Top News

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධිතාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට චීනය වුහාන් විශ්වවිද්‍යාලයේ සහාය

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්‍ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා චීනය සහය ලබා දීමට එකඟතාව පල කර තිබේ. මෙම එකඟතාව පල වී ඇත්තේ ඉකුත් 19 වනදා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදීය. වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට අනුව,…

(0)Comments | July 22, 2021 9:39 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය තවදුරටත් සීනෝෆාර්ම් එන්නත් රැගෙන එයි

ශ්‍රී ලංකාවේ කොඩිඩ් මර්ධන එන්නත් කිරීමේ ක්‍රියාවලිය යටතේ සීනෝෆාම් එන්නත් මාත්‍රා තොගයක් රැගත් විශේෂ ශ්‍රීලංකන් ගුවන් යානා දෙකක් අද (22) චීනයේ බීජිං නගරයේ සිට කොළඹට පියාසර කරනු ලැබීය. ඒ අනුව මෙම ජාතික ක්‍රියාවලියට අඛණ්ඩව සහයෝග ලබා දීමට හැකි වීම පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉමහත් ආඩම්භරයට පත්වේ.

(0)Comments | July 22, 2021 12:55 pm

කොවිඩ් 19 කල්තබා හඳුනාගැනීම සඳහා ඇමරිකාව RDT කට්ටල 500,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

ඒක්සත් ජනපදය, කොවිඩ් 19ට ඒරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහාය දීමේ ‌පොරොන්දුවෙහි කොටසක් ලෙස කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests – RDTs) 500,000 ක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 300 ක් වටිනා (ඇ.ඩො. මිලියන 1.5) මෙම පරීක්ෂණ කට්ටල, ඒක්සත් ජනපද රජයේ සංවර්ධන ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඒක්සත් ජනපද…

(0)Comments | July 22, 2021 10:19 am

කල්පිටියට Water Villas 50 ක සුඛෝපභෝගී සංචාරක නිකේතනයක්

ගෝලීය සංචාරක කර්මාන්ත‍යේ ඉහළ පෙලේ ජාත්‍යන්තර සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ නිරත ඇතැම් රටවල් විසින් ජල බංගලා සංකල්පය (Water Villas) හඳුන්වා දී ඇත. කල්පිටිය සහ අනෙකුත් වෙරළබඩ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා ජල සංචාරක නිවාස සහ ජල බංගලා සංකල්පය භාවිත කළ හැකි බව පෙනී ගොස් තිබේ. දූපත් නිකේතන සංකල්පය ප්‍රවර්ධනය කරමින් කල්පිටිය…

(0)Comments | July 21, 2021 2:43 pm

රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විද්‍යාත්මක හා කළමනාකරණ දැනුම සහ කුසලතා හුවමාරු කර ගැනීමේ අරමුණින් යුතුව, රුහුණ විශ්වවිද්‍යාලය සහ ඊශ්‍රායලයේ ගැලීලි ජාත්‍යන්තර කළමනාකරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාවකට එළඹ ඇත. ඒ අනුව, දෙපාර්ශ්වය අතර අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

(0)Comments | July 21, 2021 2:38 pm

JAT Holdings මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සහිතව අවසන් වෙයි

JAT Holdings මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කරයි. කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු මුදල රු. බිලියන 2.2 කි. සමාගමේ පර්යේෂණ…

(0)Comments | July 21, 2021 2:22 pm

ප්‍රධාන පෙළේ බැංකු දෙකකට මහ බැංකුවෙන් දඩ

මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2021 දෙවන කාර්තුව තුළදී මූල්‍ය ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ.  මූල්‍ය ආයතනයක්  විසින් සිදුකරන…

(0)Comments | July 21, 2021 12:18 pm

ජැට් හෝල්ඩින්ග්ස් මූලික මහජන නිකුතුවට පළමු දිනයේම අධි දායකත්වයක්

2021 ජූලි 20 දින ආරම්භ කරන ලද මූලික මහජන නිකුත් කිර්‍රිම මහජන දායකත්වය හා විකුනුම් අර්පණය යන දෙයාකාරයෙන්ම ජැට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ 82,904,846 පමණ වූ ඡන්ද හිමි සාමාන්‍ය කොටස්  සඳහා එය ආරම්භ කළ පළමු දිනයේම අධි දායකත්වයක් ලබා ගන්නා ලදී. සමාගම විසින් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 55,814,700ක් කොටසකට රු.27 බැගින් මහජන දායකත්වය  (Offer for…

(0)Comments | July 21, 2021 9:29 am

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිණිස ඕමානයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වන කලාපීය සහයෝගීතා අමාත්‍යාංශයේ වරම අනුව, 2021 ජූලි 14 වැනි දින ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතථ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා කොළඹ වරාය නගරය සහ…

(0)Comments | July 20, 2021 8:22 am

JAT Holdings මූලික කොටස් නිකුතුව මේ සතියේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන JAT Holdings සමාගමේ මූලික කොටස් නිකුතුව මෙම සතියේ ආරම්භ වේ. බොහෝ දෙනෙකු තුළ විශාල උනන්දුවක් ඇතිකළ මෙම කොටස් නිකුතුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාම එකතුවක් හිමි සමාගමක ආයෝජනය කරමින් ප්‍රතිලාභ රාශියක් හිමිකරගැනීම සඳහා ආයෝජකයන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. අභියෝග වලට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව සහිත, වර්ධනය ඉලක්ක කරගත් සමාගමක්…

(0)Comments | July 19, 2021 3:29 pm