Top News

කොටස් වෙළෙඳපොළ ඒකක 131කින් ඉහළට. ආයෝජකයින්ගේ වැඩි උනන්දුව බැංකු සමාගම් වෙතට

අද (22) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.87 ක හෙවත් 1.08% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,348.84 ක් ලෙසින් වාර්තා වුණි. මේ අතර S&P SL20 දර්ශකය ද දිනය තුළ ඒකක 58.18 ක් හෙවත් 1.61% කින් ඉහළ…

(0)Comments | May 22, 2024 4:41 pm

මහ බැංකුවෙන් පොලී ගැන තීරණයක් එන සතියේ දී

2024 වසරේ 03 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය එළඹෙන සඳුදා (27) දිනයේ දී රැස්වීමට නියමිත බව වාර්තා වේ. එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මීට පෙර 2024 වසරේ දෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා 2024 මාර්තු 25 දින රැස්වුණි. එහිදී…

(0)Comments | May 22, 2024 3:49 pm

දමිත් පල්ලෙවත්ත Acuity Partners සභාපති ධූරයට

Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි. බැංකු…

(0)Comments | May 22, 2024 3:07 pm

ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවට ප්‍රධාන හේතුවක් අධ්‍යයනයකින් හෙළිවෙයි

ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොලේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය මූලිකවම වැටුප් නොලබන සත්කාර සේවා සමඟ සමීපව බැඳී ඇති බව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ (Women and Media Collective) පර්යේෂකයින් පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය හමුවේ කරුණු දක්වමින් පැවසුහ. කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ මහත්මිය ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින්  සිදුකළ ස්ත්‍රී  පුරුෂ වැටුප් විෂමතා පිළිබඳව…

(0)Comments | May 22, 2024 11:32 am

SEC සහ CSE විසින් රත්නපුරයේ ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වමින් කොටස් වෙළෙඳපොළ දැනුවත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් පසුගියදා රත්නපුර නව නගරයේ කේතුමතී හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී. ආයෝජකයින්ගේ සුරක්ෂිතතාව මෙන්ම කොටස් වෙළඳපොලේ පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කිරීම මුලික අරමුණ කරගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කෙරුණි. මේ සඳහා 170කට අධික පිරිසක් සහභාගී වූ අතර, ප්‍රදේශයේ දැනටමත් සිටින ආයෝජකයින්ට…

(0)Comments | May 22, 2024 8:32 am

භාණ්ඩාගාර බිල්පත් පොලිය තවත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (21) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික සුවිශේෂී ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ. එහිදී එක් එක් පරිණත කාලයන්ට අදාළව බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්, දින 91 – 9.04% සිට 8.76% ක් දක්වා පදනම් අංක 28 කින්, දින 182 – 9.43% සිට 9.17%…

(0)Comments | May 21, 2024 4:58 pm

ඉන්දීයාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාව, ඉන්දියනු සංචාරකයන්ගේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කළා. දකුණු ආසියාවේ මාලදිවයින වැනි ගමනාන්තයන් අභිබවා යමින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියානු සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම හා සමගාමීව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් 2024 මැයි 17 වන දින මුම්බායි සහ…

(0)Comments | May 21, 2024 4:45 pm

ජාතික උද්ධමනයේ සුළු වැඩිවීමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. එහිදී 2024 මාර්තු මාසයේ දී 5.0% ක්ව පැවති ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය, 2024 අප්‍රේල් මාසයේ දී…

(0)Comments | May 21, 2024 4:06 pm

ශ්‍රී ලාංකිකයින්ගේ මූල්‍ය දැනුම හා මූල්‍ය ආකල්ප සතුටුදායකයි. මූල්‍ය හැසිරීම පසුගාමීයි – මහ බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා පසුබිම හඳුනාගැනීම සහ නිර්ණය කිරීම අරමුණු කරගනිමින් 2021 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව, ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව සමඟ එක්ව මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ ප්‍රථම වරට ජාතික මට්ටමේ මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයක් පවත්වා ඇත. ඒ සඳහා යොදා ගෙන ඇති ගෘහ ඒකක ගණන 4,800කි. මූල්‍ය සාක්ෂරතා සමීක්ෂණයේ ප්‍රතිඵල…

(0)Comments | May 21, 2024 3:53 pm

2024 අප්‍රේල් මාසයේ දී ඩොලර් මිලියන 1,114 ක අපනයන ආදායමක්

2024 අප්‍රේල් මාසයේ අපනයන කාර්ය සාධනය 2024 අප්‍රේල් මාසය සඳහා වූ මුළු අපනයන (වෙළඳ භාණ්ඩ සහ සේවා) 2023 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 1.25 % කින් ඉහළ ගිය අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,114.22 ක් ලෙස වාර්තා විය. ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය…

(0)Comments | May 21, 2024 2:06 pm