm

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ජාත්‍යන්තර යහපරිචයන් ද සැලකිල්ලට ගනිමින්, විෂය ප්‍රවීණයන්ගේ සහයෝගය ඇතිව සිදු කරනු ලැබ ඇත සමාලෝචනයකින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වඩාත් ඵලදායී අයුරින් මෙහෙයවීමේ සහ සංවර්ධනය සඳහා ඒකාබද්ධ නියෝජිතායතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, අපනයන සංවර්ධන මණ්ඩලයේ, ජාතික අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ ආයතනික…

(0)Comments | June 4, 2024 11:59 am

ඩයලොග්, ශ්‍රී ලංකාවේ මුල් වරට Smartphone Plans හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකාවේ පළමු වරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට Android Smartphone සඳහා 40% ක් පමණක් ගෙවා ඉතිරිය මාසිකව ගෙවීමට හැකි Smartphone Plans හඳුන්වා දෙයි. මෙමගින් ඉතිරිය වාරික වශයෙන් ඔවුන්ගේ Power Plan පසුගෙවුම් මොබයිල් බිල්පතට එක්කර පහසු මාසික වාරික 24 කින් ගෙවීමට ඉඩකඩ සලසමින් ඔවුන් කැමතිම Smartphone එකක්…

(0)Comments | June 4, 2024 10:32 am

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වාර්ෂික ආයෝජන ඉලක්ක මාස 3කින් සපුරාලයි – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය මෙම වසර සදහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට ඇමරිකානු ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ලබා දුන්නත්, වසරේ මුල් කාර්තුව තුලදී එම ඉලක්කය සපුරා ගැනීමට තම අමාත්‍යාංශය සමත් වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ මෙම වසරේ ප්‍රථම කාර්තුව තුල ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමග ආයෝජන ගිවිසුම්…

(0)Comments | June 4, 2024 9:56 am

මැයි මාසයේ දී රුපියලේ හැසිරීම ගැන මහ බැංකුව මෙසේ කියයි

2024 වසරේ මේ දක්වා සමස්තයක් වශයෙන් රුපියල අතිප්‍රමාණය වුවද, 2024 මැයි මාසයේ දී යම් අවප්‍රමාණය වීමේ පීඩනයක් දක්නට ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 අප්‍රෙල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. “2024 වසරේ මැයි මස 31 දක්වා වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට…

(0)Comments | June 3, 2024 5:23 pm

ආයෝජන දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකාව නැවතත් ‘ආයෝජක වීසා’ වැඩසටහන දියත් කරයි

මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජන දිරිගැන්වීමේ ක්‍රමෝපායික පියවරක් වශයෙන්, ආයෝජක වීසා වැඩසටහන යළි ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විශේෂයෙන්ම විදේශිකයන්ට මෙරට සහාධිපත්‍ය දේපළ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් හඳුන්වා දී ඇති මෙම වීසා ක්‍රමවේදය, 2024 ජූනි මස 01 දින සිට මාර්ගගත ක්‍රමයට ක්‍රියාත්මක වනු ඇත. 2024 මැයි 22…

(0)Comments | June 3, 2024 1:19 pm

එක්ස්පෝලංකා නඩුව කල්යයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගතව තිබුණු විශාලම සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නීතිමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් පවතින නවතම තත්ත්වය පිළිබඳ අනාවරණයක් සමාගම විසින් සිදුකර තිබේ. එහි දැක්වෙන පරිදි එක්ස්පෝලංකා සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩු කටයුත්ත 2024…

(0)Comments | June 3, 2024 12:29 pm

ශ්‍රී ලංකාව පිළිබඳ දෙවැනි සමාලෝචනය 12 වෙනි දා IMF න්‍යාය පත්‍රයට

සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඇමැති ෂෙහාන් කියයි. ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. මෙහි දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ඒවායේ ප්‍රගතිය ඇගැයීමට ලක් කෙරෙනු…

(0)Comments | June 3, 2024 10:11 am

කොළඹ ආහාර උද්ධමනය බිංදුවට බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 1.5 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.9ක් දක්වා පහළ යන ලදී. මෙහිදී ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 2.9 හි සිට 2024 මැයි මාසයේ දී සියයට 0.0 ක් දක්වා පහළ…

(0)Comments | May 31, 2024 3:30 pm