Top News

ඩොලර්වලින් ‌ගෙවීමේ දී අයකරන ක්‍රෙඩිට් කාඩ් ගාස්තු ඉහළට

රු. 202 ඩොලරයට ක්‍රෙඩිට් කාඩ් පතින් රු. 220 ක් ගෙවන්න වෙන හේතුව මෙන්න. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයක සිටින බව රහසක් නොවේ. මේ හේතුවෙන් ඒක්සත් ජනපද ඩොලරයට පමණක් නොව අනෙකුත් විදේශ විනිමය හමුවේ පවා ශ්‍රී ලංකා රුපියල සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතින බව අප සියලු දෙනා දන්නා කරුණකි. පවතින තත්ත්වය මත ඇමරිකානු…

(0)Comments | August 20, 2021 10:29 am

රටවල් 27 ක සංචාරක කර්මාන්තයේ ප්‍රවීණයන් 100 කගේ සහභාගීත්වයෙන් සංචාරක ප්‍රවර්ධන සැසියක්

ගෝලීය වශයෙන් පිළිගත් විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව, වැඩි දියුණු කළ කලාපීය සහයෝගීතාව තුළින් කලාපීය හා දේශීය සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීම සඳහා පෙරමුණ ගනී සංචාරක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ එක්ව, 2021 අගෝස්තු 17 වෙනිදා ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර (CICA) පිළිබඳ සමුළුවේ සාමාජික රටවල්…

(0)Comments | August 20, 2021 9:45 am

ඉතාලි, තුර්කි සහ නෝර්වේජියානු තානාපතිවරුන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හමුවෙයි

නෝර්වේ, තුර්කිය සහ ඉතාලිය යන රටවල තානාපතිවරියෝ ඊයේ (19) මුදල් අමාත්‍යාංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වූහ. අන්‍යෝන්‍ය සුහදතාව තහවුරු කර ද්වීපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගනිමින් ඉදිරියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු විය. මෙරට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති වැඩසටහන සඳහා පූර්ණ සහය පළ කරන බව නෝවේජියානු තානාපතිනී Trine Jøranli…

(0)Comments | August 20, 2021 12:34 am

පුද්ගලික ක්‍රෙඩිට් කාඩ්වලින් බිස්නස් කරන්න බැහැ – මහ බැංකුව

වාණිජ බැංකු විසින් පුද්ගලික පරිහරණය සඳහා නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ්පත් ව්‍යාපාරික අරමුණ සඳහා භාවිත කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (19) පැවති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මහත්මිය මේ බව සඳහන් කළාය. “මේක මේ දවස් කිහිපයේම…

(0)Comments | August 19, 2021 2:23 pm

ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව මහ බැංකුව කියයි

2020 වසර තුළ දී පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා ආර්ථිකය රාජ්‍ය මූල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ සමබන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව,…

(0)Comments | August 19, 2021 9:52 am

මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කරයි. පොළී අනුපාතික ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 අගෝස්තු මස 18 වැනි දින පැවති රැස්වීමේදී  ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, සියයට 5.00 සහ සියයට 6.00 දක්වා ඉහළ නැංවීමට තීරණය කළේය. මීට අමතරව,  බලපත්‍රලාභී වාණිජ බැංකු වෙතැති සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා…

(0)Comments | August 19, 2021 8:58 am

DVP ගැන කොටස් ‌වෙළෙඳපොළ මෙසේ කියයි

දශක ගණනාවක කාල පරාසය තුළ කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ගනුදෙනු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ අර්ථාන්විත වෙනසක් ලෙස “ගෙවීමට එරෙහිව පැවරීමේ පදනම” (DVP) දියත් කිරීම දැක්විය හැකිය. 2021 අගෝස්තු 16 වන දින නියමිත පරිදි කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් ගෙවීමට එරෙහිව පැවරීමේ (DVP) සමථ  කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලදී. තැරැව්කරුවන්ගේ ගනුදෙනු පද්ධති සම්බන්ධව මාස 7…

(0)Comments | August 19, 2021 8:54 am

රටවල් 12ක Ceylon Tea Shops ප්‍රවර්ධනයට රජයේ අවධානය

2015 වර්ෂයේ අයවැය යෝජනාවක් අනුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කර ඇති ශ්‍රී ලාංකිකයින්ට අයත් සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවර්ධන වියදමින් 50%ක ගැලපුම් ප්‍රදානයක් ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. එම වැඩසටහන යටතේ 2015/2016 කාලසීමාව තුළ සමාගම් 20ක් සහ 2018/2019 කාලසීමාව තුළ සමාගම් 18ක් ප්‍රතිලාභ ලබා ඇත. වඩාත්…

(0)Comments | August 18, 2021 3:38 pm

ජෝන් කීල්ස්, CTC අභිබවමින් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලම ලැයිස්තුගත සමාගමට බවට පත්වෙයි

පසුගිය කාලය තුළ දී ආයෝජකයින්ගේ ඉහළ උනන්දුවට පාත්‍ර වූ සමාගමක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඒල්සී, කොළඹ කොටස් ‌වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් දෙවැනි විශාලතම සමාගම බවට අද (18) දින පත් විය. ඒ් අද දිනයේ දී ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් කොටසක ගනුදෙනු මිල රු. 99.60 ක් ‌වශයෙන් වාර්තා වීමත් සමඟම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 194.70 ක් දක්වා ඉහළ යාමත්…

(0)Comments | August 18, 2021 3:28 pm

බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 50 ක් මේ සතියේ දී ශ්‍රී ලංකාවට

විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා බංග්ලාදේශය දරන උත්සාහයේ කොටසක් ලෙස Bangladesh Bank විසින් ඒක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක මුදලක් මෙම සතිය තුළ දී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය. බංග්ලාදේශ මාධ්‍ය විසින් මේ බව වාර්තා කරමින් පවසන්නේ මෙය බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ණයක් ලබා දෙන පළමු අවස්ථාව බවයි. ඒ සඳහා ගිවිසුම…

(0)Comments | August 18, 2021 1:44 pm