Top News

ඇමරිකාවට ලක්සලක්

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට “ලක්සල” අළෙවි ප්‍රදර්ශනාගාරයක් ඇමරිකා එක්සත් ජනපදයේ විවෘත කිරීම සඳහා වූ ව්‍යාපාරික ගිවිසුම අත්සන් තබයි. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ. අතිගරු ජනාධිපතිතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් “ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්” ගොඩනැගීමේ සංකල්පයට ශක්තිය සපයමින් දේශීය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම විදේශීය…

(0)Comments | August 26, 2021 6:59 pm

ඉතිහාසයේ ඉහළම තැනට කොටස් වෙළෙඳපොළ පැමිණෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද (26) දින වාර්තා විය. ඒ අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920.71 ක් ලෙසින් සටහන් වීමත් සමඟිනි. මීට පෙර 2021 ජනවාරි 27 දින ‌සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය වාර්තා වූ අතර එදින එය දැක්වුණේ ඒකක 8,812.01 ක් ලෙසයි….

(0)Comments | August 26, 2021 3:08 pm

විදේශගත වන්නන් සදහා කොවිඩ්-19 එන්නත් සහතිකය Online මාර්ගයෙන්

විදෙස් ගත වීමට අපේක්‍ෂා කරණ  සාමාන්‍ය ජනතාව  සඳහා කොවිඩ් -19 එන්නත් ලබාගත්බවට සහතිකයක් මාර්ගගතව online ලබාගැනීමට අගෝස්තු 25 දින සිට පහසුකම් සැලසෙනබව  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය ප්‍රකාශකරයි.  සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගයෙන් මෙය ක්‍රියාත්මක කෙරේ. මෙම එන්නත් සහතිකයේ  විද්‍යුත්  පිටපතක් ලබා ගැනීම සඳහා  https://covid-19.health.gov.lk/certificate/ අන්තර්ජාල ද්වාරය වෙත පිවිසිය යුතුවේ.  මාර්‍ගගත ද්වාරය…

(0)Comments | August 26, 2021 1:01 pm

මහ බැංකුවෙන් සියලු බැංකුවලට නියෝගයක්. විදෙස් මුදල් තැන්පතු ගිණුම්වලට ගෙවන උපරිම පොළියට සීමාවක්

2021 අගෝස්තු 24 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර ඇත. මෙම නව නීතිය සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ…

(0)Comments | August 26, 2021 10:44 am

නෙදර්ලන්ත – ශ්‍රී ලංකා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ක්ෂේත්‍රයන් කිහිපයක් තවදුරටත් ගවේෂණයට අවධානය

නෙදර්ලන්ත තානාපතිවරිය හමුවූ විදේශ අමාත්‍යවරයා නෙදර්ලන්තය සමඟ ශ්‍රී ලංකාවේ පවතින දිගු කාලීන සබඳතා අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රිජ්ප් මහත්මිය අගෝස්තු 25 වැනි බදාදා කොළඹ විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවූවාය. මෙම සුහද හමුව ආරම්භයේ දීම තානාපති ගොන්ග්‍රිජ්ප් මහත්මිය විදේශ අමාත්‍ය පීරිස් මහතා ට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමුවාය….

(0)Comments | August 26, 2021 10:28 am

Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Suites’ සහ ‘The Offices’ ඉදිකිරීම් අවසන් කර භාරදෙයි

John Keells Properties සමාගම ඉදිකර ඇති සුවිශේෂී ව්‍යාපෘතියක් වන Cinnamon Life ව්‍යාපෘතියේ නේවාසික කුලුන වන ‘The Suites’ සහ සහ කාර්යාලයීය කුලුන වන ‘The Offices’  හි  ඉදිකිරීම් මේ වනවිට අවසන් වී ඇත. ඒ අනුව, සුඛෝපභෝගී නිවාස ඒකක 196 කින් සමන්විත එම නේවාසික කුලුන සහ මහල් 30 කින් යුත් කාර්යාලයීය කුලුන, ඉදිකිරීම් කටයුතු සිදුකරන HKN සමාගමේ (Hyundai,…

(0)Comments | August 25, 2021 10:41 pm

එමිරේට්ස් කොළඹ – මාලේ ගුවන් ගමන් සැප්තැම්බර් 01 සිට යළිත්

කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් යළිත් සැප්තැම්බර් 01 වනදා සිට ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සමාගම නිවේදනය කර ඇත. මෙහිදී, ඩුබායි සිට මාලේ දක්වා දිනපතා ක‍්‍රියාත්මක වන EK652 ගුවන් සේවය කොළඹ දක්වා දීර්ග කරන බවත් ආපසු යන EK653 ගුවන් සේවය කොළඹ සිට මාලේ හරහා ඩුබායි දක්වා ක‍්‍රියාත්මක කරන බවත් සමාගම සඳහන් කරයි. මේ අනුව,…

(0)Comments | August 25, 2021 3:33 pm

සණස සංවර්ධන බැංකුවේ 15%ක කොටස් අයිතිය LOLC හෝල්ඩිංග්ස් යටතට

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන සණස සංවර්ධන බැංකුවේ කොටස් හිමිකාරීත්වයෙන් 15%ක ප්‍රමාණයත් අත්පත් කරගැනීමට මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී කටයුතු කර තිබේ. LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී මෙම කොටස් අත්පත් කරගැනීම සිදුකර ඇත්තේ පසුගිය දා සණස සංවර්ධන බැංකුව විසින් දියත් කරන ලද ද්විතීයික මහජන කොටස් නිකුතුවට දායකත්වය ලබාදීම හරහා යි. LOLC සමූහයේ…

(0)Comments | August 25, 2021 10:26 am

විද්‍යුත් සංචරණ අනුමැතිය ඔස්සේ පැමිණෙන සංචාරකයින් සඳහා දින 180 ක් දක්වා එකවර සංචාරක වීසා

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘මාර්ගගත විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබා දීමේ පද්ධතිය (ETA)’ හරහා සංචාරක වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ‘ශ්‍රී ලංකා සංචාරක ජංගම යෙදවුම (Mobile App)’ සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා දින 180ක් දක්වා වලංගු වන සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කිරීම පිණිස 2021-01-04 දින පැවති…

(0)Comments | August 25, 2021 9:55 am

කොරියා – ශ්‍රී ලංකා නව සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන සඳහා අවධානය

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මහතා ඊයේ (2021 අගෝස්තු 24) දින නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. විදේශ අමාත්‍යවරයාගේ නව කාර්යභාරය පිළිබඳව සිය අවංක ප්‍රශංසාව පුද කළ තානාපති වුන්ජින් මහතා, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතුවල දී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා සිය රටේ…

(0)Comments | August 25, 2021 9:33 am