Top News

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීමේ කාලයේ වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම සඳහා මෙතෙක් අනුගමනය කරන ලද T+3 ක්‍රමවේදය එළඹෙන ජූනි 10 වන දින සිට සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ T+3 ක්‍රමවේදය, ජූනි 10 වන දින සිට T+2 දක්වා සංශෝධනය කෙරෙන බවයි. T+3 යනු යම්…

(0)Comments | May 16, 2024 11:04 am

2024 මුල් කාර්තුවේ දී විදුලිබල මණ්ඩලයට බිලියන 84ක ශුද්ධ ලාභයක්

ලංකා විදුලිබල මණ්ඩලය 2024 පළමු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති බව වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නවතම මූල්‍ය ප්‍රකාශ මේ බව අනාවරණය කර සිටින අතර 2023 පළමු කාර්තුව තුළ දී රු. බිලියන 34.37 ක අලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙලෙස පසුගිය කාර්තුව දැවැන්ත ලාභදායීත්වයක් වාර්තා කිරීම විශේෂත්වයකි. මෙම කාර්තුව…

(0)Comments | May 16, 2024 10:37 am

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් දැනුම් දීමක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කර සිටී. මහජනතාව වෙත දැනුම් දීමක් සිදුකරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ බව සඳහන්…

(0)Comments | May 15, 2024 2:22 pm

ආයුධ නිෂ්පාදනයට ඉන්දියාව සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාව තුළ සුළු අවි (Small arms) නිෂ්පාදන ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා ඉන්දියාව සමඟ මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. “ඉන්දියානු ආයුධ නිෂ්පාදන කර්මාන්තය පසුගිය දශක දෙකක කාලය තුළ දී විශාල වර්ධනයක් අත්පත් කර…

(0)Comments | May 15, 2024 2:02 pm

ඩොලරය යළිත් 300 සීමාවට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (15) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල යළිත් වරක් රු. 300 සීමාවට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය. එහිදී ඩොලරයේ මිල වාර්තා වී තිබුණේ රු. 300.83 ක් ලෙසිනි. 2024 අප්‍රේල් 24 දිනෙන් පසු ඩොලරයේ මිල රු. 300 සීමාවට පැමිණි පළමු අවස්ථාව…

(0)Comments | May 15, 2024 11:54 am

මුදල් කාරක සභාවේ ඔන්ලයින් වීසා සාකච්ඡාවට මහජන ආරක්ෂක, ආගමන විගමන නිලධාරීන් ඇවිත් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ…

(0)Comments | May 15, 2024 11:38 am

ලංකාවේ දැඩිගම එංගලන්තයේ පෞරාණික හෝටලයක් මිල දී ගනී

Lavendish Leisure සමාගම විසින් එක්සත් රාජධානියේ ඓතිහාසික වැදගත්කමකින් යුත් බුටික් හෝටලයක් මිල දී ගෙන තිබේ. Lavendish Leisure යනු මෙරට මුල්‍ය සේවා, ස්වර්ණාභරණ, මැණික් හා ස්වර්ණාභරණ අපනයන, දේපළ වෙළඳාම් සහ වැවිලි ක්ෂේත්‍රවල නිරත සමාගම් සමූහයක් වන දැඩිගම සමූහ ව්‍යාපාරයට අයත් අනුබද්ධිත සමාගමකි. එක්සත් රාජධානියේ Derby හි පිහිටි Cathedral Quarter Hotel නම් මෙම බුටික් හෝටලය නිදන කාමර…

(0)Comments | May 15, 2024 8:27 am

එමිරේට්ස් සමූහය 2023-24 සඳහා වාර්තාගත ප්‍රතිඵල නිවේදනය කරයි

2023-24 මූල්‍ය වසර සඳහා එමිරේට්ස් සමූහය වාර්තාගත ලාභ, ආදායම් සහ මුදල් ශේෂ මට්ටම් වාර්තා කර ඇත. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 18.7 ක (ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක) ලාභයක් වාර්තා කර ඇති අතර පසුගිය වසරේ ඩිරාම් බිලියන 10.9 (ඇමරිකානු ඩොලර් බිලියන 3.0) ලාභය හා සසඳන විට එය 71%ක…

(0)Comments | May 14, 2024 4:41 pm

පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රටට අවශ්‍යයි

කෘෂි කර්මාන්තයට අදාළ ආයතන අතර ඇති බාධක නව නීතියකින් ඉවත් කරනවා. නව තාක්ෂණික කළමනාකරණය වැවිලි ක්ෂේත්‍රයට හඳුන්වා දෙනවා. කෘෂි අපනයන ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය නීති කෙටුම්පත් කැබිනට් මණ්ඩලය අනුමත කළා – ජනපති. පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

(0)Comments | May 14, 2024 4:28 pm

ශ්‍රී ලංකාවේ අපනයන නංවාලීම සඳහා මහජන බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය නව තලයකට ගෙනයාමේ කැපී පෙනෙන පියවරක් තැබීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ මහජන බැංකුව උපායමාර්ගික හවුල්කාරීත්වයකට එළැඹීම පිණිස අවබෝධතා ගිවිසුමක් (MOU) අත්සන් කිරීම අද (මැයි 14) දින සිදුවිය. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ,ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා, මහජන බැංකුවේ ප්‍රධාන විධායක…

(0)Comments | May 14, 2024 2:25 pm