Top News

ගෝලීය ආධ්‍යාත්මික නායක ‘ගුරුදේව්’ ඇතුළු පිරිස මෙරට සංචාරයට ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරා ගනී

ආධ්‍යාත්මික නායක සහ ‘Art of Living’ පදනමේ නිර්මාතෘ ගුරුදේව් ශ්‍රී ශ්‍රී රවී ශංකර්තුමන් සහ ඔහුගේ  බැතිමතුන් 160 දෙනෙක් සිය ශ්‍රී ලංකා සංචාරය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගත්හ. ලාභ අරමුණු කර නොගත් ලොව විශාලතම ස්වේච්ඡා සංවිධානයක් වන Art of Living පදනම කලක පටන් ශ්‍රී ලංකාවේ සමාජය ආතතියෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර, නිරෝගී හා තෘප්තිමත් සමාජයක් බවට පත්…

(0)Comments | May 20, 2024 11:14 am

ජනපති සහ ඉන්දුනීසියානු සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයා අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් ඊයේ (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේදී පැවැත්විණි. ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ…

(0)Comments | May 20, 2024 10:55 am

නවීන තාක්ෂණය සමඟ නවීන කෘෂිකර්මාන්තයට සූදානම් පෞද්ගලික ව්‍යවසායකයින්ට රජයේ පූර්ණ සහාය ලබා දෙනවා

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ මෙම වසරේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක ක්‍රියාත්මක කරනවා. මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් – කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිකර ඇති හරිතාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ජනපති පවසයි. කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන…

(0)Comments | May 17, 2024 6:00 pm

ක්‍රමෝපාය වැඩපිළිවෙළක් මගින් උසස් කාර්යසාධනයක් ළඟා කර ගැනීමට 2024 පළමු කාර්තුවේ දී NDB බැංකුව සමත්වෙයි

NDB බැංකුව, ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත බැංකු අතර හතර වන බැංකුවයි. එය, 2024 මාර්තු 31න් අවසන් වන කාර්තුව සඳහා ධනාත්මක අයුරින් මනා කාර්යසාධනයක් සහිතව මෙම මූල්‍ය වර්ෂය ආරම්භ කළේය. අවම ආර්ථික ක්‍රියාකාරකම් හේතුවෙන් ණය ඉල්ලුම සාපේක්ෂව අවම මට්ටමක පැවති හේතුවෙන් බැංකුව අඛණ්ඩවම අභියෝග වලට මුහුණ දුන් බවට NDB බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කැළුම් එදිරිසිංහ…

(0)Comments | May 17, 2024 2:34 pm

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ලබා දෙන පොලී අනුපාතය ඉහළ නැංවීම පිිළිබඳ කඩිනමින් සොයා වාර්තාවක් සකස් කිරීම සඳහා පත් කළ කමිටුව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ දී රැස් වෙයි. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ පොලී අනුපාතය පවතින ආර්ථික තත්ත්වය අනුව කොතරම් ඉහළ දැමිය හැකියදැයි සොයා බලා ඊට අනුව කටයුතු කරන ලෙසයි….

(0)Comments | May 17, 2024 12:26 pm

නොමිලේ දෙන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීමට අවධානය

වෙළඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීය. මෙම රැස්වීම සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු…

(0)Comments | May 17, 2024 11:42 am

‘ෆොන්ටෙරා ශ්‍රී ලංකා‘ ගැන තීරණයක්

ගෝලීය සමාගමක් වන Fonterra Co-operative Group Ltd විසින් සිය උපාය මාර්ගික දිශානතියේ පියවර වෙනසක් සිදුකිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර සිටී. එහි පියවරක් ලෙසින් Fonterra Co-operative Group Ltd සිය ගෝලීය පාරිභෝගික ව්‍යාපාර කිහිපයකින් පූර්ණ හෝ අර්ධ වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. එම ව්‍යාපාර අතරට සිය සමෝධානික ව්‍යාපාර වන Fonterra Oceania සහ Fonterra Sri…

(0)Comments | May 16, 2024 3:33 pm

1990 සුව සැරිය ගිලන්රථ දෙකකට කොටස් වෙළෙඳපොළේ අනුග්‍රාහකත්වය

හදිසි සෞඛ්‍ය සේවා සඳහා වන ප්‍රවේශය ඉහළ නැංවීම තහවුරු කරමින්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතියට සහාය දැක්වීමේ අරමුණින් යුතුව, කොළඹ කොටස් හුවමාරුව විසින් 1990 සුව සැරිය පදනම වෙනුවෙන් ගිලන්රථ දෙකක අනුග්‍රාහකත්වය ලබා ගන්නා ලදී. ඒ 1990 සුවසැරිය පදනමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය විසින් ආරම්භ කරන ලද ‘සුව සැරියට අපෙන් සවියක්’ වැඩසටහනට සහයෝගය දැක්වීමක් වශයෙනි. 2024…

(0)Comments | May 16, 2024 3:32 pm

ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට SriLankan Cargo හා CargoAi එක්වෙයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා අංශය වන ‘ශ්‍රීලංකන් කාගෝ’ (SriLankan Cargo), ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල් පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන CargoAi සමඟ එක්ව ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් වෙන්කරවා ගැනීම් සහ ගෙවීම් ක්‍රියාවලීන් සරල කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය (SriLankan Cargo), CargoAi ඩිජිටල් පද්ධතිය හා ඒකාබද්ධ කිරීම මඟින්…

(0)Comments | May 16, 2024 3:26 pm

තොග වෙළෙඳුන්ගේ ගබඩා පරීක්ෂා කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට බලයක් නැහැ – කෝප් කමිටුවේ දී හෙළිවෙයි

වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාරිභෝගික සේවා අධිකාරියට පසුගියදා දැනුම් දෙන ලදී. පාරිභෝගික ‍කටුයුතු පිළිබඳ අධිකාරියේ 2021 සහ 2022 මුදල් වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සදහා පොදු ව්‍යාපාර…

(0)Comments | May 16, 2024 11:21 am